ඉස්සර නිල් මකරා රතුයි. ඒ කියන්නේ කොමියුනිස්ට්. කොම්යුනිස්ට් කිව්වහම මොකද්ද කියල එකපාරටම තේරුම් ගන්න බැහැ. එක එක්කෙනා එක එක විදිහට හිතාගෙන ඉන්නවා. කියුබාව සෝවියට් දේශය චීනය උතුරු කොරියාව වියට්නාමය වගේ රටවල් කොමියුනිස්ට් කියලා තමයි කියන්නේ. එතකොට ඕක පාලන ක්‍රමයක් සහ අර්ථක්‍රමයක්. ධනවාදයට විකල්පයක්. ඒ අතරේ සමාජවාදය කියල එකකුත් කියනවා. අර්ථ වශයෙන් වෙනස් නමුත් ලිහිල්ව කොමියුනිස්ට් සහ සමාජවාද සමානව යෙදෙනව.
ගැඹුරට ගියාහම ඕවයේ අර්ථ රාශියක්. සමාජවාදී සංකල්ප කොමියුනිස්ට් සංකල්ප වලට වඩා පරණයි. වියට්නාමය යුද්ධය ඉවරවෙනකොටම කොමියුනිස්ට් කියලා තමයි හැදින්නුවේ. ඇත්තටම බැලුවොත් ලෝකයේ කිසිම රටක් මේ දක්වා පුර්ණ කොමියුනිස්ට් පාලනයක නැහැ.වියට්නාමය ලෙනින්වාදය දේශප්‍රේමයත් එක්ක කලවම් කරලා හදාගත්තු පාලනයක් කියන එක තමයි වැදගත්. අර්ථ ක්‍රමය පැත්තෙන් පුර්ණ රාජ්‍ය පාලනයකට යටවුන සමානාත්මතා සංකල්ප මුල්කරගෙන තමයි ගොඩනැගුනේ.
මේ "කොමියුනිස්ට්
" ක්‍රමය ටික ටික රට ආර්ථික ආගාධයකට
ගෙන යනවා.සෝවියට් දේශය තමයි උදව්වට හිටියේ. චීනයත් එක්ක ඇයි හොඳයියක් නැහැ. බටහිර ඇමෙරිකානු ක්‍රමය කොහොමත් විසයි. යුද්ධයෙන් පස්සේ ඔවුන්ගේ ඇමෙරිකානු විරෝධය දිගටම ගෙනිච්චා.සෝවියට් දේශය බිඳ
වැටීමත් එක්ක වියට්නාමය අර්බුදයකට යනවා. දුප්පත්කම වර්ධනය වෙනවා. වියට්නාම කොමියුනිස්ට් පක්ෂය වහාම ප්‍රතිසංස්කරන වලට යනවා. මේක තමයි ආර්ථිකය විවෘත කරන මූලික සැලැස්ම. Đổi Mới (meaning
"renovation" or "innovation") මේ ප්‍රතිසංස්කරණ
1986 ක්‍රියාත්මක කරනවා. එතනින් එහාට සෝවියට් ලැදි ප්‍රතිපත්තිය
වෙනස් කරමින් බොහොම සුක්ෂම ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. පසුකලක "Bamboo
diplomacy" (ngoại giao cây tre) කියන්නේ
ඒක.
නිල් මකරාගේ ධනවාදය. හොඳ සහ නරක
වියට්නාමය
මේ ධනවාදී ආර්ථිකයෙන් විශාල වාසි අත්කරගත්තා.දුප්පත්කම අඩුවුණා. ආර්ථිකය වර්ධනය වුනා. පොළව කොටමින් කෘෂි ආර්ථිකයකින්ම යැපුන මිනිසුන් නිෂ්පාදන හා සේවා ආර්ථිකයකට
මාරු වුනා. ඔය දේවල් ඇස
පනාපිටම සංඛ්‍යා දත්ත එක්කම ඕනේ කෙනෙක්ට පේනවා. ලංකාවේ මහත්තුරු ළඟදීම
මේ දත්ත උස්සගෙන ඔලු හෝදන්න නියමිතයි.
|
Indicator |
Early Period |
Recent Period |
|
Poverty
rate |
~58% (1993) |
~4% (2022) |
|
GDP per
capita |
<
USD 100 (1980s) |
> USD 4,000 |
|
Exports |
~25%
GDP (1990) |
~100% GDP (2023) |
|
Population
in extreme poverty |
Majority |
Small minority |
රෝස
මල් ඇතිරූ ගමන් මග?
මේ ගමන අපට හිතෙන්නේ හරි සුමට ගමනක් කියලා. එහෙම නෙමෙයි. විදේශ ණය බරම ගත්තොත් මුල් කාලයේදී ඒක ඉතා ඉහලයි. ඒ ණය යොදාගෙන ලංකාවේ වගේම සාර්ථක අසාර්ථක යටිතල පහසුකම් වර්ධනය කරා. ලංකාවේ එකවරම 2015 දී ආර්ථික ප්‍රතිපතිය වෙනස් වුන බව මතක ඇති.ඒ නිසා බොහොමයක් ව්‍යපෘති බලාපොරොත්තු ආකාරයට නිමා වුනේ නැහැ. වියට්නාමයේ දිගටම ස්ථිරසාර ගමනක්.ණය කළමනාකරණය කරගන්න විදේශ ආයෝජන ගලාගෙන ආවා. ඒ වුනත් වියට්නාමයේ සුදු අලි බොහොමයි. හැම සාර්ථක නැගිටීමක් පිටුපසම ඇදගෙන වැටීම තියනවා.
|
Project / Sector |
Period |
Objective |
What Went Wrong |
Estimated Impact |
|
Vinashin |
2005–2010 |
Create a world-class
shipbuilding champion |
Excessive borrowing,
diversification, corruption, poor management |
>USD 4 billion debt,
near collapse |
|
Vinalines |
2007–2013 |
Expand shipping and port
operations |
Overpriced ship purchases,
corruption, poor investments |
Hundreds of millions USD
losses |
|
Thai Nguyen Steel
Expansion |
2007–present |
Build domestic steel
industry |
Delays, contractor
disputes, cost overruns |
Large capital tied up for
years |
|
Biofuel / Ethanol Plants |
2007–2015 |
Reduce fuel imports,
develop biofuels |
Weak demand, poor
feasibility studies |
Several plants became
non-performing assets |
|
Central Highlands Bauxite
Projects |
2007–present |
Develop mining and
aluminium industry |
Environmental concerns,
questionable profitability |
Long-running controversy |
|
Property Boom & Bust |
2007–2013 |
Urban development and
investment |
Speculation, excessive
credit growth |
Banking stress and bad
loans |
|
Banking Sector Crisis |
2011–2013 |
Rapid credit expansion |
Non-performing loans, weak
regulation |
Major restructuring
required |
|
Ghost Industrial Parks |
Various |
Attract manufacturing FDI |
Built ahead of demand, low
occupancy |
Underused infrastructure |
|
State-Owned Enterprise
Expansion |
1995–2015 |
Create national champions |
Inefficiency, political
appointments, weak governance |
Repeated restructuring
costs |
|
Land Development Projects |
Ongoing |
Urbanization and
industrial zones |
Compensation disputes,
corruption allegations |
Social tensions and
protests |
නිල්
මකරා තවම සමාජවාදීද ?
දැන්
මේ ගමන යනකොට සමාජවාදය රෙද්ද පල්ලෙන් බේරනවා. සම්භාව්‍ය සමාජවාදයේ ශ්‍රම සුරාකෑම ඉහලින්ම සාකච්චා වෙනවා. නිෂ්පාදනයේ වටිනාකමට එකතුවන ශ්‍රමයට අඩුවටිනාකමක් දීලා ධනපතියෝ අසීමිත ලාභ ලබනවා. ඔය අදහස් කියල
තමයි කම්කරුවනි නැගිටිව් කියලා කෑ ගහන්නේ.නමුත් වියෙට්නාමයට ආයෝජකයෝ ගලන්නේ අඩු ශ්‍රමයට. ඊළඟට ඉඩම් අයිතිය. අදායම් විෂමතාවය උපරිම වෙලා. බිලියනපතියෝ බිහිවෙලා. ඔය එකකවත් වර්තමාන
වියට්නාමය සලකන්නේ නැහැ.
මිත්‍යාව.
වියට්නාමයට
විදේශ ආයෝජන ගලාගෙන
එනවා. අපේ රටේ වර්තමාන ආණ්ඩුව පත්වෙනකොට කියපු දෙයක් තමයි රටට ආයෝජකයෝ එන්න නම් දුෂණය නැති කරන්න කියලා. එහෙම වුනත් දැන් ලංකාවට ආයෝජකයෝ එන්නේ නැහැ. තවත් කථාවක් මානව
හිමිකම්. වියට්නාමය ඔය මොකවත් නැහැ. දුෂණය
තියනවා, මානව හිමිකම් අන්තිමයි. භාෂණයේ නිදහසක් නැහැ. අපි නම් GSP + සහනය ගන්න කොයි තරම් වලිකනවද?
මේකෙන්
තේරෙන්නේ විදේශ ආයෝජන එන්නේ ඔය දේවල් වලට
නෙමෙයි. අඩු ශ්‍රමය. ස්ථිර ආර්ථික ප්‍රතිපත්ති. යටිතල පහසුකම් . ඉඩම් අයිතිය. අඩු බලශක්තිය .මේවා තියනවනම් ආයෝජකයෝ එනවා.
ණය.
වියට්නාමය
මේ ගමන පටන්ගන්නකොටම ණය ගන්නවා
. ඒවා යොදාගෙන පාරවල් ගුවන් තොටුපළවල් වරායවල් හදනවා. ස්ථිර
ප්‍රතිපත්තිය නිසා ආයෝජකයෝ ඇදෙනවා. ණය කළමානාකරණය කරගෙන
යන්න පුළුවන් වුනා. බලන්න ලංකාවේ ණය වගේද
වියට්නාමයේ ණය කියලා. ඔය
ණය දෙන්න
මහා කොන්දේසි නැහැ.
මුල්කාලීන
වියට්නාමය විදේශ
ආයෝජකයෝ මත බොහොම යැපුනා.
විශේෂයෙන් Samsung සමාගම වියට්නාමයේ අපනයනයෙන් සැළකියයුතු කොටසක් දැරුවා.
ඒ අතර ණය බරත් විශාලයි.
හදිසියෙවත් මේ සමාගම් ගලවාගෙන
ගියොත් වියට්නාමය හාන්සියි. අද නම් වියට්නාමය
මේ සමාගම් විවිධාංගිකරණය කරගෙන යනවා. ඒ වුනත් තවමත්
වියට්නාමිය සමාගම් අඩුයි
ඔය
අතරේ වියට්නාමයට ස්වීප් එකක් ඇදෙනවා.සෝවියට් ණය 85% කපා හරිනවා. FDI වැඩිවෙනකොට Export වැඩිවෙනවා.
ඉතින් හොඳ ගමනක් යනවා. ලංකාවට යුද්දෙන් පස්සේ වුනදේ පෙන්නවනේ.
ඒගොල්ලන්ට හරි යන්නත් අපිට වරදින්නත් කරුණු කාරනා බොහොමයි.
හිතල බලන්න වටිනා දේවල්. සාරාංශය කිව්වොත් වියට්නාමය තනි පක්ෂ පාලනයක් තියන, නමට සමාජවාදී, පුද්ගල නිදහස ඇහිරුණ, උපරිමයෙන් ධනවාදය ක්‍රියාත්මක කරන රටක්. කව්රු හරි ලංකාවට මේ ක්‍රමය යෝජනා
කරනවානම් අනිවාර්යෙන්ම Vision එකක් තියන, හැකියාව තියන, කණ්ඩායමක්
හොයාගන්න ඕනේ. ඊට පස්සේ බැරිය
ප්‍රජාත්නත්‍රවාදය අකුලලා රට දියුණු කරන්න.
දැන් නම් ඒකට සුදුසු වෙලාව නෙමෙයි කියලයි මට හිතෙන්නේ.


.png)
.png)
.png)
.png)
No comments:
Post a Comment