සයිගොන්
වලට එද්දී අපි දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් වෙලා. අපේ නෝනා ආපහු ගියා. අකමැත්තෙන්. නෝනා වුනාට එයා නිහඬලතා නෙමෙයි. හඬන ලතා. තරුණ ළමයි දෙන්නෙක් තනියම ගෙදර දාලා අපි මෙච්චර කාලයක් රටින් පිටවෙලා හිටියේ නැහැ. ඒ අයනම් හොදින්.
ඒවුනත් මොන පරම්පරාවේ හරි අම්මා කෙනෙකුට අමාරුයි දරුවෝ දාලා ඉන්න.එයා ගියා මම හිටියා.
සයිගොන්
මට හමුවුණේ නගරයක් විදිහට නෙමෙයි. ඒකාත්මිකව ගලා යන ශබ්දයක් විදිහට.
පාරවල්
දිගේ මෝටර් සයිකල් දහස්
ගණනක්. හරියට නවතින්නේ නැති ගංගාවක රල පාරවල් වගේ.
පාර මාරුවෙන්න
සුදු ඉරි මත නතර වෙලා
හිටපු මට, නගරය හෙමින් කියනවා “නතර වෙන්න එපා… හෙමින් ඉදිරියට යන්න. අපි ඔයාව වට කරගෙන යන්නම්
ඔයා පරිස්සමින් ඉස්සරහටම යන්න පිටිපස්සට පනින්න එපා".මම යනවා. මෝටර්
සයිකල් මාව වටකරගෙන යනවා.එක මොහොතකින් මාව
නීතියකට නෙමෙයි රිද්මයකට යටත් වෙලා.
වාහනවලින්
නැගෙන හෝන් හඬ. ඒක හරියට කුරුල්ලෝ
කිචි බිචි ගානවා වගේ. හරි පුදුම හිතෙයි. අපි හෝන් හඬක් ඇහුනොත් පස්සත් බලලා හොඳ වචන සෙට් එකකින් සංග්‍රහයකුත් කරනවා. වියට්නාමයේ හෝන් කියන්නේ
මම පිටිපස්සෙන් ඔබ පරිස්සමින් වගේ
එකක්.එතන rage නෑ.Respect නැතිකමක් නෑ.කාගෙවත් ego clash එකක් නෑ.හැමෝම එක රිද්මයක් එක්ක ගමන් කරනවා. මෙතන strict lane
discipline එකක් නැහැ.හැමෝම දැනුවත්. ඔබ දන්නවා අනිත් කෙනාගේ move එක.අනිත් කෙනා
predict කරනවා ඔබේ move එක.
ඒක
නිහඬව කරන සන්නිවේදනයක්. අර මනෝ විද්‍යාවේ
තියන Collective
Subconsciousness එක, මේකද කියලා හිතනවා.ඔය මට හිතුන
දේ. හරියටම දත්ත එක්ක බලලා මාර්ග අනතුරු කොහොමද
කියලා බලන එක තමයි හරිම
විදිහ.
Grab කියන්නේ
සයිගොන් වල පහසුම ප්‍රවාහන
app එක. සමහර වෙලාවට $1ටත් අඩුවට ride එකක් යන්න පුළුවන්.
මෝටර්
සයිකල් එකේ
පිටිපස්සට වාඩි වෙලා traffic එක මගහරිමින් යන
එකත් ආතල් .
පොදු
ප්‍රවාහනය කුඩා බස් රථ ජාලයක් සහ
එක subway සිස්ටම් එකක් තියනවා.නමුත් සංචාරකයා පොදු ප්‍රවාහනය ගන්නෙම නැති තරම්.
අපේ
නිදි මේ බ්ලොග් එකට
නිතරම ගොඩ වදින කෙනෙක්. කෑම ගැන පොඩි විස්තරයක් කරන්න කියලා කිව්වා. මම දැකපු දේ
තමා සෛගොන් කියන්නේ කෑම පාරදීසියක්. ඕනෑම කෑමක් තියනවා.
ලංකාවේ රෙස්ටුරන්ට් නම් හම්බවුනේ නැහැ. Mc Donald දැක්කෙත් නැහැ. KFC සහ ස්ටාර් බක්ස්
කෝපි නම්
තිබුනා.වැඩිය නැහැ.
කෑම
වලටත් ප්‍රංශ බලපෑම තියනවා. විශේෂයෙන් පාන්. Banh Mi කියන්නේ
ප්‍රංශ baguette කියන පාන් පොල්ලෙන් ආපු එකක්
. නිල් මකරු ඒක ඔවුන්ගේම
කරගෙන. BanhMi පාන්ගෙඩිය කුඩයි. ඇතුල තරමක මෘදු සැහැල්ලු ගතියක් තියනවා. crust එක තුනී හැබැයි
කර කර ගාලා හැපෙනවා.ප්‍රංශ පාන් ගෙඩියට වඩා මට BanhMi රසයි.
එක ඇතුලට විවිධ දේ දාලා sub එකක්
හැටියට තමයි කන්නේ. අනිත් bakery item එක
croissants. ඒවායේත් රස
වියට්නාමයේදී වෙනස් කරලා.
ඊට
අමතරව විවිධ සුප්වර්ග අත්හදා බැලුවා. Pork Beef තමයි වැඩිපුරම base එක.Phở කියන්නේ ජනප්‍රිය නුඩ්ල් සුප් එකක්. මට නම් ටිකක්
සැර මදි.
සයිගොන්
නගරය රාත්‍රියට අවදියෙන්. ආරක්ෂිතයි.තායිලන්තේ වගේ පාරවල් වල ගණිකාවෝ නැහැ.
Sex industry එක ඒ අය ඉස්සරහට අරන් නැහැ. හොරෙන් හොරෙන් ක්‍රියාත්මක sex industry එකක් තියනවා.මතුපිට නැහැ.Spa නම්
හැමතැනම. සැර බීම ජාති නිදහසේ බොන්න පුළුවනි. කචල් කාරයෝ බේබද්දෝ පෙන්ඩ නැහැ.
මම හිතන්නේ අනික් මත්ද්‍රව්‍යත් ගන්න නැහැ.ඒවාට නීති තදයි. අපි නම් හිතන්නේ නයිට් ලයිෆ් කිව්වහම sex & drugs නේ. ඔන්න එහෙම වෙන්නම ඕනේ නැහැ.
පළවෙනි පොස්ට් එකට කමෙන්ට් කරපු ලලිත් මහත්තයා කියලා තිබ්බා වියට්නාමයේ මිනිස්සුන්ගේ හොඳ. උන්නැහේ එහේ හිටපු කෙනෙක්.ඇත්ත මේ දවස් ටිකට එක මට තේරුණා. ඔවුන් යටහත් පහත් කාරුණික බව. (බෙන් තාන් මාර්කට් එකේ හැර. ඒ මාර්කට් එක හෙට්ටු කරන්නම හදපු තැනක්.)
ඔහොම යනකොට ඔය රටේ යුද්ධයක් තිබ්බද කියලා හිතෙනවා නේද? . නිල් මකරාගේ කඳුළු කතාව. කඳුලුම නෙමයි. දහදිය මහන්සිය වීර්ය ඔය ඔක්කොම ඉතිහාසයේ තදටම ලියැවිලා තියනවා. ඒක අපි වෙනම ලියමු. වෙලාවක් තිබ්බොත් ඇවිත් බලන්න.
No comments:
Post a Comment