ඉස්සර නිල් මකරා රතුයි. ඒ කියන්නේ කොමියුනිස්ට්. කොම්යුනිස්ට් කිව්වහම මොකද්ද කියල එකපාරටම තේරුම් ගන්න බැහැ. එක එක්කෙනා එක එක විදිහට හිතාගෙන ඉන්නවා. කියුබාව සෝවියට් දේශය චීනය උතුරු කොරියාව වියට්නාමය වගේ රටවල් කොමියුනිස්ට් කියලා තමයි කියන්නේ. එතකොට ඕක පාලන ක්‍රමයක් සහ අර්ථක්‍රමයක්. ධනවාදයට විකල්පයක්. ඒ අතරේ සමාජවාදය කියල එකකුත් කියනවා. අර්ථ වශයෙන් වෙනස් නමුත් ලිහිල්ව කොමියුනිස්ට් සහ සමාජවාද සමානව යෙදෙනව.
