1980 මගේ
නෑදෑයෙක් වැඩවර්ජනයට අහුවුණා.උන්නැහේගේ වයස
එතකොටත් 40ක් වගේ
ඇති. පොඩි ළමයි තුන් දෙනෙක් ඉන්න තාත්තෙක්. බැරිම තැන එයා එයාගේ පුංච් මස්සිනා ඉන්න ප්‍රංශයට ඇතුළුවෙනවා. ජිවිතේ කරදර වුනත් තමාටම කියලා කොළඹට නුදුරින් ගෙයක් හදාගෙන දරුවන්ට කරදරයකින් තොරව කන්න බොන්න පුළුවන් මට්ටමින් ආර්ථිකව ස්ථාවර වෙනවා. එයා එහේ කරන්න
ඇත්තේ සුළු රැකියාවන්. ලංකාවේ නම් ගිණුම් ලිපිකරු විදිහට අමාත්‍යංශයක වැඩ කෙරුවේ. කොහොම හරි ලංකාවට යන්න එන්න මට්ටමට කොළයක් හදාගෙන පලවෙනි වරට ලංකාවට එන්නේ 90 දශකයේ මුල වගේ. අවාසනාවකට එතකොටත් අර පොඩි ළමයි
ලොකු වෙලා තමන්ගේම මාර්ග වල. නරකම වැඩ නොකලත් එක දුවක් අඩු
වයසින් දීගයකත් ගිහින්.
මෙවර
ශිත
ඍතුව උදා වෙනකොටම තමයි අපි පැරිසියට ඇතුළුවුනේ. මේක විශේෂයෙන් ශිත කාලයටම කරපු සංචාරයක්. නැත්නම් ඉතින් යුරෝපය හොඳ සරත් නැත්නම් වසන්ත කාලවලට.මෙවර අලුත් අවුරුදු උත්සව ආරක්ෂක හේතු මත අවලංගු කරලා
තිබුනේ. මගේ පුත්‍රයා නම් ඒ ගැන කණගාටුවෙන්.
නිව්යෝක් අවුරුදු උදාවට පමණක් දෙවෙනි වන පැරිස් අව්රුදු
උදාව බලන එක වැලකුනා.
සාමාන්‍යයෙන්
හිමපතනය අඩු නගරයක් වුනත් හීනියට හිම වැටෙන්ඩ පටන්
අරගෙන. පැරිසියේ හැම විදියකම තියන ගොඩනැගිලි කතාකරනවා. එගොලන්ටම කියන්න කතාවක් තියනවා. සාහිත්‍ය දර්ශනය චිත්‍ර කලාව දේශපාලනය මොනවද මේ විදී නොදැක්කේ.
පැරිසියට මිනිස්සු ප්‍රේම කරන්නේ ඒ නිසා. රයින්
ගඟත් මහා විශාල පල්ලිත් රජ මාළිගාත් ඇරුණුකොට
හැම විදියම මොකක් හරි ප්‍රතිමාවක්.
ප්‍රංශ විප්ලවය 1780 විතර ඇතිවෙන්නේ. පොත්වල තියෙන්නේ ප්‍රංශය නොයෙක් හේතු නිසා ආර්ථිකමය කඩාවැටීමකට ලක් වෙනවා කියල. පුජක පක්ෂය , රජතුමා ඇතුළු රදළ පාලක පක්ෂය සහ සෙසු පුරවැසියන් විදිහට තමයි ප්‍රංශ සමාජය ස්ථර තුනකින් සැකසෙන්නේ. සෙසු පුරවැසියන් කැරලි ගහනවා බඩගින්න නිසා. පැරිසියෙන් ටිකක් ඈතට වෙන්න තියන රාජ මාලිගාවට පෙළපාලි යනවා. රජ්ජුරුවන්ට පැරිසියට යන්න කියලා බලකරනවා. රජ්ජුරුවෝ පැරිසියට ගියත් එතනින් පලායන්න උත්සහ කරනවා. අවසානයේ XVI ලුවී රජතුමාත් මාරි බිසවත් ගිලටීනයට නියම කරනවා. ඔවුන්ගේ දරුවන් මැරෙන තුරු සිරගත කරනවා. එක දුවක් පස්සේ ඔස්ට්ර්යාවට සිරකරු හුවමාරු ක්‍රමයකට ලබා දුන්නත් දරුවන් නැහැ. ලුවිගේ සහෝදරයෙක් පැනගන්නවා. විප්ලවය අරාජිකව ලේ හලමින් ගෙවෙනවා. අවසානයට නැපෝලියන් මතුවෙලා ප්‍රංශය වෙනත් මාර්ගයකට වැටෙනවා.
ඔන්න
ඔය පර්ච්චේදය තමයි ප්‍රංශ විප්ලවය කියලා කියන්නේ. ඒක අඳුරු යුගයක්.
ඊරියගොල්ල මහත්තයා පරිවර්තනය කරපු ""මනුතාපය"' පොතෙත් තියෙන්නේ ඔය කාලය ආශ්රිත
ජීවිතය. අපේ රටේ කන්ද උඩරට රාජධානිය යුරෝපිය ආක්‍රමණ වලට මුහුණ දෙනවා.ප්‍රංශ කරයන්ට ආසියාවට එන්න බැරිවුනේ මේ
විප්ලවය නිසා. හැබැයි ඉංග්‍රීසි කාරයෝ ආවට වඩා ප්‍රංශ කාරයෝ ආවනම් අපිට
කලාව දර්ශනය පැත්තෙන් දියුණු වෙන්ඩ තිබ්බ. ආසියාවේ දියුණුව එක තැන නැවතිලා.
යුරෝපයේ දියුණුව පටන් අරගෙන. ලෝක බල ධ්රැව වෙනස්
වෙන්න අරගෙන. ඇමරිකානු ජනපද බ්‍රිතාන්‍යයෙන්
නිදහස් වෙන්ඩ යුද්ධයක. ප්‍රංශය ආර්ථික අමාරුව තියාගෙන ආධාර යවනවා ඇමෙරිකාවට.
කාර්ල් මාක්ස්
ගේ කියවීම
කාල් මාක්ස් (1818–83) ප්‍රංශ
විප්ලවය දැක්කේ වැඩවසම් රදල පැලන්තියෙන් බොර්ෂුවා පැලැන්තියට
බල හුවමාරුවක් විදිහට. බොර්ෂුව
කියලා අදහස් කරන්නේ මධ්‍යම පන්තියකට. ඒ අය තමන්ගේ බලය සහ ආර්ථිකය උදෙසා
ධනවාදී චින්තනය යොදාගන්නවා.
මාක්ස්
මුල් ලියවිලි
වල ප්‍රංශ විප්ලවයේ බිහිසුණු බව නොවැලක්විය හැකි
දෙයක් බවට විශ්වාස කළා. වැඩවසම්වාදය අතුගාලා දාන්නත් බොර්ෂුවා පැලැන්තිය
ඔවුන්ට කළනොහැකි ත්‍රස්ත බව පැතිරීමටත්
අවවරප්‍රසාද සහිත පැලැන්තිය ( plebeian) යොදාගත්තා . ඉදිරි විප්ලව වලත් යම් ක්‍රමයක් අතුගා දමන්න මේ භිෂණය වුවමනා
වෙන වගට හැඟීමක් පලවෙනවා.
මාක්ස්
ප්‍රංශ විප්ලවය දේශපාලන නිදහස දිනා දුන්නට මිනිස්සුන්ට ආර්ථික නිදහස ලැබුනා කියල විශ්වාස කරේ නැහැ. ධනවාදය යටතේ එහෙම එකක් ලැබෙයි කියලා ඔහු තුල විශ්වාසයක් නැහැ.
මාක්ස් ප්‍රංශ විප්ලවය වැඩවසම් සමාජය තවදුරටත් යාන්ත්‍රණයක් වශයෙන් ඉදිරියට ක්‍රියාත්මක කල නොහැකි නිසා පැනනැගුනක් බව විශ්වාස කළා. ආර්ථිකය කඩාවැටීම. බොර්ශුවා පැලැන්තිය ආර්ථිකමය වශයෙන් රදළ පැලැන්තියට වඩා බලවත්වීම තමයි අනිත් හේතු.
ප්‍රංශ
විප්ලවයේ ත්‍රස්තවාදය.
ප්‍රංශ
රජමාලිගාවේ සිරි බලනවිට හිතුන දෙයක් තමයි රජ පවුලක් වුනත්
හැමවිටම සැප නොවිඳි බව. රජ පවුලේ කුඩා
ළමයින් විවිධ වසංගත
නිසා ඉතා කුඩා වයස් වලදීම මියයනවා. ඒ අයගේ පෞද්ගලිකත්වයක්
නැති තරම් බිසව දරුවන් ප්‍රසූත කරෙත්
ප්‍රසිද්දියේ කියනවා.ඔවුන්ගේ ඇදුම් ආයිත්තම් පවා මහා බර සාරයි.අපහසුයි.
අර
භාජනයට ප්‍රංශ විප්ලවය කියන නම හරියටම ගැලපෙනවා
කියල තමයි දැන් හිතෙන්නේ. ඥාතියාට ඒකට මුදල්
වැයවුනා ගේන්න
මහන්සි වුනා හැබයි වැරදි සංස්කෘතියකට වැරදි මිනිස්සුන් අතට පත්කළේ.
ලංකාවත්
මේ ආසන්නයටම ගියපු අවස්ථා තිබුනා. මැතම උදාහරණය 2022 අරගලය, වාසනාවකට මග නැවතුනා.
1848 දෙවන
ප්‍රංශ විප්ලවයට අදාළව කාර්ල් මාර්ක්ස් ගේ ප්‍රසිද්ධ කියමනක්
තියනවා. History
repeats itself, first as tragedy, second as farce, ඕක දිගටම
නැවත නැවත වෙනවා. කිසියම් මොහොතක අපි ඉන්නේ tragedy එකකද
එහෙම නැතිනම් කවටයෙක් එක්කද කියලා තේරුම් ගන්න වෙන්නේ පස්සේ. ඒ නිසා මුළු
ලෝකයම පරිස්සමින් බල හුවමාරු වලට
යන්න ඕනේ. නැතිනම් මිලේච්ච්ත්වය ඉස්සරහට පනිනවා.
අපි
ඉතිහාසය ඉගෙනගෙන තිබුනොත් (හරියට ) වර්තමානය තේරුම් ගන්න පුළුවන්. ඕක තමයි නිහඬවම
මට හිතෙන්නේ.මමත් දැනුයි ඉතිහාසය ඉගෙනගන්න උත්සහ කරන්නේ ඒ නිසා වැරදි
තිබුනොත් අපි කථා කරමු.
