Wednesday, April 22, 2026

නිල් මකරුන්ගේ ලස්සන. - සයිගොන් නගරය

 

සයිගොන් වලට එද්දී අපි දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් වෙලා. අපේ නෝනා ආපහු ගියාඅකමැත්තෙන්. නෝනා වුනාට එයා නිහඬලතා නෙමෙයි. හඬන ලතා. තරුණ ළමයි දෙන්නෙක් තනියම ගෙදර දාලා අපි මෙච්චර කාලයක් රටින් පිටවෙලා හිටියේ නැහැ. අයනම් හොදින්. ඒවුනත් මොන පරම්පරාවේ හරි අම්මා කෙනෙකුට අමාරුයි දරුවෝ දාලා ඉන්න.එයා ගියා මම හිටියා.

  වෙනකොටත් මම ටිකටික නිල් මකරුන්ගේ රිද්මයට අනුගතවෙලා.එකම වෙනස සයිගොන් වේගවත්.

 


සයිගොන් කිව්වට ඒක  පරණ නමඅලුත් නම Ho Chi Min City.   
වියට්නාමයේ අධ්‍යාත්මික නායකයාගේ නමින් තියෙන්නේඅපෙත් 
තියෙන්නේ ජයවර්ධනපුර කියලාටිල්වින් සිල්වා පුරවරය කියලා 
එකක් හැදෙයිද දන්නෙත් නැහැ


සයිගොන් මට හමුවුණේ නගරයක් විදිහට නෙමෙයි. ඒකාත්මිකව ගලා යන ශබ්දයක් විදිහට.

පාරවල් දිගේ මෝටර් සයිකල්  දහස් ගණනක්. හරියට නවතින්නේ නැති ගංගාවක රල පාරවල් වගේ. පාර  මාරුවෙන්න සුදු ඉරි මත නතර වෙලා හිටපු මට, නගරය හෙමින් කියනවානතර වෙන්න එපාහෙමින් ඉදිරියට යන්න. අපි ඔයාව වට කරගෙන යන්නම් ඔයා පරිස්සමින් ඉස්සරහටම යන්න පිටිපස්සට පනින්න එපා".මම යනවා. මෝටර් සයිකල් මාව වටකරගෙන යනවා.එක මොහොතකින් මාව නීතියකට නෙමෙයි රිද්මයකට යටත් වෙලා.

                                


වාහනවලින් නැගෙන හෝන් හඬ. ඒක හරියට කුරුල්ලෝ කිචි බිචි ගානවා වගේහරි පුදුම හිතෙයි. අපි හෝන් හඬක් ඇහුනොත් පස්සත් බලලා හොඳ වචන සෙට් එකකින් සංග්‍රහයකුත් කරනවා. වියට්නාමයේ හෝන්  කියන්නේ මම පිටිපස්සෙන් ඔබ පරිස්සමින් වගේ එකක්.එතන rage නෑ.Respect නැතිකමක් නෑ.කාගෙවත් ego clash එකක් නෑ.හැමෝම එක රිද්මයක් එක්ක ගමන් කරනවා. මෙතන strict lane discipline එකක් නැහැ.හැමෝම දැනුවත්. ඔබ දන්නවා අනිත් කෙනාගේ move එක.අනිත් කෙනා predict කරනවා ඔබේ move එක.

ඒක නිහඬව කරන සන්නිවේදනයක්. අර මනෝ විද්‍යාවේ තියන Collective Subconsciousness එක, මේකද කියලා හිතනවා.ඔය මට හිතුන දේ. හරියටම දත්ත එක්ක බලලා මාර්ග අනතුරු  කොහොමද කියලා බලන එක තමයි හරිම විදිහ.

Grab කියන්නේ සයිගොන් වල පහසුම ප්‍රවාහන app එක. සමහර වෙලාවට $1ටත් අඩුවට ride එකක් යන්න පුළුවන්.

මෝටර් සයිකල්  එකේ පිටිපස්සට වාඩි වෙලා traffic එක මගහරිමින් යන එකත් ආතල් .

පොදු ප්‍රවාහනය කුඩා බස් රථ ජාලයක් සහ එක subway සිස්ටම් එකක් තියනවා.නමුත් සංචාරකයා පොදු ප්‍රවාහනය ගන්නෙම නැති තරම්.

 වියට්නාමය ප්‍රංශ යටත් විජිතයක් වෙලා තිබුනා සියවසකට වැඩි කාලයක්. ඒකෙ බලපෑම හීනියට වගේ පේනවා. නිල්මකරු ප්‍රංශ ක්‍රමය නිල්පාට ගාලා. Ho Chi Min නගර මද්දැවේ Notre-Dame Cathedral එකක් හදලා. ඇතුළට  යන්න බැහැ මොකක් හරි ප්‍රතිසංස්කරණයක්. මම පැරිස් Notre-Dame Cathedral එක බලනකොට ඒකත් ගිනි අරන් ප්‍රතිසංස්කරණය කරනවා. නමුත් ලස්සනයි.  සයිගොන් නගරයේ ප්‍රධාන තැපැල් කාර්යාලය එකත් ප්‍රංශ නිර්මාණයක්. මේ තැපැල් හල දැන් සංචාරක අවධානය දිනාගත්ත ප්‍රධාන තැනක්. ඇතුලට ගිහින් බලන්න ෆොටෝ ගන්න පුළුවනි. Picture පොස්ට් කාර්ඩ් එකක් අරන් තැපැල් කරන්න සංචාරකයෝ පෝලිමේ. මට මතක් වුනේ නුවර එළිය තැපැල් හල.එකෙත් ඔහොම එකක් කරන්න හැදුවා. ඒකට කව්දෝ මන්දා විරුද්ධ වුණා.

                                 


                                               පොස්ට් ඔෆිසිය එලියට පෙනෙන විදිහ සහ ඇතුළ  



අපේ නිදි මේ බ්ලොග් එකට නිතරම ගොඩ වදින කෙනෙක්. කෑම ගැන පොඩි විස්තරයක් කරන්න කියලා කිව්වා. මම දැකපු දේ තමා සෛගොන් කියන්නේ කෑම පාරදීසියක්. ඕනෑම කෑමක්  තියනවා. ලංකාවේ රෙස්ටුරන්ට් නම් හම්බවුනේ නැහැ. Mc Donald දැක්කෙත් නැහැ. KFC සහ ස්ටාර් බක්ස් කෝපි  නම් තිබුනා.වැඩිය නැහැ.

කෑම වලටත් ප්‍රංශ බලපෑම තියනවා. විශේෂයෙන් පාන්. Banh Mi  කියන්නේ ප්‍රංශ baguette කියන පාන් පොල්ලෙන් ආපු  එකක් . නිල් මකරු ඒක  ඔවුන්ගේම කරගෙන. BanhMi පාන්ගෙඩිය කුඩයි. ඇතුල තරමක මෘදු සැහැල්ලු ගතියක් තියනවා. crust එක තුනී හැබැයි කර කර ගාලා හැපෙනවා.ප්‍රංශ පාන් ගෙඩියට වඩා මට BanhMi  රසයි. එක ඇතුලට විවිධ දේ දාලා sub එකක් හැටියට තමයි කන්නේ. අනිත් bakery item  එක croissants. ඒවායේත්  රස වියට්නාමයේදී වෙනස් කරලා.

                                         

                                          

                                                  බන්මි - කොත්තමල්ලි කොළ අනිවාර්යයි.

ඊට අමතරව විවිධ සුප්වර්ග අත්හදා බැලුවා. Pork Beef තමයි වැඩිපුරම base එක.Phở කියන්නේ ජනප්‍රිය නුඩ්ල් සුප් එකක්. මට නම් ටිකක් සැර මදි.

 ප්‍රංශයෙන් ආවා කියලා හිතන්න පුළුවන් තවත් දෙයක් තමයි කෝපි කෝප්පය. කෝපි එකෙක විදිහට හදනවා. Viet කෝපි  එතනිනුත් විශේෂයි. තද කෝපි  රසක් එක්ක තිත්ත ගතියක් එනවා.. ඒකට ටින්කිරි ටිකක් වක්කරලා  බින්ද බින්ද තොලගාන්න තමයි තියෙන්නේ. ඔකේ Cold Brew එකකුත් තියනවා.

 කොහොම හරි ඔය කියන හැම කෑම ජාතියක්මත් බීම ජාතියක්මත් පාර අයිනේ පොඩි කරත්තවල තියනවා. උදේට වගේම ඔෆිස්  ළඟ දවල්ටත් මිනිස්සු පාරේ පොඩි බංකු වල වාඩිවෙලා  කනවා බොනවා.එක පේලියට ඔලුව උස්සන්නේ නැතුව කනවා. කුඹි රංචු සීනී කැට ටිකක් ලඟට තිබ්බහම වගේ.

 අහ් ඊළඟට කියන්න ඕනේ සාප්පූ . ලෝකයේ තියන  Luxury brands තියනවා.ඇත්තටම කිව්වොත් සයිගොන් නගරය කොළඹට වඩා මතුපිටින් දියුණු ගතියක් පේනවා.  ඊට අමතර mid range ඇදුම් කඩ  Uniqlo, H &M එහෙමත් තියනවා. නමුත් ඉතිං සංචාරකයෝ  යන්නේ fake market එකට. සමහරු නම් කියනවා second quality  කියලා. කොහොමත් original  නම් නෙමෙයි.Saigon Square  සහ Ben Than Market එක තමයි ප්‍රසිද්ධ. ගියහම කියන ගණනට වඩා අඩු කරලා තමයි ගන්න ඕනේ.

 මම ගත්ත කජු . වියට්නාම් කජු රසයි ලාබයි . කිරි රස එක්ක පොඩි ක්‍රිස්පී ගතියක් එනවා. මේ කජු සයිස් එකෙනුත් ලොකුයි.

 ඔය මොනදේ ගන්නත් ගොඩක් සල්ලි ඕනේ. එහෙනම් ලාබවෙන්නේ වෙන්නේ කොහොමද හලෝ. වියට්නාම් මුදල් ඒකකය Vietnamese đồng (VND). ලොකු සයිස් කජු කිලෝ එකක් Dong  ලක්ෂ 3 විතර වෙනවා. Dong වලින් ලක්ෂ ගණනින් කිව්වට ඩො10 පමණ තමයි වෙන්නේ.ලංකාවේ රුපියල් නම් 3600 විතර.සංසරණය වන කුඩා මුදල් ඒකකය Dong 1000. ලොකුම නෝට්ටුව ලක්ෂ 5.මුදල් ගෙවන්න ටිකක් කරදරයි. ඔයවගේම ලක්ෂ ගණනින් ගනුදෙනු කරන රටක් තමයි ඉන්දුනීසියාව.ඔය රටවලට ගියහම අපිත් බිලියනපතියෝ තමයි.

 මේ ගමන් වලදී මම යොදා ගන්න travel card එක Wise කියන කොළපාට  card එක. Debit Card  එකක්. එකේ conversion  එක අනිත් බැංකුවලට වඩා වාසියි. master card එකක් නිසා ගොඩක් තැන්වල accept කරනවා. virtual  card එකක්. එවේලාවේම email පණිවුඩයකින් currency කන්වර්ට් එක එනවා. ඕක පොඩි Travel tip එකක්. නමුත් අපි ගියපු Hoi An වල ටේලර් සාප්පු සපත්තු කඩ ඔය කාර්ඩ් ගත්හේ නැහැ. මම ගෙනිහින් තිබුණ සල්ලි ගොඩක් නැහැ. ඒක  නිසා අපේ නෝනගේ ඇදුම් මැහිල්ල ටිකක්  විතර අඩුවුණා.

                                     

                                          

                                            සයිගොන් කුමරිය රාත්‍රී සාදයට ලක ලැහැස්ති වෙමින් 

                                             

                                                

                             City Tour  බස් එකේ නැගලා යනගමන් එහෙන් මෙහෙන් ෆොටෝ ගැහුවා.

සයිගොන් නගරය රාත්‍රියට අවදියෙන්. ආරක්ෂිතයි.තායිලන්තේ වගේ පාරවල් වල ගණිකාවෝ නැහැ. Sex industry එක අය  ඉස්සරහට අරන් නැහැ. හොරෙන් හොරෙන් ක්‍රියාත්මක sex industry එකක් තියනවා.මතුපිට නැහැ.Spa නම් හැමතැනම. සැර බීම ජාති නිදහසේ බොන්න පුළුවනි. කචල් කාරයෝ බේබද්දෝ පෙන්ඩ නැහැ. මම හිතන්නේ අනික් මත්ද්‍රව්‍යත් ගන්න නැහැ.ඒවාට නීති තදයි. අපි නම් හිතන්නේ නයිට් ලයිෆ් කිව්වහම sex & drugs නේ. ඔන්න එහෙම වෙන්නම ඕනේ නැහැ.

පළවෙනි පොස්ට් එකට කමෙන්ට් කරපු ලලිත් මහත්තයා කියලා තිබ්බා වියට්නාමයේ මිනිස්සුන්ගේ හොඳ. උන්නැහේ එහේ  හිටපු කෙනෙක්.ඇත්ත මේ දවස් ටිකට එක මට තේරුණා. ඔවුන් යටහත් පහත් කාරුණික බව. (බෙන් තාන් මාර්කට් එකේ හැර. ඒ මාර්කට් එක හෙට්ටු කරන්නම හදපු තැනක්.)

ඔහොම යනකොට ඔය රටේ යුද්ධයක් තිබ්බද කියලා හිතෙනවා නේද? . නිල් මකරාගේ කඳුළු කතාව. කඳුලුම නෙමයි. දහදිය මහන්සිය වීර්ය ඔය ඔක්කොම ඉතිහාසයේ තදටම ලියැවිලා තියනවා. ඒක අපි වෙනම ලියමු. වෙලාවක් තිබ්බොත් ඇවිත් බලන්න.

No comments:

Post a Comment