Monday, December 1, 2025

ආපදාවේ පශ්චාත් කළමනාකරණය

 ට්සුනාමිය 



2004 දෙසැම්බර් 26 මමත් මගේ පෙම්වතියත් විවාහ උත්සවයට සුදානම්වෙනවා. අපිට තිබුනේ සුදුපාට ටොයෝටා dx වැගන් රථයක්. අපි ඒකෙන්  නුවර ටවුමට එනවා අවශ්‍ය කරන බඩු භාණ්ඩ හොයාගෙන. ඔන්න tv එකේ යනවා මුහුද ගොඩගලනවා කියලා. අපි මුලින් හිතුවේ වඩදිය බාදිය වගේ ඔය මොකක්හරි කියලා. ටික වෙලාවකින් තේරුණා වැඩේ බරපතල බව.

මේක කොහොමද වුනේ? මේකට කියන්නේ Tsunami.ඒක ජපන් වචනයක්.තවත්  ටික වෙලාවකින් තමයි දන්නේ "'t"' silent. අපිට internet තිබුනේ නැහැ. රුපවාහිනියෙන්ම තමා විස්තරේ දැනගත්තේ. කොටින්ම කිව්වොත් මුළු ලංකාවම එක පාරට ඉගෙනගන්නවා.

දැන් මම 2004 ලිට්මස් පරීක්ෂණයක් කරනවා . ඒකාලේ තිබුන ආණ්ඩු එකෙන් සමත්ද?. කාට හරි කියන්න පුළුවන් helping හම්බන්තොට කියලා දුෂණයක් කරා කියලා. ඔව් මේ තරම් දුෂණ තියාගෙන අකටයුතුකම් තියාගෙන ඒ ගොල්ල කරේ මොනවද. ඒකොහොමද ?  

නිවාස 100000 ආසන්න ප්‍රමාණයක් විනාශවිය 44000 පමණ අර්ධ වශයෙන් විනාශවිය. මුලින්ම තාවකාලික වාසස්ථාන වල පදින්චිකල ඔවුන්. 2008 පමනවනවිට නිවාස සාදා පදිංචිවිය.

රෝහල් 100 පමණ විනාශ විය. බහුතරයක් 2006- 2007 වනවිට සාදා නිමවිය.

මාර්ග මහාමාර්ග  කිමි 800 පමණද ප්‍රාදේශීය මාර්ග කිමි 1500 පමණද විනාශ විය. 2005 2007 වනවිට බොහොමයක් සදා නිමවිය.

දකුණු දුම්රිය මග බොහොමයක් විනාශ  වූ අතර  2005 යම්දුරකටද 2006 සම්පුර්ණයෙන්ද  සදා නිම විය.

ජලය විදුලිය මේ ආකාරයටම ඉක්මනින් යථා  තත්වයට පත්විය.

මරණ සංඛ්‍යාව  40000 පමණ විය. 

තුවාල කරුවන් 21000 පමණ විය.

අමතක කරන්න එපා උතුරේත් කරදර වුණා. ඒවටත් ආධාර ආවා . ත්‍රස්තවාදී කල්ලියක් එක්ක සහයෝගෙන් වැඩ කරලා. 2007 වෙනකොට යුදෙකුත් පටන් ගත්තා.

කලාපයේ විනාශයට සාපේක්ෂව වේගයෙන් යථා තත්වයට පත්වුන රට බවට ලංකාව කියන්න පුළුවන්.





2009



මේ වෙනකොට මම යුද්ධයෙන් තුවාල වුන අයට ප්‍රතිකාර කරනවා. 2009 සරත් ෆොන්සේකා මහත්මයා ඇතුළු රණවිරුවන් දිවිහිමියෙන් යුද්දේ ඉවරකරා. ඊට පස්සේ අපි හැමෝම නිවන් සුව ප්‍රර්ථනා කරපු නාකි මයිනා රට බාරගත්තා, අධිවේගී මාර්ග විදුලි බලාගාර නෙලුම් පොකුනු නෙලුම් කුළුණු මිනිස්සු එන්නේ නැති වරායවල් ගුවන් තොටුපොළවල් හදලා දකුණේ පිස්සු කරානේ.අපිව ණය උගුලක හිර කරානේ. ඒක අපි හැමෝම දන්නා දේ.

නමුත් පශ්චාත් ව්‍යසනයේ නියම ප්‍රතිසංස්කරන අපේ මනසේ නැහැ. මැකිලද ? එහෙම නැතිනම් කව්රුහරි delete කරාද මන්ද. IDP ඒ කියන්නේ අවතැන්වුවන් ලක්ෂ ගණනක් 2012 වෙනකොට පදිංචිකරලා. අවසන් අවතැන් කඳවුරත් වැහුව 2012. භාරවුණ ත්‍රස්තවාදී සාමාජිකයන් ළමා සොල්දාදුවන් 600 පමණ සහ වැඩිහිටියන් 11500 පමණ  පුන්රුතාපනය කරලා සමාජයට මුදාහරිනවා 2015 වෙනකොට. පාරවල් උතුරු නැගෙනහිර පමණක් කම් කි මි 2000 කට වැඩියි. සම්පුර්ණ උතුරු දුම්රිය මාර්ගය 2015 වෙනකොට හැදුවා. බිම්බෝම්බ 87% ප්‍රදේශයක් clear කරලා ඉවරයි.  උතුරු නැගෙනහිර විදුලිය සහ පානීය ජල අවශ්‍යතාවයන්  ඉටුකරා (මුළු ලංකාවම 90% විදුලි අවශ්‍යතාව සම්පුර්ණ වුනා  2015 ). රෝහල් ඉදිවුනා. එන්නත්කරණය අරම්භවුනා. මේ දේවල් වුනේ ඉන්දියානු ආධාර NGO  ආධාර කළමනාකරණය කරලා. බැසිල් 10% කොමිස් ගත්තා.

ඇයි නාකි මයිනා මේවාට credit  එක ගන්නේ නැත්තේ.? ඕවට ලකුණු දාගත්තා කියලා වැඩක් නැහැ.මයිනගේ පරම්පරාවේ ගැවිච්ච එකෙකුටවත් උතුරු නැගෙනගිර චන්ද පරම්පරගනනකට හම්බවෙන්නේ නැහැ කියලා දන්නවා. හැබැයි වැඩේ කෙරුණා.

ඔය උඩ කියපු හැමදේම වුනේ නකිමයිනාත් නුගත් දේශපාලක හැත්ත බුරුත්තකුත් විශාල හමුදාවකුත් නඩත්තු කරනගමන්. දුෂණය වංචාව ඉහලින්ම තියනකොට.



2025



ලංකාවට පහුගිය සතියේ කරදරයක් වුනා. මමත් ඉතින් හැකිපමණින් විවිධ ආධාර කරා. මේකේ මියගිය ගණන හරියටම අපි දන්නේ නැහැ. 1000කට අඩුයි. 

අපිට ඉන්නේ උගත් බුද්ධිමත් ජනාධිපතිතුමෙක් සහ ඇමති මණ්ඩලයක්. දුෂණය කොමිස් ගැහිලි නැති ආණ්ඩුවක්. ඉතින් මේ වගේ ස්වාභාවික ව්‍යසනයකින් පස්සේ රට ඉතා ඉක්මනින් යථා  තත්වයට පත්වේවි කියන බලාපොරොත්තුව අපිට තියනවා. මේකෙදි යම් නිර්ණායකයන් ටිකක් දීලා බලාගෙන ඉම්මු. අපිත් උදව් කරමු. අසාධාරණ වෙන්න එපා, කාලය දෙන්න මාස 6ක් ? අවුරුද්දක් ? ඇති නේද ? උදව් කරන්න.කුහක නොවී, කකුලෙන් අදින්නේ නැතුව. නුවරඑලිය පාර හැදෙනහැටි බලමු.  පාලම් හදන හැටි බලමු. මාවිල් ආරු බැම්ම් බදින්න උදව්වෙමු. ගෙවල් හදලා අවතැන්වුණු ටිකදෙනා පදිංචි කරමු. කලබල වෙන්න එපා.ලිට්මස් දාන්නේ ඊට පස්සේ. 


මෙහෙම ඉන්න අතරේ සමාජ මාධ්‍ය කළඹමින් පොඩි හීනියට ප්‍රචාරත් යනවා. 

1. ගංවතුරෙන් දේශපාලනය කරන්න එපා.

2. විපක්ෂ කණ්ඩායම් වාසි බලාගෙන ගං වතුරෙන් මිනිස්සු බිල්ලට දෙනවා.

3. ආණ්ඩුවට කරන චෝදනා පදනම් විරහිතයි. මේක ස්වභාවික ආපදාවක්. මේවා වලක්වගන්න කාටවත් බැහැ. ආණ්ඩුවට උදව් කරන්න.(කාලගුණ ලොක්කගේ බෙල්ල බේරුනොත් ඇති)

4. මේක මහා ව්‍යසනයක් අපි එකාවගේ නැගිටලා ගොඩ එමු. 

දැන් වෙනදා නැති මෙහෙම ප්‍රචාරයක් එකපාරටම එලියට පනින්න බැහැ. ගොඩක් අය කතාවෙලා වගේ video, face book පොස්ට් දාන්න පටන් ගත්තා. වෙනදා එන්නේ උදව් කරන උදව් ඉල්ලන පොස්ට්. මේ පාර ඒක වෙනස්. වෙනදාටත් කරදර වුනහම ආණ්ඩුවට අභියෝග කරනවා. උපදෙස් දෙනවා. වැරදි කියනවා. එහෙම නෙමෙයි මෙහෙමයි කියනවා. විද්‍යාත්මකව මේක වෙන්නේ මෙහෙමයි වගේ විග්‍රහ බොහොමයි. මෙදාපාර වෙනස්, විග්‍රහ වලට බනිනවා. 

මම නම් දැක්කේ නැහැ කව්රුත් කකුලෙන් අදිනවාවත් , සල්ලි එවන්න එපා කියනවාවත් , අනපනත් සම්මත කරගන්න එපා කියනවාවත්. හැබැයි විපක්ෂ ක්‍රියාකාරිනුත් බිමට බැහැල හරිහරියට වැඩ. කෑම උයනවා. ආධාර බෙදනවා. ඉස්සරත් එහෙම තමා. සුජීව සේනසිංහ කෙසෙල් ගෙඩියේ නම ගහලත් බෙදුවා. ඉතිං ඕකද මේ දේශපාලනය කරන්න එපා කියලා වැලපෙන්නේ. 

අනෙක් අතට මේක පොඩි දෙයක් හැටියට මුලින් බෞතිස්ම කරලා, එකපාරටම මහා ව්‍යසනයක් විදිහටත් පින්තාරු කරන්න පටන් ගත්තා. 

ව්‍යසන වල ලොකුද පොඩිද කියලා දැනෙන්නේ එළියේ ඉන්න අයට. වින්දිතයට ඒක ව්‍යසනයක්ම තමයි. සයිස් එක කියන්න බැහැ. 

මගේ තේරුමේ හැටියට මේ හැමෝවම එකම ආකාරයකට මෙහෙයවනවා. මනෝමුලික මෙහෙයුම්.ඔය කොයි මොළ හෝදන මෙහෙයුමේත් ඉත්තෙක් නොවෙන්න අපි වග බලාගන්න ඕනේ.

සාපේක්ෂව බැලුවොත් බොරු ප්‍රචාර අඩුයි. AI  edit කරපු video පවා අඩුයි.මිනිස්සු ස්වයංවාරණයක් දාගෙනද එහෙම නැතිනම් fake news බලකා ගං වතුරට අහුවෙලාද ? බොහොමයක් මිනිස්සු වගකිවයුතු මාධ්‍ය විදිහට දෙරණ වගේ නාලිකාවන් වටේ හිටියේ. පිටරටවල නම් වැඩිය ලොකු ප්‍රචාරයක් ගියේ නැහැ.ඇත්තටම ඉන්දුනීසියාව තායිලන්තය මැලේසියාව කියන රටවලත් එකවර සුලිකුනාටු බලපෑවා. ඒවායින් ලංකාව වැහිලා ගියා. ආණ්ඩුව උත්සහ කරේ නැතිනම් ලොකු ආධාරයක් එයි කියලා හිතන්න බැහැ.


අපි වෙනුවෙන් අපි කියලා හිතලා නිහඬවම වැඩ කරමු.

(පිංතුර අන්තර්ජාලයෙන් හොයාගත්තුවා)

10 comments:

  1. විශේෂ මෙහෙයුමක් නම් මටනම් පේන්නේ නැහැ . උදාහරණයක් වශයෙන් මම හිතලා මගේ ලිපිය ලිව්වේ බොරු චෝදනා වැඩි නිසා . ඒ ලිපිය ඇරෙන්නේ වෙන කොහෙවත් කවුරුහරි ලියල තියනවද ? එහෙමනම් ඒ වීඩියෝ ඒ කතා ඔයා බලල නැහැ . ඒකයි වෙලා තියෙන්නේ .

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්මයා ඔබේ ලිපිය ඇත්තටම කරුණු කාරණා ඇතුවනේ ලිව්වේ. නමුත් අර ගෝමස් වගේ අයත් ලියල තිබුනේ. මගේ තර්කය වෙන්නේ මේකයි. විවේචන නවතින්නේ නැහැ, ඔබ එයට දෙන පිළිතුරත් ගැටළුවක් නැහැ. මම ඔබ සමග එකඟ වෙන එක තැනක් එතන. ස්වාභාවික ආපදා 100% කිසිම කෙනෙකුට predict කරන්න බැහැ. disaster management කියන විෂයට ලංකාවේ ප්‍රමානිකව උගතුන් ඉන්න්නවා. කොළඹ විශ්වවිද්‍යාලයේ MSc එකක් පවා තියනවා. ඉතිං පැහැදීලිවම මෙතන වරදක් සිදුවෙලා තියනවනම් ඒ ගැන හොයලා බලලා තීරණයක් ගන්න. කාලගුණ ලොක්කා කිව්වවද ? එහෙම කිව්වා නම් මොකක්ද කාටද ? අපදා කළමනාකරණ මද්‍යස්ථානය මොකද්ද ගත්ත පියවර. මේවගේ දේවල් ඔබතුමා ඇතුළු අයට හොයලා ලියන්න පුළුවන්. රාජ්‍ය යන්ත්නයේ නම් internal audit එකක් කරන්න පුළුවන්. අවශ්‍යවෙන්නේ ගිය ආණ්ඩුවගේ කල් මරණ කොමිෂන් නොවෙයි.
      ආණ්ඩුවට තියන ප්‍රධාන අභියෝගය ඕක නෙමයි. පශ්චාත් කළමනාකරණය. ඒකට අවධානය යොමු කරන්න. මිනිස්සු ඉරාජ් හරි කව්රුහරි you tube කාරයෙක් දාන දේවල් ගැන දැන් අවදානයක් නැහැ.ඒවා සෝඩා බෝතලයක රැස් ඇරිය වගෙයි. අපි හිටපු උන්ට වඩා කාර්යක්ෂමයි කියලා පෙන්වන්න.

      Delete
  2. https://www.youtube.com/watch?v=wlvEdBV9rUA

    ReplyDelete
  3. https://www.youtube.com/watch?v=0ao1j5GuKHI

    ReplyDelete
  4. https://www.youtube.com/watch?v=0jIKAST_3jQ&t=355s

    ReplyDelete
  5. https://www.youtube.com/watch?v=M5S58iXu6_g

    ReplyDelete
  6. https://www.youtube.com/watch?v=Yx8-wjD2weM

    ReplyDelete
  7. තව ඕන තරම් තියනව .

    ReplyDelete
  8. සචින් රත්වත්තේ , ඉරාජ් , මිලින්ද රාජපක්ෂ , අභීත එදිරිසිංහ ඔය ඔක්කොම සංවිධනය වෙලා ගහන්නේ මඩ සහ පච ප්‍රචාර . ආණ්ඩුව හුඟක්ම සද්ද නැතිව ඉන්නේ . ඒ කාලේ ඔයා ඔය මතක් කරණ කාලේ විවේචන වලට පිළිතුරු දුන්නේ වෙන විධිහකට . මතක ඇතිනේ - ලසන්ත වික්‍රමතුංග , ප්‍රදීප් එක්නැලිගොඩ , පොද්දල ජයන්ත ලිස්ට් එක හෙන දිගයි . මේ ආණ්ඩුව ඔහේ ඉන්නව . වෙලාවකට ඕනෑවට වඩා නිහඬයි

    ReplyDelete
  9. ඔඅබට අමතක් තවත් දේ තියනව . මහින්ද අමහත්තයව ගෙනාවේ දිනන්න දරදිය ඇද්දේ ජවිපෙ - සෝමවංශ ඇතුළු කණ්ඩායම , චම්පික ගේ හෙළ උරුමය . ඒ කාලේ අපි ඔක්කොම සපෝට් මහින්දට . දෙවන පාර දිනන කොටත් අපි සපෝර්ට් . මට හරියටම මතකයි මම නිත් පැත්ත ගැහුවේ කොතනදීද කියල අර රුසියන් ගැහැණු ලමයව රේප් කරලා බෝයි ෆ්‍රෙන්ඩ් මරල , ඒක කරපු අය නිදහස් කරපු වෙලාවේ . ඊට පස්සේ ජුලම්පිටියේ අමරේගේ පටන් සිද්ධි . යහපාලනයට සපෝර්ට් කලේ ඒ කාලේ . හැබැයි උනුත් කෙලියා . එතකොටත් කවුඋර්ත් ජවිපෙට ලොකුවට සපෝර්ට් කලේ නැහැ .

    ReplyDelete