කොළඹට කිරි අපිට කැකිරි
කාලයක් කව්රුහරි ඇහුවම ඉස්කෝලේ කැමතිම period එක කියලා අපි කිව්වේ Interval එක කියලා.හම්මෝ දැන් නම් හිතෙනවා ඉස්කෝලේ කියන්නේ දිවිය ලෝකෙද කියලා . මොකද ඔය විනාඩි පහළොවේදි කරපු වැඩ කන්දරාව. මනුස්ස ලෝකේ පැයක් වත් යනවා. කෑම කන්නොනේ වතුර බොන්නෝනේ චූ කරන්න යන්නොනේ. එතකොට සෙල්ලම් කරන්නත් ඕනේ කව්රු හරි චැලේන්ජ් කරොත් ගහගෙන ගුටි කාගෙන රණ්ඩු කරන්නෙත් ඔය වෙලාවට.හවස තියන විෂයට ගෙදර වැඩ කරගෙන ආපූ නැති උන් ගෙදර වැඩ ටික කොපි කරන්නෙත් ඔය විනාඩි ගානේ තමයි.
අනුරාධපුරේ ඉස්කෝලේ interval එකට ටික වෙලාවකට ඉස්සර ලොකු පෙට්ටිවල දාගෙන ලොකු පන්තිවල අය්යලා බිස්කට් ජාතියක් බෙදුවා. ඇදිහස කියලා තමයි ඒවාට කිව්වේ.එක්කෙනෙකුට බිස්කට් 5 යි. පස්සේ කලෙක තමයි දන්නේ මේ බිස්කට් බෙදුවේ අපේ මන්දපෝෂණය දුරලන්ඩ කියලා.

USAID කරපු හොඳ වැඩක්. පස්සෙනේ ඒගොල්ල LGBTQ +++ වගේ ලොකු ලොකු ප්‍රශ්න වලට අත දැම්මේ අපිව අමතක කරලා .
ඉතින් ඔය බිස්කට් දුන්නේ පොඩි ළමයින්ට විතරයි. සමහරවිට අය්යලා ඕවා හොරකන් කරනවා. ඒ ඉස්කෝලේ තිබ්බ බිස්කට් ගබඩාව ආරක්‍ෂිත එකක් නෙමෙයි. ඔය ගබඩා කරලා තිබ්බ ක්‍රමය හොද නැති නිසා බිස්කට් පෙගෙනව. ඔය විස්කෝතු වලට අමතරව සමහර ළමයි ගෙදරින් පාන්පෙත්තක්, බතල, කිරිබත් වගේ එව්වත් ගෙනාවා .
ලොකු අය්යලා කෑවේ කැන්ටිමෙන්. ඉස්කෝලේ කැන්ටිම තිබ්බේ ගේට්ට්ටුව ගාව. ඉතින් ඔය ගේට්ටුව ගාව තව කීපදෙනෙකුත් ඉන්නවා. ළමයින්ට යම් නිදහසක් තිබ්බා ගේට්ටුව ගාවින් කෑම ගන්න. එක්කෙනෙක් තල්පිනාටු විකුණන දෙමළ ආච්චි. ගෙදරින් ඔය තල්පිනාටු ගැන බිල්ලෝ මවලා තිබ්බේ. ඕවා හදන්නේ කකුලෙන් පාගල කියලා. මොනාවුනත් ඒවා රසයි පස්සේ කාලෙක හෙව්වත් ගන්න බැරිවුණා සමහරවිට යාපනේ තියෙයි.

මට මතක පිනාටු කියන්නේ කටේම දියවෙන තල් රස කෑමක්.
ගේට්ටුව ගාව ඉන්න අනිත් කෙනා තමයි අයිස් ක්‍රීම් වෙළෙන්දා. බයිසිකලයක පිටිපස්සේ පෙට්ටියක බැදගෙන නලාවක් ගහගහ තමයි ඉන්නේ.
මේ සිද්දිය වෙනකොට මම එකේ දෙකේ පන්තියේ විතර. දවසක් ඔන්න තාත්තගේ සාක්කුවක තිබිලා රුපියලක් වැටිලා කාමරයේ බිම. මම ඕක අරන් හිමින් තියාගත්තා. කොහෙද ඒ කාලෙත් CCTV අඩුවක් නෑ . අපේ අය්යගේ මොනිටරේට ඕක අහුවුණා .අන්තිමට නඩු අහලා කාරිය පොඩි සමාවක් එක්ක රුපියල මට ලැබුණ . මේ කියන්නේ 1980. දැන් නම් දනගාන පොඩි එකෙක්වත් රුපියලක් ගන්නේ නැහැ.මම ඔය රුපියලත් ඇරගෙන පන්තියේ මට එහා පැත්තේ හිටය එකාට කිව්වා. ඌ ඉතින් මට වඩා Forward.අපි දැන් Interval එකට අයිස් ක්‍රීම් කන්න ලෑස්තිය .Interval එකට මගේ පිටිපස්සේ අර කොල්ලයි තව යාලුවෝ කීප දෙනෙකුයි එනවා. අයිස් ක්‍රීම් වෙළෙන්දා ළගදි මගේ රුපියලෙන් අයිස් ක්‍රීම් ගත්ත. ඇරන් 1,2,3,4 කියලා බෙදලා දැම්ම. මම පස්වෙනියා. මට අයිස් ක්‍රීම් නැහැ.දැන් ඉතින් මම හූ හඬ දීලා අඬනවා . සාමාන්‍යයෙන් මම වැඩේ නාගන්නවා කියල හිතල එදා තාත්තා ඇවිත් හැංගිලා බලාගෙන හිටියා. තාත්තා ඉදිරිපත්වෙලා මට අයිස්කිරීමක් අරන් තමයි ප්‍රශ්නේ විසදුවේ. අපි කාටවත් ගණන් බැරි නිසා තමයි ඔය සත 25 Popsicle කන්න 5 දෙනෙක් ගියේ.
කොළඹ ඉස්කෝල වල interval එක වෙනස්. 88 විතර කාලයේදී අපිට කිරි පැකට් එකකුයි බනිස් ගෙඩියකුයි හම්බවුනා.ඔන්න ඕක තමයි තාප්පවල කොළඹට කිරි අපිට කැකිරි කියලා ලියවෙන්න හේතුව.දුප්පත් පෝසත් බේදයකින් තොරව දුන්නා. කිරි කල්තබා ගැනීම වගේ ප්‍රශ්නත් තිබ්බා . අපි හැමෝම කැවා . සල්ලි තියන අය මදිපාඩුවට කැන්ටිමෙන් කෑවා . අපේ මොකෝ. අධිපෝෂණය මන්දපෝෂණය වගේම නරක බව උන්දැලට දැන් තේරිලා ඇති දියවැඩියාව එහෙම හැදුනහම.
ලොකු ප්‍රේමදාස මහත්තයාගේ සංකල්පයක්. ඒ වැඩේ අවුරුදු දෙක තුනක් ගිහින් නතර වුණා . කොළඹ කියලා නෑ බඩගින්නේ මන්ද පෝෂණයේ ළමයි ඉන්නව. ඉතින් දෙනවනම් ගමට වගේම කොළඹටත් ඕනේ
ඊට පස්සෙත් විවිධ ආණ්ඩු පාසැල් වලට උදේ /දිවා ආහාර වැඩසටහන් කරා ඒ වුනත් ඒ හැමෙකක්ම අතරමග නවතිනවා. මුං ඇට කව්පි බත් ඔයවගේ ඒවත් අත්හදා බැලුවා. කරලා තිබ්බා. හැබැයි ප්‍රයෝගික නෑ . නොමිලේ අධ්‍යාපනයත් දීලා කෑමත් දෙන්න ඕනෙද කියලා සමහරවිට අහයි. අපිට බැරිද අවශ්‍ය අයට විතරක් දෙන්න කුපන් දෙන්න එහෙම කියලත් කියනවා. ඇත්තටම කුපන් ක්‍රමයක් ක්‍රියාත්මක උනා, වියළි ආහාර වලට.
මේ ගිය අවුරුද්දේ උත්සවය. මේ ආණ්ඩුවේ උත්සවය තවම දැක්කේ නෑ
මෙම වසරේ පාසල් පෝෂණ වැඩසටහන මඟින් සිසුන් මිලියන 1.6 කට ප්‍රතිලාභ සැලසෙන අතර, රජයේ පාසල් 9,134 ක ප්‍රාථමික ශ්‍රේණියේ සිසුන් මෙන්ම සිසුන් 100 ට අඩු පාසල් ද ඇතුළත් වේ. රජය රුපියල් බිලියන 16.6 ක අයවැයක් වෙන් කර ඇති අතර, එය පළාත් සභා නවයට සෘජුවම වෙන් කර ඇති අතර, ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) වැනි සංවිධානවල අතිරේක අනුග්‍රහය ද ඇත.
ලංකාවේ ළමයි දැඩි ලෙස බඩගින්නේ ඉන්නවා. අපේ කාලේ වගේමයි දැනුත්. නොමිලේ අධ්‍යාපනය සහ මන්දපෝෂණය දෙකක්. පෙර පාසල් සහ ප්‍රාථමික ළමයි විතරක් නෙමෙයි ලොකු ළමයින්ට පවා මේ බඩගින්න දැනෙනවා.මේකට අනිවාර්යයෙන්ම අවශ්‍ය පිසූ ආහාරයක් . කිරි සහ බනිස් හොද තේරීමක්. ඉස්කෝලේ විවේකයට දෙන්න පුළුවන්. වෙන රටවල වගේ Lunch break දෙන්න අපේ ළමයි හවස් වෙනකන් ඉස්කෝලේ යන්නේ නැහැ. ඒ නිසා බර ආහාර කන්න වෙලාවක් නැහැ.ඒ නැතත් අත්හොදන්න. පිගන්, කෝප්ප. පන්තියේ පිළිවෙලකට කන එක. ඔය ඔක්කොම අභියෝග . ගුරුවරුන්ට විතරක් මේක භාර දෙන එක අසාධාරනයි.
88 ට වඩා දැන් රටේ යටිතල පහසුකම් වැඩියි . විදුලිය පාරවල් හොදයි. ඒ නිසා කිරි වුනත් නරක් නොවී තියාගන්න පුළුවන්. දේශීය කිරි බේකරි කර්මාන්තයටත් හොදයි.දැනට තියන සුබසාධන සේවාවත් කරගන්න බැරුව දඟලන අපි තව කොහොමද?
එකට තමයි විදේශ ආයතන එක්ක ගනුදෙනුකරන්න ඕනේ. හොඳ ව්‍යාපෘති වාර්තාවක් එක්ක ගේට්ස් පදනම, USAID, වගේ ආයතනත් එක්ක සාකච්චාවක් කරන්න. වැඩකට නැති තුට්ටු දෙකේ YOUTUBE කාරයන්ට NGO වලට සමාජයේ ආකල්ප වෙනස් කරන්න මිලියන ගණන් කරන වියදම පෝෂණය වෙනුවෙන් කරන්න පොළඹවන්න. දේශපාලන ගැති භාවයකින් තොරව කරන්නේ කොහොමද කියන එකනම් හිතාගන්න අමාරුයි.
හැබැයි ඉතිං කරන්න බැරි වැඩකුත් නෙමෙයි.
https://www.newswire.lk/2025/04/23/sri-lankas-national-school-meal-programme-gets-us-1-mn-donation/
"මෙම ත්‍යාගශීලී දායකත්වය තුළින් තෝරාගත් පාසල්වල ළමුන් 100,000 කට යකඩ සහ ෆෝලික් අම්ලයෙන් ශක්තිමත් කරන ලද සහල් ලැබේ. ඊට අමතරව, කුඩා වතු හිමියන් 2,700 කට කෘෂිකාර්මික හා කුකුළු ගොවිතැන් මෙවලම් සහ පුහුණුව ලබා දෙන අතර, එමඟින් පාසල් ආහාර සඳහා ආහාර සැපයීමට ඔවුන්ට බලය ලැබේ."
මේ ලඟදි සමුළුවක් තිබ්බා සිංගප්පුරුවේ.Philanthropy Asia Summit 2025. මේ එකේදී උන සාකච්චාවක්.
මම කැමතිම දේශපාලන විද්වතෙක් සිංගප්පුරුවේ ජනාධිපති තාර්මන් ෂන්මුගරත්නම්.ගේට්ස් පදනම සිංගප්පුරුවේ අලුතින් Regional Office එකකකුත් දාන්න යන්නේ. ඉක්මණින් ප්‍රථිපලයක් ලැබෙයි. උන්නැහේලා මන්දපෝෂණය දුරුලන්න ලොකු වැඩ කොටසක් කරන්න යන්නේ. බිල් ගේට්ස් ලෑස්තියි . අපි ලෑස්තිද ?
ලංකාවේ බලධාරීන් මොකද කරන්නේ කියල ටිකක් නිහඬව බලාගෙන ඉමු.
No comments:
Post a Comment