සයිගොන්
වලට එද්දී අපි දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් වෙලා. අපේ නෝනා ආපහු ගියා. අකමැත්තෙන්. නෝනා වුනාට එයා නිහඬලතා නෙමෙයි. හඬන ලතා. තරුණ ළමයි දෙන්නෙක් තනියම ගෙදර දාලා අපි මෙච්චර කාලයක් රටින් පිටවෙලා හිටියේ නැහැ. ඒ අයනම් හොදින්.
ඒවුනත් මොන පරම්පරාවේ හරි අම්මා කෙනෙකුට අමාරුයි දරුවෝ දාලා ඉන්න.එයා ගියා මම හිටියා.
Thursday, April 23, 2026
නිල් මකරුන්ගේ ලස්සන. - සයිගොන් නගරය
Sunday, April 19, 2026
නිල් මකරුන්ගේ දේශය හෙවත් වියට්නාමය
නිවාඩුවක්
ගතකරන්න හිතාගෙන නිල් මකරුන්ගේ දේශය හොයාගෙන ගියා. වර්තමාන ලංකාව අලුත් දේශපාලන ගමනක් යනකොට, සමහරු තමතමන්ගේ ආඛ්‍යානය අනුව විශ්ලේෂණ කරන්න රටවල් තෝරාගන්නවා. ඉස්සර සිංගප්පුරුවක් කරන්න ගිය අය ළඟදීම වියට්නාමය
අල්ලගෙන හෑලි ලියන්න ඉඩතියනවා. ඉතින් අපි හිතුවා ගිහින්ම බලන්න. බොරු සමාජ ගතවෙන්න ඉස්සර.
අපේ සංචාරය දකුණු වියට්නාමයට. හීනියට දිගටියට S අකුරේ හැඩයට පිහිටලා තියන වියට්නාමය, එක පසකින් මුහුදිනුත්, උඩින් චීනයට මායිමවත්, වම්පසින් ලාඕසය සහ කාම්බෝජයට මායිම්වත් පිහිටලා තියනවා.
Subscribe to:
Posts (Atom)