අනාගත ලෝකය ආක්‍රමණය කරන බීටාවන්ගේ ආගමනය.

බීටාවෝ ඇවිල්ලා. අනාගත ලෝකය අයිතිය ලියාගන්න. 2025 දී තමයි පළමු බීටාවා පෘථිවියට සම්ප්‍රාර්ථ වුනේ. බිටාවෝ යටතේ මට ජීවත්වෙන්න වෙයිද කියන එක සැකයි.
2025 ඉදලා 2039 වෙනකන් උපදින අය Generation beta ලෙස තමයි හදුන්වන්නේ.පරම්පරා කීපයක්ම එක්ක කටයුතුකරපු මම සමහරවිට මේ දකින අන්තිම පරම්පරාව වෙන්නත් පුළුවන්. වැඩිම වුනොත් තව එකක ආරම්භය විතරක් දකින්න පුළුවන් වෙයි.මේ පරම්පරාවේ විශේෂත්වය තමයි මේ අය AI එක්ක පුර්ණ වශයෙන් බද්ධ වෙලා ජිවත් වෙන පළමු පරම්පරාව.
දැනට අපි අතර ජනප්‍රිය Gen Z අය. මමත් තරුණවිය එළිපත්තේ ඉන්න Gen Z Teens ලා දෙදෙනෙක් ගේ පියෙක්. ඔවුනුත් අපිත් අතර ඇති පරතරය සිතුවිළි වල වෙනස්කම තදටම මට දැනෙනවා.
ඒ කොහොම වුනත් Gen Z ලගේ තියන කලබලකාරී අඩු අවධානය (Low attention span ) Generation beta අයට උරුමවෙන්නේ නැතිවෙයි.
ඔවුන් වඩා සුභ දායක ලෝකයකට පිවිසෙයි කියලයි මට හිතෙන්නේ.
ජීවයේ සම්භවය කොහොම කොතනකින් වුනත් මිනිසා සහ සියළු ජීවින් පරිණාමයකට ලක්වුණා ලක්වෙනවා.Darwin මේකට ප්‍රවාදයක් හැදුවා. එයින් සියල්ල විස්තර වෙන්නේ නැහැ නමුත් අඩුමතරමේ ජීව විද්‍යාත්මක පැහැදිලිකිරීමක් දෙනවා.ඇයි මින්සුන්ට විතරක් අසාමාන්‍ය බුද්ධියක් දීලා අනිත් අයට අඩුම වශයෙන් කථන හැකියාවවත් නැත්තේ කියලා ඇහුවොත් ටිකක් අමරුවෙනවා.

මෙතැනදී මනසත් පරිණාමයකට ලක්වෙනවා කාලයත් එක්ක. මනස ළගින්ම ඇසුරු කරන ජීවවිද්‍යාත්මක අවයවය මොළය .මොළය එක්තරා ආකාරයකට පරිණාමයකට ලක්වුන්යින් පස්සේ මනස ලොක්කා වෙනවා. එතනින් එහාට ජීවවිද්‍යාත්මක , සමාජීය ,සහ ආත්මීය (spiritual ) පරිණාමය මනසේ බලපෑමකින් යුතුව තමයි වෙන්නේ. ජීව විද්‍යාත්මක පරිණාමය අවුරුදු දහස් ගණනක ක්‍රියාවලියක් වුණත් මනස වෙනස් වෙන ආකාරය පරම්පරාවකින් දෙකකින් විද්‍යාමාන වෙනවා. මේ හැකියාවන් මිනිසා හැරුනුකොට සත්තු සහ ගස්වැල් වල දකින්න බැහැ .පරිසරය කියන එක ස්වභාවික තත්වයේ ඉඳලා මිනිසා විසින් නිර්මාණය කරගත් සහ වෙනස් කරගත් දෙයක් බවට පත්වෙන නිසා පරිණාමය තවදුරටත් ස්වාභාවික ක්‍රියාවලියක්මද කියන ගැටලුවත් එනවා.මිනිසා විසින් අනිත් සත්වයන්ගේ පරිණාමයට සැලකියයුතු බලපෑමක්කරන බව දැන් සහතිකයි.එහෙමනම් මිනිසාගේ පරිණාමයට තවත් දියුණු ජීවින් බලපෑමක් කරා වෙන්න බැරිද?


Epoch | Time Frame | Major Milestone |
---|---|---|
Miocene | 23–5.3 million yrs ago | Ape diversification, common ancestor |
Pliocene | 5.3–2.6 million yrs ago | Early bipedal hominins |
Pleistocene | 2.6m–11.7k yrs ago | Tool use, brain growth, Homo species |
Holocene | 11.7k yrs ago–now | Agriculture, cities, modern civilization |
Gen Beta වල මානසික පරිණාමය හරිම අපුරු එකක් වෙයි. අපේ මොලයෙන් අපි සැලකියයුතු ප්‍රමාණයක් මතකය ගබඩාවට පාවිච්චිකරනවා. මේ දත්ත නැවත ලබාගෙන යම් තීන්දු තීරණ ගන්නවා.කරුණු ඉගෙනගන්නවා භාෂාවල් ඉගෙනගන්නවා.
අපි විශ්ව විද්‍යාලයට පිවිසෙන්නේ 90 දශකයේ මැද . IT පැත්ත ප්‍රාථමික මට්ටම. විශ්ව විද්‍යාලය තුළ මට තිබුණ ප්‍රධාන අභියෝග දෙකක් තමයි මව් භාෂාව නොවන වෙන භාෂාවකින් ඉගෙනගෙන විභාගයකට පෙනී සිටිනෙක සහ අතිවිශාල දැනුමක් මතක තබාගැනීම. Gen beta උපදින්නේම AI තාක්ෂණයත් එක්ක ඔවුන්ගේ මේ මානසික ක්‍රියා දැන් ඔවුන්ගේ සහායක AI ලවා කරවන්න පුළුවන්.ගණිතය, දත්ත, දැනුම මතකයේ රඳවා ගැනීම, භාෂාව ඉගෙනගැනීම , AI සහයකයා (Personal Assistant) හොඳටම කරයි.
තීරණ ගැනීමේ ආතතිය
අධි පරිභෝජන වාදී සමජයක අපිට තෝරාගැනීමක් කරන්න හරි අමාරුයි. දුරකතනයක් කියලා හිතන්න. 80 දශකයේ අපේ දෙමව්පියන්ට මේ ආතතිය තිබ්බේ නැහැ. ඔවුන්ට තෝරාගැනීම් විකල්ප පොඩ්ඩයි. අපි? හිතාගන්න බැරුව ලතවෙනවා. (“paradox of choice” or “choice overload”)
AI සහයකයා දීර්ග කාලයක් ඔබත් එක්ක ඉන්න නිසා ඔබේ ජිවිතයේ බොහෝ වැදගත් තීන්දු වලට ඔබට උදව් කරයි.විවාහය ඇදුමක් තෝරාගැනීම වාහනයක් දුරකතනයක් නිවසක් අනාගත රැකියාව ආදී බොහෝ දේ ඔබට තෝරාදෙන සහකරු AI .
මේ දේවල් ඔවුන්ගේ AI සහකරු හොයල දෙන්න පටන්ගත්තාම විශාල මානසික සහනයක් එනවා.ඉතින් Gen beta වෙනස් විදිහකට හිතයි. ඔවුන්ට ස්වාභයෙන්ම හිමිවන AI සහකරු සමග පොඩි ඉරිසියාවකුත් ඇතිවෙයි.මේ AI වලට වඩා දක්ෂවෙන්න නම් Gen beta මනස දියුණුවකට යන්න වෙනවා.දත්ත පරිශීලනය නෙමෙයි analytic power, concentration, spiritual tranquility වගේ දේවල්.ඔවුන් භාවනාවට යොමු වෙයිද දන්නේ නැහැ.
Virtual ID
Gen beta පැහැදිළිවම යථාර්ථයේ වගේම virtual reality එකකත් ජීවත්වෙනවා. ඔවුන්ට යථාර්තය තේරුම් ගැනීමට තියන සංවේදී අවයව තවදුරටත් විශ්වාස කල නොහැකි ඒවා බවට පත්වෙනවා. ඇහැ කණ නාසය ඔක්කොම රැවටීමක්. information ,misinformation, disinformation කොහොම තේරුම් ගනීද කියලා හිතාගන්න අමාරුයි.
පරිසරය සහ බලශක්තිය
දැනට මිනිස්සු හිතන විදිහට Global warming වගේ ගැටළුවලට මුහුණදෙන්නේ Gen beta . ඔවුන්ගේ ඩිජිටල් අවකාශයට විශාල බලශක්තියක් අවශ්‍යවෙනවා. ඒ බලශක්තිය clean වෙන්නත් ඕනේ. කාබන් emission zero කරගෙන ලොකු බලශක්තිය ප්‍රභවයක් සොයා ගැනීම අභියෝගයක්.
Gen Beta නිරාගමික වෙයිද?
එකනම් සැකයි.2050 වෙනකොට, එකියන්නේ Gen beta දැනුම් තේරුම් ඇතිවෙනකොට ලෝකයේ වැඩිපුරම වර්ධනය වෙන්නේ ඉස්ලාම් ධර්මය. එතකොට gen beta සැලකියයුතු කොටසක් ඉස්ලාම් භක්තිකයෝ.ඉස්ලාම් කියන්නේ ආගමකට එහාගිය ජිවනක්‍රමයක් . ඉතින් ඔවුන් ඔවුන්ගේ අදහස් බෙදා හදා ගැනීමට AI යොදා ගනියි නේද? හලාල් කරණය කෑම බීම වලට යොදාගන්නා ආකාරයකට AI පවා යොදාගත්තොත් මොකක්වෙයිද ? බහුතරයක් ඉස්ලාම් ආගමිකයින් ඔවුන්ගේ ආගමට අනුකූලව ජීවත්වෙන්න වැඩි ඉඩක් තියනවා.
Gen Beta නිදහස් චින්තකයෝද?
මේ AI අයිති කාටද? ඔවුන් සම්පුර්ණ වශයෙන් මානව පාලනයෙන් මිදිලද ?. ඉතා සියුම් ලෙස beta හසුරවන්නට ඔවුන් සමත් වෙයි. මතුපිටින් Free will එකක් පෙනුනට සියුම්ව ඔවුන්ටත් නොදැනීම ඔවුන්ගේ හැගීම් දැනීම් යම් නතුකිරීමකට AI company වලට පුළුවන්.
AGI ආගමනය (Artificial General Intelligence)
AGI කියන්නේ chat Bot, Image generator වගේ සංකල්ප වලින් එහා ගියපු කෘතීම බුද්ධියක්. Gen Beta මේක අනිවාර්යයෙන්ම දකිනවා. මේකට autonomous තත්වයක් තියනවා. එහෙම උනොත් ආගම නිදහස් චින්තනය වගේ දේවල් වලට මොනවා වෙයිද? Simulated Consciousness, situational awareness වගේ දේවල් AGI වලට ලබාගන්න පුළුවන් වෙයි.
AGI: It is a tool, not an all-knowing oracle.
AGI සියල්ලදත් නෙමෙයි ඔව්නුත් වැරදි තොරතුරු දෙනවා. වැරදි පිළිතුරු දෙනවා. ඒක නිසා AGI දෙවියෙක් වගේ අදහන්න හිතන් ඉන්නවනම් බිටාවන්ට වරදින්න පුළුවන්.
මේ ඔක්කොමත් එක්ක බීටාවුන් ලෝකය කොයි පැත්තකට ගෙනයයි ද? ලෝකයේ පැවැත්ම රදා පවතින්නේ බිටාවන් ගන්න තීන්දු තීරණ අනුව. මම ඉතින් සුභවාදිව තමයි ලෝකය දකින්නේ. මේවා ඉතින් පුරෝකථන සහ අපේ මනසේ හිතළු. ඕවා වෙන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. කොහොමටත් ඒවෙනකොට වයසට ගිහින් ඉන්න මට වෙන්නේ නිහඩවම බලාගෙන ඉන්න.
(Images : AI සහ අන්තර්ජාලයෙන්.)
No comments:
Post a Comment