නිවාඩුවක්
ගතකරන්න හිතාගෙන නිල් මකරුන්ගේ දේශය හොයාගෙන ගියා. වර්තමාන ලංකාව අලුත් දේශපාලන ගමනක් යනකොට, සමහරු තමතමන්ගේ ආඛ්‍යානය අනුව විශ්ලේෂණ කරන්න රටවල් තෝරාගන්නවා. ඉස්සර සිංගප්පුරුවක් කරන්න ගිය අය ළඟදීම වියට්නාමය
අල්ලගෙන හෑලි ලියන්න ඉඩතියනවා. ඉතින් අපි හිතුවා ගිහින්ම බලන්න. බොරු සමාජ ගතවෙන්න ඉස්සර.
අපේ සංචාරය දකුණු වියට්නාමයට. හීනියට දිගටියට S අකුරේ හැඩයට පිහිටලා තියන වියට්නාමය, එක පසකින් මුහුදිනුත්, උඩින් චීනයට මායිමවත්, වම්පසින් ලාඕසය සහ කාම්බෝජයට මායිම්වත් පිහිටලා තියනවා.
ගමන පටන් ගන්නේ මමත් මගේ බිරිඳත්. අපි ගොඩ බහින්නේ දකුණු වියට්නාමයේ Da Nang කියන ප්‍රදේශයට. කුඩා එහෙත් කටුනායකටත් වඩා හොඳ තත්වයේ ජ්‍යාතන්තර ගුවන් තොටුපොළක්. පළමුවෙනි අත්දැකීම හරිම ප්‍රසන්නයි. කරදරයක් නැතිව අග්නිදිග ආසියාවේ තියන GRAB කියන app එක භාවිතාවෙන් වාහනයක නැගල හෝටලයට පිටත් වුනා.
නැවතුන
හෝටලය නැගෙනහිර සූර්ය උදාවක් සහිත වෙරල තීරයකට මුහුණලා තිබුනේ. ආගන්තුක සත්කාර බොහොම ඉහලයි.සුදු හමක් ඇති සංචාරකයෝ පිරිලා. බොහොම අය පවුල් පිටින්
දරුවන් එක්ක සංචාරය කරන්නේ.
වෙරළ තීරය හැන්දෑවට
අපි
පහුවෙනිදා Ba Na
Hills කියන සුන්දර කඳුකර ප්‍රදේශය වෙත ගියා.මේ ප්‍රදේශයේ තමයි
ලෝකයේ තනි කම්බියක් මත දුවන දිගම
කේබල් කාර් පද්ධතිය තියෙන්නේ. ප්‍රංශ යටත් විජිතයක්ව පැවතුන නිසා මේ කන්ද මුදුනේ
කුඩා ප්‍රංශ ගම්මානයක් තියනවා. මේ මුළු ගමනටම
අපිට පැය අටක් විතර වැයවුනා. සංචාරකයන්ට උපරිම පහසුකම් සපයලා තියනවා. අවශ්‍යතරම් කනබොන තැන්. බොහොම හොදින් නඩත්තු කරන බවත් දැක්කා.කාර් පාර්ක්
කරන තැන ඉඳල කේබල් කාර් පද්ධතිය
දක්වා ගමන් කරන්නත් නොමිලේ සුව පහසු බස් රථ යොදවලා, විනාඩි
කීපයක ගමනකට. ඉතිං අපි ආයෙත් නොගිහින් ඉඳීද ?
ඊළඟට
අපේ නවාතැන වුනේ Da Nang කියන
නගරයට කි මි 20 පමණ
දුරින් තියන Hoi An සුන්දර පැරණි නගරය. මේකට lantern city කියලා කියනවා. රාත්‍රියට මුළු නගරයම බකට් වගේ ලාම්පු වලින් අලෝකමත්වෙනවා. නගරය මැදින් ගලන ගඟේ රාත්‍රියට පහන් රැගෙන සංචාරකයෝ බෝට්ටු පදිනවා. පහන් වතුරේ පාකරලා යවනවා. රාත්‍රියට හරිම සුන්දරයි සංචාරකයෝ කමින් බොමින් සාප්පු සවාරි යනවා. මේ නගරයේ තියන
අනිත් විශේෂත්වය තමයි ටේලර් සාප්පූ. තමන්ට කැමති ඇදුම් අඩුමිලට ඉස්තරම් රෙදිවර්ග වලින් මහගන්න පුළුවන්. ටේලර් සාප්පූ නම්
දහස් ගණනක්. ජ්‍යාත්‍යන්තර මට්ටමේ මැහුම් කලාවක්. අපේ නෝනාත් එයා අරගෙන ගිය ඇදුම් මෝස්තර වලට මැහුවා. පැය 48 ඇතුලත
වගේ custom made ඇඳුමක් ගන්න පුළුවනි. මේ ටේලර් සාප්පූ
වල වුනත් වැඩිපුරම ගැවසෙන්නේ සංචාරක ගැහැණු
පිරිමි.
මෙතනින් එහාට අපි Hue කියන නගරයට දුම්රියෙන් ගියා. ඒක scenic train ride එකක් කියලා තමයි ජනප්‍රිය. ( Hai Van Pass) නමුත් අවාසනාවට අපිට අසුන් පනවල තිබුනේ අනෙක් පැත්තට වෙන්න පැය 3 ක විතර දුම්රිය ගමනක්. සංචාරකයෝ වගේම වියට් ජාතිකයනුත් දුම්රියේ පිරිලා. සාපේක්ෂ වශයෙන් දුම්රිය හොඳ මට්ටම තිබුනා. පරක්කු වුනේ නැහැ.සුප්වර්ග කෝපි වර්ග තම්බපු බිත්තර අරගෙන සේවකයෙක් මැදිරියේ ඇවිද්දා. අපි නම් කෑවෙ බිව්වේ නැහැ.Hue නගරයේ ලොකුවට බලන්න දෙයක් නැහැ. Imperial city කියන මාලිගා සංකීර්ණයත් අධිරාජ්‍යන්ගේ සොහොනුත් තිබුනා. ඒවා මේ සියවසක් හෝ දෙකක් පැරණි දේවල්. එහෙදි දැකපු දෙයක් තමයි මේ මෝටර් රථය.
ඔය
නගරයෙන් පස්සේ අපි යන්නේ Ho Chi Min City එහෙම නැත්නම් සයිගොන් නගරයට . අභ්‍යන්තර ගුවන් ගමනක. Vietnam airlines තමයි යොදාගත්තේ පැය එකහමාරක
ගුවන් ගමනක් වුනත් අපිට sandwich එකකුයි වතර බෝතලයකුයි හම්බවුනා. මම මේ සංචාරයේ
Vietnam airlines වගේම
එකේ බජට් airline එක
වෙන Vietjet යනාවලත්
ගමන් කරා. හොඳ තත්වයේ ගුවන් යානා බල ඇණියක් ඔවුන්
සතුයි.
සයිගොන්
නගරයෙන් ආයෙත් හමුවෙමු.