අටෝරාසියක් කරුණු අතරින්
පහුගිය සතියට මට ඕන වෙච්ච
දැනුම අතරේ බෞද්ධ දර්ශනය, වෛද්‍ය විද්‍යාව, කිතුල් පැණි, SSD card එක මාරු කරන
හැටි, මෝටර් රථයේ සුළු දෝෂයක් හදාගන්න හැටි තිබුණා. ඕවා ඔක්කොම මතකයේ දරාගෙන ජීවත්වෙන්න, සමහර ඒවා කටපාඩමින් දැනගැනීම වැඩක් නැහැ. පොතක් බැලුවත් ඔය ප්‍රශ්නවලට උත්තර
හොයන්න පුස්තකාලයක් මදි. ඔයවගේ
ප්‍රශ්න ගොඩක් විසඳන්න දැනුම හොයන එක දැන් සරල
වැඩක්. මම AI යුගයකට කැමති දැනුම කියන සංකල්පය AI ට බාරදීලා විචාර
බුද්ධිය මිනිහට ඉතුරුවෙයි කියලා හිතෙන හින්ද.
මොලේ
තියන දැනුම් මතක ගබඩාව දැන් එළියේ. පොතක් නම් යම් වගකීමක් තියනවා. අන්තර්ජාල ගබඩාවේ මිථ්‍යාව වපුරලා තියෙන්නේ. නීති දාලා නීති හදලා මේක නවත්තන්න පුලුවනිද කියල මම දන්නේ නැහැ.
නමුත් මිනිහා විචාර බුද්ධිය ඉතුරු කරගත්තොත් මේ කියන බොරුවෙන්
ගැලවෙන්න පුළුවන්. ඔය විචාර බුද්ධිය
කියන දේ මම වගේ
සිල්ලර මිනිහෙකුටත් වර්ධනය කරගන්න ලෙහෙසියි. හෙන සිරා සංකල්පයක් නෙමෙයි.විචාර බුද්ධිය තිබ්බටම බැහැනේ. Facts & figures
හොයන්නත් ඕනෙනේ. ඔන්න ඔතනදි තමයි අනාගතයේ AI උදව්වෙන්නේ.
AI කියනදේ
මම විශ්වාසයට ගන්නේ නැහැ. මැදහත්ව කරුණු හොයල තීරණයක් ගන්න පුළුවනි.
සෙනසුරාදා
ඉරිදා අලස සුවයෙන් ගෙදර ඉන්නකොට මට හිතුනා
අපි අතර පැතිරිලා තියන මතවාද එක්ක
ටිකක් ගැටෙන්න. ඔය මත එක්ක
ගැටුනා කියලා මට
ලැබෙන දෙයක් නම් නැහැ. අනික් අතට මම ගත්ත උදාහරණ
වලින් ඒවා ගැන තිබ්බ මතය බොරුය කියලා ඔප්පු කරගන්න බැහැ හැබැයි
ජනප්‍රිය, ඔළුවලට කාවද්දල
තියන මත ගැන කුකුසක්
ඇතිකරනවා. අනාගතයේ ඔහොම දෙයක් පැතිරුනොත් විසඳන්න ක්‍රමයක් සකස්වෙනවා.AI යුගයක වුනත් හංසයා දියෙන් කිරි වෙන්කරනවා වගේ කරගන්න පුළුවනි.
ජලය
2013 දී ගම්පහ
දිස්ත්‍රික්කයට අයත් රතුපස්වල මරණ 3 කින් කෙලවර වුන ඛේදවාචකයක් වුනා.මුලික වුනේ රතුපස්වල පිහිටලා තිබුන අත්වැසුම් හදන කම්හලකින් මුදාහරින ජලය නිසා ප්‍රදේශයේ ජල දුෂණයක් සිදුවෙනවා
කියල පැතිර ගිය මතයක්. මේ මතය හරිද
වැරදිද කියලා තර්කනුකුලව හොයන එක හරි ලේසියි.
නමුත් ඒ සිද්ධීන් හරියටම
වුනේ නැහැ. මිනිස්සු හැසිරුනේ වෙනස් විදිහකට.බලධාරීන් කඩිනමින් මේ මතය හරිද
වැරදිද කියන එක බලන්න පියවර
ගත්තෙත් නැහැ . ගම්මු හිටියේ කම්හල නිසාම ජලය ඇසිඩ් වුනා කියන මතයේ. බලධාරීන් (රජය කම්හල සහ නිලධාරින්) හිටියේ
එහෙම නෙවෙයි වගේ මතයක . අදහස් දෙක ධ්‍රැවීය අන්ත දෙකකට ගියා. ගම්මු අතර මතයක් හැදුනා (හෝ හැදුවා) බලපුළුවන්කාර
කම්හල් සහ ධනපතීන් ආණ්ඩුව
නටවනවා කියල. අන්තිමට නුවර පාර අවහිරකරලා ලොකු උද්ගෝෂණයක්.කෙළවර මරණ. කම්හල ගලවලා ගියා. ගම්මු සමහරකට රස්සාව නැතිව ගියා. මරණ ටික දවසක් විකුණගෙන දේශපාලනය කරගෙන ගිය පිරිස විසිරුණා. නඩුවක් ගියා ඒකෙ තීන්දුව හොයලා බලන්න. තීන්දුව දුන්නේ 2024.
රතුපස්වල
කියන නම ඇහෙනකොටම එහි
පාංශු පිළිබඳව අදහසක් අත්වෙනවා. ජල පරීක්ෂණ කරා,
කම්හලෙන් ඉවතට දමන වතුරේ pH අගය
මැන්න අවට
ප්‍රදේශයේ ජල සාම්පල
pH අගය මැන්න . කම්හලට ඈතින් තියන ප්‍රදේශවලත් pH අගය
මැන්න. අවුරුදු දහයකට පස්සේ නැවත පරීක්ෂණයක් කරා. පරීක්ෂණ වාර්තා තියනවා.
ඒවායේ
කියවෙන දේ සාරාංශ ගතව
මෙහෙමයි.
1.2013–2015 නිරීක්ෂණයෙන්
හෙළි වූයේ අසල ඇති ප්‍රජා ළිංවල 3.6–5.9 සහ කර්මාන්තශාලා ළිං
තුළ 5.2–6.8 අතර ළිංවල pH මට්ටම් ඇති බවයි (රත්නායක සහ වෙනත් අය,
2016).
2. 2018 අධ්‍යයනයකින්
හෙළි වූයේ සමහර ළිං රසායනිකව ආරක්ෂිත පරාසයන් තුළ තිබියදී පවා බිය පවතින බවයි, එය මාධ්‍ය සහ
සමාජ හිතළු මහජන විශ්වාසයට ඇති බලපෑම පෙන්නුම් කරනවා. (බුලත්සිංහල සහ තෝරදෙණිය, 2018).
3.2024 භූ
විද්‍යාත්මක අධ්‍යයනයෙන් ඉස්මතු කළේ ස්වාභාවික භූ විද්‍යාත්මක සාධක,
විශේෂයෙන් ලැටරයිට් සහ පීට් ජලධර,
රතුපස්වල භූගත ජලයේ අඩු pH අගයට දැඩි ලෙස බලපාන අතර, කාර්මික අපජලය සමහර ප්‍රාදේශීය ප්‍රදේශවල දායක වී තිබිය හැකි
බවයි (පතිරගේ සහ වෙනත් අය,
2024).
Bulathsinhala, A., & Thoradeniya, R. (2018). Post
‘Rathupaswala’ Issue: Neighbouring Community Perceptions of Groundwater.
Engineer: Journal of the Institution of Engineers, Sri Lanka. PDF
Pathirage, I., Rajapaksha, M., Bandara, D., & Fernando,
S. (2024). Geogenic Pollution of Groundwater Quality in Gampaha District: A
Case Study of Groundwater Acidification from Rathupaswala. International
Journal of Geosciences. PDF
සතුට
ලෝකයේ
සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්නේ පින්ලන්තයේ කියලා කියනවා. මේ වගේ news
එකක් දැකපු වෙලේ ඉඳලා ලංකාවේ මිනිස්සු හුල්ලනවා
//අනේ ඒ
රටේ මිනිස්සු කොච්චර වාසනාවන්තද? අපේ රට කෑවේ දේශපාලුවෝ
//වගේ කතා කියකියා.
වැඩිදෙනෙක්
හොයන්නේ නැහැ සතුට මනින විදිහ. අදායම නම් මනින්න පුළුවන්.
The World Happiness Report , published by the UN Sustainable Development Solutions Network.
මේකෙදි
අහන ප්රශ්නය Cantril Ladder කියලා හඳුන්වන්නේ.
ප්රශ්නය
තමයි ""0 (හැකි තරම් නරක ජීවිතය) සිට 10 (හැකි තරම් හොඳ ජීවිතය) දක්වා ඉණිමඟක් (Ladder) සිතන්න. අද ඔබ පෞද්ගලිකව
සිටින්නේ කුමන පියවරකද?""
(worldhappiness.report/methodology)
සෑම
රටකම අවම වශයෙන් 1000 නියැදියක් ලබාගන්නවා. ඒක අරගෙන rank
කරනවා.
Rank කරන්න
ඍජුවම අදාළ කරගන්නේ නැතිවුනත් අතුරු ප්‍රශ්ණ ටිකකුත් අහනවා. මේ ඔක්කොම සමාජීය
සෞඛ්‍ය ප්‍රශ්ණ.
ඔය
ප්‍රශ්නයට ලැබෙන උත්තරය සංස්කෘතික ලෙස වෙනස් වෙනවා. ෆින්ලන්ත වැසියෙක් I am fine /
Good day වගේ
වචන නිතර කිව්වත් ලාංකිකයෝ ඔහේ ඉන්නවා / වරදක් නැහැ කියලා තමයි කොහොමද කියලා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නේ.
අනිත් ප්‍රශ්න
අතර තියනවා charity සහ volunteering ගැනත්
ලංකාවේ හැමෝම දාන මාන කරනවා. පින් බලාගෙන හරි. එහෙම නැතත් දුගී මගී යාචකයින්ට දෙනවා . ඒක charity කියලා
වාචිකව කියන්නේ නැහැ Volunteering කියන
එකත් එහෙමයි. ඒ සංකල්ප අපේ
වෙනස්.
බලපුවහම
මේ සමීක්ෂණයෙන් පුද්ගලයෙක් කොතරම් සතුටින් ඉන්නවද කියලා හිතා ගන්න බැහැ.
පින්ලන්තය
ගැන අපේ බ්ලොග් ප්‍රවීනයෙක් වෙන අජිත් ධර්මා ලිපි පෙළක් ලියනවා. සුන්දර රටක්. ටිකක් දරුණු ශීත ඍතුවක් තියෙන්නේ. දිවිනසගැනීම්
අනෙකුත් යුරෝපියන්ට වඩා වැඩයි. මානසික අවපිඩනයත් ඉහළයි මත්පැනට ඇබ්බැහිවීම අතින් ලෝකයේ ඉහලින් ඉන්නේ, මේ වගේ රටක
මිනිස්සු සතුටින්?
ඔය
වගේ ප්‍රශ්න වලට ලෝකයේ අනිත් රටවල ඉන්න හිතන අය සැකයක් ඇතිකරගන්න
නිසාම WHR එක ඒගොල්ලන්ගෙම පිටුවෙන්
උත්තරත් දෙනවා. මටනම් හිතෙන්නෙම මේ සතුටේ දර්ශකයේ
නම වෙනස් වෙන්න ඕනේ.
https://www.worldhappiness.report/faq/?utm_source
ඒක නිසා
මේ වගේ ප්රවෘත්ති වලට කලබල වෙලා තමන් ඉන්න රට ගැන අවතක්සේරුවක්
ඇතිකරගන්න එපා.තමන් ගැනම අවතක්සේරුවකින් ගමනක් යන්න බැහැ. පින්ලන්තය වගේ රටක දෙවෙනි පෙළ පුරවැසියෙක් වශයෙන් ඉහළ රැකියාවක් නොකරන කෙනෙකුට සතුටක් ලැබෙන්නේ නැහැ.
මේ
වගේ තව තව මිත්‍යාවන්
තියනවා ලෝක මට්ටමේ වගේම ලංකාවෙත්. සමහරවිට බොරු බව දැනගෙනම තමන්ගේ
මතවාදයට බොරුව අනියමින් රුකුලක් වෙන නිසාම සද්ද නැතුව ඉන්න පුළුවන්. ශ්‍රී ලංකන් ගුවන්
සමාගම Emirates සමාගම යටතේ
ලාභයක් ලැබුවා කියන ජනප්‍රිය මතයත් ඔයවගේම එකක් වගෙයි මට හිතෙන්නේ තව
කරුණු ටිකක් හොයලබලන්න ඕනේ.
ලංකාවේ උගත් දේශපාලකයෝ මිත්‍යාව හා බොරුව ගැන
දරන්නේ මෙහෙම අදහසක්.
"ඇත්ත
නම් පාර්ලිමේන්තුවේදී කියන්නෙ නෑ බොරු නම්
පාර්ලිමේන්තුවේ කියනවා" - ජනපති අනුර
''ඔබට
පූර්ණ අයිතිය තියෙනවා ඕනෑම ඇත්තකදි වුණත් එය බොරුවක් කියලා
කියන්න. ඕනෑම බොරුවකදි වුණත් ඒක ඇත්තක් කියන්න
අයිතිය ඔබට තිබෙනවා. ' පාර්ලිමේන්තු
මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි
ඔය කියන අයට ඕනේ දෙයක් කියාගන්න දෙන්න, අපි නිහඬවම චින්තනය ප්‍රගුණ කරමු.
( මේකේ
අලවලා තියන පින්තූර දෙකම
අපිව මුලා කරනවා හංසයෝ කිරි බොන්නේ නැහැ. WhatsApp සමූහ වල නිතර සංසරණය
වන බුදුබන ඇත්තටම බුද්ධ
වාක්‍ය කියලා කියන්න සාධකත් නැහැ.)