ට්සුනාමිය
2004 දෙසැම්බර් 26 මමත් මගේ පෙම්වතියත් විවාහ උත්සවයට සුදානම්වෙනවා. අපිට තිබුනේ සුදුපාට ටොයෝටා dx වැගන් රථයක්. අපි ඒකෙන් නුවර ටවුමට එනවා අවශ්‍ය කරන බඩු භාණ්ඩ හොයාගෙන. ඔන්න tv එකේ යනවා මුහුද ගොඩගලනවා කියලා. අපි මුලින් හිතුවේ වඩදිය බාදිය වගේ ඔය මොකක්හරි කියලා. ටික වෙලාවකින් තේරුණා වැඩේ බරපතල බව.
මේක කොහොමද වුනේ? මේකට කියන්නේ Tsunami.ඒක ජපන් වචනයක්.තවත් ටික වෙලාවකින් තමයි දන්නේ "'t"' silent. අපිට internet තිබුනේ නැහැ. රුපවාහිනියෙන්ම තමා විස්තරේ දැනගත්තේ. කොටින්ම කිව්වොත් මුළු ලංකාවම එක පාරට ඉගෙනගන්නවා.
දැන් මම 2004 ලිට්මස් පරීක්ෂණයක් කරනවා . ඒකාලේ තිබුන ආණ්ඩු එකෙන් සමත්ද?. කාට හරි කියන්න පුළුවන් helping හම්බන්තොට කියලා දුෂණයක් කරා කියලා. ඔව් මේ තරම් දුෂණ තියාගෙන අකටයුතුකම් තියාගෙන ඒ ගොල්ල කරේ මොනවද. ඒකොහොමද ?
නිවාස 100000 ආසන්න ප්‍රමාණයක් විනාශවිය 44000 පමණ අර්ධ වශයෙන් විනාශවිය. මුලින්ම තාවකාලික වාසස්ථාන වල පදින්චිකල ඔවුන්. 2008 පමනවනවිට නිවාස සාදා පදිංචිවිය.
රෝහල් 100 පමණ විනාශ විය. බහුතරයක් 2006- 2007 වනවිට සාදා නිමවිය.
මාර්ග මහාමාර්ග කිමි 800 පමණද ප්‍රාදේශීය මාර්ග කිමි 1500 පමණද විනාශ විය. 2005 2007 වනවිට බොහොමයක් සදා නිමවිය.
දකුණු දුම්රිය මග බොහොමයක් විනාශ වූ අතර 2005 යම්දුරකටද 2006 සම්පුර්ණයෙන්ද සදා නිම විය.
ජලය විදුලිය මේ ආකාරයටම ඉක්මනින් යථා තත්වයට පත්විය.
මරණ සංඛ්‍යාව 40000 පමණ විය.
තුවාල කරුවන් 21000 පමණ විය.
අමතක කරන්න එපා උතුරේත් කරදර වුණා. ඒවටත් ආධාර ආවා . ත්‍රස්තවාදී කල්ලියක් එක්ක සහයෝගෙන් වැඩ කරලා. 2007 වෙනකොට යුදෙකුත් පටන් ගත්තා.
කලාපයේ විනාශයට සාපේක්ෂව වේගයෙන් යථා තත්වයට පත්වුන රට බවට ලංකාව කියන්න පුළුවන්.
2009
මේ වෙනකොට මම යුද්ධයෙන් තුවාල වුන අයට ප්‍රතිකාර කරනවා. 2009 සරත් ෆොන්සේකා මහත්මයා ඇතුළු රණවිරුවන් දිවිහිමියෙන් යුද්දේ ඉවරකරා. ඊට පස්සේ අපි හැමෝම නිවන් සුව ප්‍රර්ථනා කරපු නාකි මයිනා රට බාරගත්තා, අධිවේගී මාර්ග විදුලි බලාගාර නෙලුම් පොකුනු නෙලුම් කුළුණු මිනිස්සු එන්නේ නැති වරායවල් ගුවන් තොටුපොළවල් හදලා දකුණේ පිස්සු කරානේ.අපිව ණය උගුලක හිර කරානේ. ඒක අපි හැමෝම දන්නා දේ.
නමුත් පශ්චාත් ව්‍යසනයේ නියම ප්රතිසංස්කරන අපේ මනසේ නැහැ. මැකිලද ? එහෙම නැතිනම් කව්රුහරි delete කරාද මන්ද. IDP ඒ කියන්නේ අවතැන්වුවන් ලක්ෂ ගණනක් 2012 වෙනකොට පදිංචිකරලා. අවසන් අවතැන් කඳවුරත් වැහුව 2012. භාරවුණ ත්‍රස්තවාදී සාමාජිකයන් ළමා සොල්දාදුවන් 600 පමණ සහ වැඩිහිටියන් 11500 පමණ පුන්රුතාපනය කරලා සමාජයට මුදාහරිනවා 2015 වෙනකොට. පාරවල් උතුරු නැගෙනහිර පමණක් කම් කි මි 2000 කට වැඩියි. සම්පුර්ණ උතුරු දුම්රිය මාර්ගය 2015 වෙනකොට හැදුවා. බිම්බෝම්බ 87% ප්‍රදේශයක් clear කරලා ඉවරයි. උතුරු නැගෙනහිර විදුලිය සහ පානීය ජල අවශ්‍යතාවයන් ඉටුකරා (මුළු ලංකාවම 90% විදුලි අවශ්‍යතාව සම්පුර්ණ වුනා 2015 ). රෝහල් ඉදිවුනා. එන්නත්කරණය අරම්භවුනා. මේ දේවල් වුනේ ඉන්දියානු ආධාර NGO ආධාර කළමනාකරණය කරලා. බැසිල් 10% කොමිස් ගත්තා.
ඇයි නාකි මයිනා මේවාට credit එක ගන්නේ නැත්තේ.? ඕවට ලකුණු දාගත්තා කියලා වැඩක් නැහැ.මයිනගේ පරම්පරාවේ ගැවිච්ච එකෙකුටවත් උතුරු නැගෙනගිර චන්ද පරම්පරගනනකට හම්බවෙන්නේ නැහැ කියලා දන්නවා. හැබැයි වැඩේ කෙරුණා.
ඔය උඩ කියපු හැමදේම වුනේ නකිමයිනාත් නුගත් දේශපාලක හැත්ත බුරුත්තකුත් විශාල හමුදාවකුත් නඩත්තු කරනගමන්. දුෂණය වංචාව ඉහලින්ම තියනකොට.
2025
ලංකාවට පහුගිය සතියේ කරදරයක් වුනා. මමත් ඉතින් හැකිපමණින් විවිධ ආධාර කරා. මේකේ මියගිය ගණන හරියටම අපි දන්නේ නැහැ. 1000කට අඩුයි.
අපිට ඉන්නේ උගත් බුද්ධිමත් ජනාධිපතිතුමෙක් සහ ඇමති මණ්ඩලයක්. දුෂණය කොමිස් ගැහිලි නැති ආණ්ඩුවක්. ඉතින් මේ වගේ ස්වාභාවික ව්‍යසනයකින් පස්සේ රට ඉතා ඉක්මනින් යථා තත්වයට පත්වේවි කියන බලාපොරොත්තුව අපිට තියනවා. මේකෙදි යම් නිර්ණායකයන් ටිකක් දීලා බලාගෙන ඉම්මු. අපිත් උදව් කරමු. අසාධාරණ වෙන්න එපා, කාලය දෙන්න මාස 6ක් ? අවුරුද්දක් ? ඇති නේද ? උදව් කරන්න.කුහක නොවී, කකුලෙන් අදින්නේ නැතුව. නුවරඑලිය පාර හැදෙනහැටි බලමු. පාලම් හදන හැටි බලමු. මාවිල් ආරු බැම්ම් බදින්න උදව්වෙමු. ගෙවල් හදලා අවතැන්වුණු ටිකදෙනා පදිංචි කරමු. කලබල වෙන්න එපා.ලිට්මස් දාන්නේ ඊට පස්සේ.
මෙහෙම ඉන්න අතරේ සමාජ මාධ්‍ය කළඹමින් පොඩි හීනියට ප්‍රචාරත් යනවා.
1. ගංවතුරෙන් දේශපාලනය කරන්න එපා.
2. විපක්ෂ කණ්ඩායම් වාසි බලාගෙන ගං වතුරෙන් මිනිස්සු බිල්ලට දෙනවා.
3. ආණ්ඩුවට කරන චෝදනා පදනම් විරහිතයි. මේක ස්වභාවික ආපදාවක්. මේවා වලක්වගන්න කාටවත් බැහැ. ආණ්ඩුවට උදව් කරන්න.(කාලගුණ ලොක්කගේ බෙල්ල බේරුනොත් ඇති)
4. මේක මහා ව්‍යසනයක් අපි එකාවගේ නැගිටලා ගොඩ එමු.
දැන් වෙනදා නැති මෙහෙම ප්‍රචාරයක් එකපාරටම එලියට පනින්න බැහැ. ගොඩක් අය කතාවෙලා වගේ video, face book පොස්ට් දාන්න පටන් ගත්තා. වෙනදා එන්නේ උදව් කරන උදව් ඉල්ලන පොස්ට්. මේ පාර ඒක වෙනස්. වෙනදාටත් කරදර වුනහම ආණ්ඩුවට අභියෝග කරනවා. උපදෙස් දෙනවා. වැරදි කියනවා. එහෙම නෙමෙයි මෙහෙමයි කියනවා. විද්‍යාත්මකව මේක වෙන්නේ මෙහෙමයි වගේ විග්රහ බොහොමයි. මෙදාපාර වෙනස්, විග්රහ වලට බනිනවා.
මම නම් දැක්කේ නැහැ කව්රුත් කකුලෙන් අදිනවාවත් , සල්ලි එවන්න එපා කියනවාවත් , අනපනත් සම්මත කරගන්න එපා කියනවාවත්. හැබැයි විපක්ෂ ක්‍රියාකාරිනුත් බිමට බැහැල හරිහරියට වැඩ. කෑම උයනවා. ආධාර බෙදනවා. ඉස්සරත් එහෙම තමා. සුජීව සේනසිංහ කෙසෙල් ගෙඩියේ නම ගහලත් බෙදුවා. ඉතිං ඕකද මේ දේශපාලනය කරන්න එපා කියලා වැලපෙන්නේ.
අනෙක් අතට මේක පොඩි දෙයක් හැටියට මුලින් බෞතිස්ම කරලා, එකපාරටම මහා ව්‍යසනයක් විදිහටත් පින්තාරු කරන්න පටන් ගත්තා.
ව්‍යසන වල ලොකුද පොඩිද කියලා දැනෙන්නේ එළියේ ඉන්න අයට. වින්දිතයට ඒක ව්‍යසනයක්ම තමයි. සයිස් එක කියන්න බැහැ.
මගේ තේරුමේ හැටියට මේ හැමෝවම එකම ආකාරයකට මෙහෙයවනවා. මනෝමුලික මෙහෙයුම්.ඔය කොයි මොළ හෝදන මෙහෙයුමේත් ඉත්තෙක් නොවෙන්න අපි වග බලාගන්න ඕනේ.
සාපේක්ෂව බැලුවොත් බොරු ප්‍රචාර අඩුයි. AI edit කරපු video පවා අඩුයි.මිනිස්සු ස්වයංවාරණයක් දාගෙනද එහෙම නැතිනම් fake news බලකා ගං වතුරට අහුවෙලාද ? බොහොමයක් මිනිස්සු වගකිවයුතු මාධ්‍ය විදිහට දෙරණ වගේ නාලිකාවන් වටේ හිටියේ. පිටරටවල නම් වැඩිය ලොකු ප්‍රචාරයක් ගියේ නැහැ.ඇත්තටම ඉන්දුනීසියාව තායිලන්තය මැලේසියාව කියන රටවලත් එකවර සුලිකුනාටු බලපෑවා. ඒවායින් ලංකාව වැහිලා ගියා. ආණ්ඩුව උත්සහ කරේ නැතිනම් ලොකු ආධාරයක් එයි කියලා හිතන්න බැහැ.
අපි වෙනුවෙන් අපි කියලා හිතලා නිහඬවම වැඩ කරමු.
(පිංතුර අන්තර්ජාලයෙන් හොයාගත්තුවා)
විශේෂ මෙහෙයුමක් නම් මටනම් පේන්නේ නැහැ . උදාහරණයක් වශයෙන් මම හිතලා මගේ ලිපිය ලිව්වේ බොරු චෝදනා වැඩි නිසා . ඒ ලිපිය ඇරෙන්නේ වෙන කොහෙවත් කවුරුහරි ලියල තියනවද ? එහෙමනම් ඒ වීඩියෝ ඒ කතා ඔයා බලල නැහැ . ඒකයි වෙලා තියෙන්නේ .
ReplyDeleteඅජිත් මහත්මයා ඔබේ ලිපිය ඇත්තටම කරුණු කාරණා ඇතුවනේ ලිව්වේ. නමුත් අර ගෝමස් වගේ අයත් ලියල තිබුනේ. මගේ තර්කය වෙන්නේ මේකයි. විවේචන නවතින්නේ නැහැ, ඔබ එයට දෙන පිළිතුරත් ගැටළුවක් නැහැ. මම ඔබ සමග එකඟ වෙන එක තැනක් එතන. ස්වාභාවික ආපදා 100% කිසිම කෙනෙකුට predict කරන්න බැහැ. disaster management කියන විෂයට ලංකාවේ ප්‍රමානිකව උගතුන් ඉන්න්නවා. කොළඹ විශ්වවිද්‍යාලයේ MSc එකක් පවා තියනවා. ඉතිං පැහැදීලිවම මෙතන වරදක් සිදුවෙලා තියනවනම් ඒ ගැන හොයලා බලලා තීරණයක් ගන්න. කාලගුණ ලොක්කා කිව්වවද ? එහෙම කිව්වා නම් මොකක්ද කාටද ? අපදා කළමනාකරණ මද්‍යස්ථානය මොකද්ද ගත්ත පියවර. මේවගේ දේවල් ඔබතුමා ඇතුළු අයට හොයලා ලියන්න පුළුවන්. රාජ්‍ය යන්ත්නයේ නම් internal audit එකක් කරන්න පුළුවන්. අවශ්‍යවෙන්නේ ගිය ආණ්ඩුවගේ කල් මරණ කොමිෂන් නොවෙයි.
Deleteආණ්ඩුවට තියන ප්‍රධාන අභියෝගය ඕක නෙමයි. පශ්චාත් කළමනාකරණය. ඒකට අවධානය යොමු කරන්න. මිනිස්සු ඉරාජ් හරි කව්රුහරි you tube කාරයෙක් දාන දේවල් ගැන දැන් අවදානයක් නැහැ.ඒවා සෝඩා බෝතලයක රැස් ඇරිය වගෙයි. අපි හිටපු උන්ට වඩා කාර්යක්ෂමයි කියලා පෙන්වන්න.
ඉතින් හොයලා නේන්නම් අර මම ලිපිය ලියල තියෙන්නේ . කාලගුණ දෙපාර්තමේන්තුවෙන් කියපු දේ දාල තියෙන්නේ . එයා ඒ සාකච්චාවේදී මිලිමීටර් 250 ක වර්ශාපතනයක් එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන් කියල තියනවා . ඒ ලිපියේ සහ මම දල තියෙනේ වීඩියෝ එකේ පැහැදිලිව කියනවා නොවැම්බර් 23 එයාල එක ගඟක සහ වැව් තුන හතරක වාන් දොරටු අරිනවා . ඒවා අනුරගේ වැඩ නෙමෙයි වාර්මාර්ග ඉංජිනේරුවෝ කරන්න ඕනේ වැඩ . ඒවා එයාල කරනවා . නමුත් දවස් එකහමාරක් ඇතුලත මිමි 300 සිට 500 දක්වා වර්ෂාවක් එන්න පුළුවන් කියල විදේශ සේවාවක කියනවා . මෙන්න මේක ලංකාවේ කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව නොසලකා හැර තිබෙනවා ඒ ඇයි ? එක්කෝ ඒ විදේශ සේවාවෙන් ගන්න තිබ්බ ඒ දත්ත .
Deleteදැන් නිලධාරීන් වැරදි කියමුකෝ. නමුත් අනුර මහත්මයා ඇවිත් අව්රුද්දක් වුනා. ඔහු ජනාධිපති වෙන්ඩ කලින් විශිෂ්ට කතාවක් කරනවා ස්වාභාවික අපදා ගැන. මේ ගැන ඔහුගේ යටතේ තියන අමාත්‍යංශයෙන් යම් ආරම්භයක් ගත්තද ? මේ සම්භන්ධ දැනුවත් කරන්න ජනාධිපති උපදේශකයන් සිටිනවද? මේ අන්තර්ජාතික වාර්තා පරීකෂා කරන්න යම් නිලධාරියෙක් ඉන්නවද ? BBC ආයතනය හරියටම මිමි 500 කියලා කියනකොටම අපි එහෙම නොවුනේ ඇයි ? මිමි 250 වර්ෂාව කියමුකෝ . සුලිකුනාටුව දිවයිනට ඇතුළුවෙන්න දවසකට පෙර දැනගත්තා කියමුකෝ ආපදා කළමනාකරණ මද්‍යස්ථානය ගත පියවර මොනවද? මේවා හොයන්නේ ආණ්ඩුව ගෙදර යවන්න නෙමෙයි. blame game එහෙකට නෙමෙයි. Root cause analysis කරලා නැවත වැරදි වෙන එක වලක්වන්න. ඉකමනින් මාසයක් ඇතුලත හොයලා හිල් වහන්න පුළුවනි. පළමුව විපතට පත් අයට සහන දෙන්න. ඉන් පසුව වැරදි නිවැරිදි කරගන්න. පශ්චාත් ක්‍රියාවලියට ප්‍රමුඛත්වය දෙන්න. විපක්ෂය දිගටම දේශපාලනය කරයි.
Deleteඔයා ඇත්තටම හෙව්වොත් මේවට පිළිතුරු ලැබෙයි කියල මම හිතනවා . මම වුනත් ඔය BBC කතාව දැක්කේ ෆේස්බුක් එකේ පල වෙනිදා . ඇයි කාලගුණ දෙපාර්තමේන්තුව තියෙන්නේ ඒකට නෙමෙයිද ? ඒ අය ඕක දැකල නැත්ද? ජනාධ්පතිට පරිසර උපදේශකයෝ නැහැ . එයා rely වෙන්න කාලගුණ දෙපාර්තමේන්තුව සහ අනිත් ආයතන මත . සමහර විට දැන් ගනී. අපි ඕක මුලින්ම ආණ්ඩුවට කීව . මම පෞද්ගලිකවත් ඇහුව ඇයි පරන ආණ්ඩුවේ නිලධාරීන් තවම තියන් ඉන්නේ කියල . මට විජිත හේරත් කිව්වා ඒ අයට පළපුරුද්ද අත්දැකීම් තියනව. හොර මැරකම් කරලා නැත්නම් අපි ඒ අය අස් කරන්නේ ඇයි ? අපට ඡන්දේ දුන්නද නැත්ද කියන එක වැදගත් නැහැ කියල. මම හිතනවා දැන් ඒ ගොල්ලන්ට තේරෙනවා ඇති අලුත් ආණ්ඩුවක් අවහම (ඉස්සර) ඇයි ලොකු තැන්වල හැමෝම අස් කර කර තමන්ගේ අය දාන්නේ කියල. පර්ලිම්න්තුවේ පවා ඔක්කොම ඉන්නේ (ලේකම් ගේ පටන්) මහින්ද ගේ කාලේ දාපු අය . ආණ්ඩුවට එක අතකට මේක දැනෙන්න ඕනේ. සුළි කකුණාටුවට වැටෙන දවසේ පහුවද ආණ්ඩුවට උපදේශ දෙන්න ඕනේ මේ නිලධාරීන්. නමුත් ඒ ගොල්ල හදල තියෙන්නේ ජනාධ්පති කකුල පොලේ ගහල කියන ඒවා කරන්න. ඔය අනිත් ප්‍රශ්නේ ඔයා ඉන්න රට මොකද්ද මම දන්නේ නැහැ. නමුත් බ්‍රිතාන්‍යයේ එහම නම් එහෙමයි. නිලධාරීන් වාර්තා අරන් දුවනවා අගමැති ගාවට කතා කරාම . ඒ ගොල්ල්ල දෙන උපදෙස් වලින් හොඳම එක තෝරලා ක්‍රියාත්මක කරනවා . මටනම් තේරුනා අනුර බලා හිටිය නිලධාරීන් ගන්න පියරවල් මුලින්. ඊට පස්සේ තමයි අත දාන්න ගත්තේ. ඒක හරි වුනත් ලංකාව තවම ඒ වගේ වැඩ කරන්න ලෙහෙස්ති නැහැ කියල මට හිතෙන්නේ. දැන් එයට තියෙන්නේ ඔයා කියන Root cause analysis කරලා නැවත වැරදි වෙන එක වලක්වන්න. හැබැයි විපක්ෂේ කියනව වගේ 29ද ඉඳන් වතුර ටිඅක් ටික අරින්න, ඒවා කරන්න බැහැ . ඔයා දන්නවා ඇති ඒක . අනික අවුරුදු ගණන් වැරදි තැන්වල වැරදි විධිහට හදපු ගොඩ නැගිලි එක රැයින් අහක් කරන්න බැහැ . මිනිස්සු කීවට අයින් වෙන්නෙත් නැහැ . ගොඩක් හමුදාවේ අයත් ඒ කතාව කිව්වා . මේ ගොඩක් දේවල අලුතින් ප්ලෑන් කරන්න වෙනවා.
Deleteආපදා කළමනාකරණ මධස්ථානය - According to the Disaster Management Centre (DMC), over 1.5 million people have been affected by the catastrophe. At least 233,015 people remain in safety centres across the island, with 465 confirmed deaths and 366 individuals still missing. Satellite imagery released by humanitarian agencies shows entire stretches of farmland, highways, and riverside communities submerged following more than 350 mm of rain within 24 hours when the storm barrelled across the island on 28 November. -https://www.lankaenews.com/news/4883/en
Deleteසොරි මෙන්න සිංහල එක -https://www.lankaenews.com/news/16936/si
Deletehttps://www.youtube.com/watch?v=wlvEdBV9rUA
ReplyDeletehttps://www.youtube.com/watch?v=0ao1j5GuKHI
ReplyDeletehttps://www.youtube.com/watch?v=0jIKAST_3jQ&t=355s
ReplyDeletehttps://www.youtube.com/watch?v=M5S58iXu6_g
ReplyDeletehttps://www.youtube.com/watch?v=Yx8-wjD2weM
ReplyDeleteතව ඕන තරම් තියනව .
ReplyDeleteසචින් රත්වත්තේ , ඉරාජ් , මිලින්ද රාජපක්ෂ , අභීත එදිරිසිංහ ඔය ඔක්කොම සංවිධනය වෙලා ගහන්නේ මඩ සහ පච ප්‍රචාර . ආණ්ඩුව හුඟක්ම සද්ද නැතිව ඉන්නේ . ඒ කාලේ ඔයා ඔය මතක් කරණ කාලේ විවේචන වලට පිළිතුරු දුන්නේ වෙන විධිහකට . මතක ඇතිනේ - ලසන්ත වික්‍රමතුංග , ප්‍රදීප් එක්නැලිගොඩ , පොද්දල ජයන්ත ලිස්ට් එක හෙන දිගයි . මේ ආණ්ඩුව ඔහේ ඉන්නව . වෙලාවකට ඕනෑවට වඩා නිහඬයි
ReplyDeleteඔඅබට අමතක් තවත් දේ තියනව . මහින්ද අමහත්තයව ගෙනාවේ දිනන්න දරදිය ඇද්දේ ජවිපෙ - සෝමවංශ ඇතුළු කණ්ඩායම , චම්පික ගේ හෙළ උරුමය . ඒ කාලේ අපි ඔක්කොම සපෝට් මහින්දට . දෙවන පාර දිනන කොටත් අපි සපෝර්ට් . මට හරියටම මතකයි මම නිත් පැත්ත ගැහුවේ කොතනදීද කියල අර රුසියන් ගැහැණු ලමයව රේප් කරලා බෝයි ෆ්‍රෙන්ඩ් මරල , ඒක කරපු අය නිදහස් කරපු වෙලාවේ . ඊට පස්සේ ජුලම්පිටියේ අමරේගේ පටන් සිද්ධි . යහපාලනයට සපෝර්ට් කලේ ඒ කාලේ . හැබැයි උනුත් කෙලියා . එතකොටත් කවුඋර්ත් ජවිපෙට ලොකුවට සපෝර්ට් කලේ නැහැ .
ReplyDeleteඅජිත් මහත්මයා මේක හොඳ මාතෘකාවක්. මහින්ද රාජපක්ෂ කියන චරිතය microanalysis එකක් කරලා බැලුවොත් හොඳ නරක මජර වැඩ සිරා වැඩ ඔක්කොම තියනවා. අපි කරන්නේ ඒ ඒ අවස්ථාවට අදාළ දේ විතරක් අරගෙන context එකෙනුත් එලියට අරගෙන පුද්ගලයාව විවේචනය. JR බිහිවෙන්නේ සිරිමාවෝ ආණ්ඩුවට සාපේක්ෂව. විජේවීර JR ට සාපේක්ෂව. ප්‍රේමදාස විජේවීරට සාපේක්ෂව. ඔය හැම බල ව්‍යාපෘතියකම ප්‍රතිවිරුද්ධ බලයක් ක්රියත්මකවෙනවා.ඉතිං පුල්ගලයෙක් විශ්ලේෂණය කරනවානම් ප්‍රතිවිරුද්ධ බල ව්‍යාපෘතිය ගැන අවබෝදයකින් කලයුතුයි.නමුත් මේකෙදි අපි ආපදා කළමනාකරණය ගැන විතරක් කතා කරමු.
Deleteලංකාවේ ජනතාව පක්ෂ වෙන ඕනෑම පැත්තකට මම පක්ෂයි . ජනතාව තමයි හොඳට දන්නේ . ඔවුන් රාජපක්ෂලා ගැන දැනගත් නිසා තමා දෙපාරක්ම චන්දෙ දීල ඊට පස්සේ එලෙව්වේ . යහපාලනෙට ඡන්දේ දීල උන් කේස් දානකොට එලෙව්වේ . ගෝටා ට ඡන්දේ දීල අසමත් වෙනකොට එලෙව්වේ . මේ ගොල්ලෝ අසමත් වෙන පළමු සැරේම මෙයලටත් ඒකම වෙනවා .
Deleteමම ඔබ සමඟ එකඟ වෙන එක තැනක් තමයි ප්‍රජාතාන්ත්‍රික රටක විවේචන කිරීමට තියෙන හැකියාව. විපක්ෂයේ විවේචන, එකාතකට ඇත්තම නූනත්, බාග ඇත්ත වුනත් කමක නෑ කියල හිතෙනවා. මොකද විරුද්ධ වීමට ඇති හැකියාව නොමැති කම භයානකයි. ඒ වගේම අජිත්ට, චන්දිම ගෝමස්ට ඒ ගැන පිළිතුරු දෙන්න ඇති අයිතියත් ඒ ඩීල් එකේම කොටසක්.
ReplyDeleteබස්සා මහත්මයා විවේචනය වගේම පිලිතුරුදිමත් වැදගත්. නමුත් පිළිතුර කියන්නේ දේශපාලනය කරන්න එපා කියන එක නෙමෙයි. විශේෂයෙන්ම විශ්ලේෂණ හැකියාවක් තියෙන්න ඕනි. දේශපාලනය කරන්න එපා කියන කොට ආණ්ඩු පෙරළන් එක, උද්ගෝෂණ වැඩවර්ජන කැදවන එක , රාජ්‍ය සේවකයන් හිරේ දමන බවට තර්ජනය කරන එක, පිටරටින් ආධාර එවන්න එපා කියන එක, අනපනත් සම්මත කරගන්න නොදෙන එක අයත්. නමුත් කෑම බෙදන එක. ආණ්ඩුවේ ක්‍රියාමාර්ග විවේචනය දේශපාලනය කිරීමක් කියලා ලඝූ කරන එක වැරදයි.
Deletehttps://www.lankaenews.com/news/4880/en
Deleteතතු දත් උදවියගෙ නෙත් යොමු වී මෙහෙට
ReplyDeleteගැටේවා ගොඩක් අදහස් එක දිගට
විසිවී දූලි කුණු සේරම පැත්තකට
ලැබෙයි එවිට ඉඩ 'ඇත්ත'ට බැබලෙන්ට
ස්තුතියි නිදි කවි ගී ලිව්වාට
Deleteඅහිතක් නොවෙයි මතයක් මම කිව්වාට
හැමටම පෙර රටක් ගැන අප හිතුවාට
සමහරු ගන්නවා තම පක්ෂය පාට
https://www.youtube.com/watch?v=ywFQSWHYg3w
ReplyDeleteතෙත් බිම් ගොඩ කරපු අය - නිකම් මේ එකක් දැම්මේ : රැම්සා තෙත් බිමක් අත්තනෝමතිකව වැනසූ සෝමරත්න දිසානායකගේ අනීතික කටයුතු මහරගම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවෙන් වළක්වයි!
ReplyDeleteවිශාල දේශපාලන බලයක් සහිතව අත්තනෝමතිකව කටයුතු කරමින් රැම්සා සම්මුතිය යටතේ රැම්සා තෙත් බිමක් බවට ප්‍රකාශ කර ඇති මහරගම බෝගහවත්ත කුඹුරු යායේ අනීතික ඉදිකිරීම් සිදුකරන අතරම වෙල් යාය ගොඩකිරීමේ අත්තනෝමතික හැසිරීමක් ප්‍රකට කළ ප්‍රසිද්ධ සිනමා අධ්යක්ෂවරයෙක් වූ සෝමරත්න දිසානායක විසින් සිදුකළ සියලුම අනීතික කටයුතු වළක්වා පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ තිරසාර වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට මහරගම ප්‍රාදේශීය සංවර්ධන කමිටුව එම භූමියේ සිදුකළ ස්ථානීය පරීක්ෂණයකින් අනතුරුව තීරණය කර තිබේ.
ගම්වැසියන් පිරිසක් විසින් සෝමරත්න දිසානායක විසින් සිය දේශපාලන බලය, මෙන්ම ඇතැම් අවස්ථාවල මැර බලය ද සහිතව දියත් කළ අනිතික හැසිරීම දැඩිව ප්‍රශ්නකරමින් මෙම කෙත්බිම රැකගැනීමට උත්සාහ කර තිබුණේ එය කලාපයක් තුළ ජලය බැස යන ප්‍රධානම ස්වභාවික තෙත් බිම් කලාපය බවත් එය ගොඩවන්නේ නම් පරිසර පද්ධතියම දැවැන්ත ව්‍යසනයකට ලක්වනු ඇති බවට වූ සාධක ද ඉදිරිපත් කරමිනි.
දැන් මේ වීඩියෝ එකේ සුජීව සේනසිංහ කෙහෙල් ගෙඩිය ගානේ මිනිස්සු දීපු එක පෙන්වනවා . ගයන්ත කරුණාතිලක ඛෙල් දෙකක් දෙනවා . මේ රජයේ සමහර එවුන් දේශපාලනේ කරනවා හඳුනෙත්ති වගේ . ඒකත් වැරදියි .
ReplyDeletehttps://www.youtube.com/watch?v=fqBadfThQXE
Deleteඔව් අජිත් මහත්මයා, සුජීව කෙසෙල්ගෙඩි බෙදුවා. ඒවගේම මතක විදිහට එකෙන් පස්සේ චන්දෙන් පැරදුනා. ඒකනිසා ගංවතුරේ දේශපාලනයක් කරා කියලා වාසියක්ම වෙන්නේ නැහැ. මගේ අදහස ඒක වලක්වන්න try කරනෙක වැඩක් නැහැ. කව්ද සද්භාවයෙන් කරන්නේ කව්ද කපටිකමින් කරන්නේ කියලා තෝරාගන්න බැහැ.මොකද line එක හරිම blur . අනිත් අතට කොහොම කරත් ආධාරය ජනතාවට.
Deleteමේ ආපදාවේදී මම වෙනදා නොදැකපු දෙයක් නිරීක්ෂණය වුන නිසා තමයි සැකයක් හිතුනේ යම් මනොමුලික උපායක්ද කියලා. මේ ආපදාවේදී එකපාරටම පව්රක් වගේ ආණ්ඩුව ආරක්ෂාවට යම් පෙළගැහිමක් දැක්කා. හරියට නාය යන්නේ ආණ්ඩුව වගේ. ඒක සධාරනිකරණයට ගෙනාපු තර්ක අතර විපක්ෂය දේශපාලන වාසී ගන්නවා කියන එකත්, fake news පතුරනවා කියන එකත් පේනවා.
වෙන ආපදා වලදීත් ආණ්ඩු විවේචකයෝ දැක්කා, සමහර ඒවා අනුර කුමාර මහත්තයම කරා. පදනමක් ඇති වගේම පදනමක් නැති ඒවත් තිබුනා. ඔය ජලාශ හිස් නොකරනවා කියන එක ඔයිට ඉස්සරත් එල්ලවුන චෝදනාවක්. ඉතින් මේකෙදි ආණ්ඩුවේ ආධාර කරුවන්ගේ reaction එක ටිකක් වැඩියි වගේ.
කොහොම උනත් ආපදාවක් නිවැරදි කළමනාකරණය කරාද නැද්ද තීරණය වෙන්නේ දැන් නෙමෙයි තව මාස 6කින්. එතකොට එන විවේචන වලට පිළිතුර හැටියට හෙල්පින් හම්බන්තොට වගේ දෙයක් කොච්චර උදව් වෙයිද කියන්න බැහැ.( මේ ගිණුම ගැන මම දන්න දෙයක් නැහැ හැබැයි හොයලා බලන්නම්.සරත් සිල්වාගේ සම්බන්දයක් මතකයි.)
//මේ ආපදාවේදී එකපාරටම පව්රක් වගේ ආණ්ඩුව ආරක්ෂාවට යම් පෙළගැහිමක් දැක්කා.// මම මගේ ලිපිය (ලිට්මස් පරික්ෂාව ) ලිව්වේ විපක්ෂේ කබි හෂීම් , රටේ රාල , මාතලන් ඇතුළු අය එකම බොරුව පුන පුනා කියන්න ගත්ත එකයි රටේ මිනිස්සු ඒක විශ්වාස කන්න යනවා කියලා පෙනෙන්න ගත්තහම . නැතිනම් මට අවශ්‍යතාවයක් උනේ නැහැ . ආණ්ඩුවේ මිඩියා නම් ගණන් ගත්තෙම නැහැ . ඒ අයට ඕවට උත්තර ලියන්න දන්නෙත් නැහැ මම හිතන්නේ. මගේ ලිපියේ මම දොන්සුප්ස් කියල දාපු කෙනා සාමන්‍යයෙන් ජවිපෙට විරුද්ධ කෙනෙක් සහ සමාජවාදයට විරුද්ධව ලියන කෙනෙක්. ප්‍රා තමා එයාගේ ලිපි පෙන්නුවේ. නමුත් එයාගේ හොඳ ලිපි ඕන තරම් තියනව. ඔය දැම්ම එක ඒ වගේ. ශෙනු පෙරේරා ත් යහපාලනෙට හෙම ලියපු කෙනෙක්. සුජීව කොකවල තනිකරම ගෝඨාභයට පක්ෂව වගේ මුල ඉඳන්ම ලිව්වේ. එයාගේ හොඳ ලිපි තියනව. ඒ අයගේ මම අගය කරන දෙයක් තමා විද්‍යාත්මක ලිපි හෝ හොයල බලල ලියන එක. මම ඒවා ක්වෝට් කලේ ඒකයි . එහෙම පටන් ගන්නකොට මම දැක්ක අනිත් හැම තැනින් මත් ඒවා අල්ලාගෙන ලියනවා. ඕක ලංකාවේ වෙනදෙයක් සාමාන්‍යයෙන්. මධ්‍යස්ත නිදහස් මතධාරීන් ඉන්නවා ඇත්ත ලියන. හැබැයි හුඟක් අය බලන්නේ තමන් කැමති පැත්ත ලියන දේ.
Deleteඉකනොගෙ මේ ලිපිය අනුව සුනාමියෙන් ජීවිත 35,000ක් විතර නැති වෙලා තියෙනවා. ඒත් දේපල හානිය හුඟක් අඩුයි මේ ගං වතුරත් එක්ක බැලුවාම. ඒ වගේම සුනාමියට ලැබිච්ච ආධාරත් අති විශාලයි. හෙල්පින් හම්බන්තොට සහ සිරිලිය චෝදනාත් එක්ක බැලුවාම, මහින්ද ඔය කියන තරම් "ලාජර් දෑන් ලයිෆ්" පොරක්මද කියල හිතෙනවා.
ReplyDeletehttps://economatta.blogspot.com/2025/12/blog-post.html
https://economatta.blogspot.com/2025/12/blog-post.html
ඇත්තටම මහින්ද වැඩ්ඩෙක් නෙමයි.සුනාමිය එනකොට රටේ ජනධිපති චන්ද්‍රිකා මැතිනිය. ඔය හෙල්පින් හම්බන්තොට සහ සිරිලිය ගිණුම් ගැන ඉතින් මහින්දලම තමයි උත්තර දෙන්න ඕනේ. දුෂණය සහ නාස්තිය ඒකාලයේ සාමාන්‍යකරණය වෙලානේ තිබුනේ. මෙතරම් දුෂණයක් සහ නාස්තියක් තියාගෙන රට යථා තත්වයට පත්වුණා.තායිලන්තය, ඉන්දුනීසියාව යනරටවල සිදුවුණ ජිවිත සහ දේපොළ හානියට සාපේක්ෂව තමයි දකින්න ඕනේ. ඉකොනොමැට්ට දේපොළ හානිය අඩුයි කියලා තක්සේරුකරන පදනම විස්තර කරන්නේ නැහැ. ඔහු අදහස් කරන්නේ පෞද්ගලික දෙපොලද , රෝහල් වගේ පොදු දේපොලද , පාරවල් විදුලිය වගේ යටිතල පහසුකම්ද. ධීවර ආම්පන්න ,වරාය ,සංචාරක ව්‍යාපාරය වගේ ආර්ථිකමය දේපොලද ?
Deleteඊළඟට ඔහු විස්තර කරන්නේ ආර්ථික හානිය. ඔය කියන 2004 අපේ සංචාරක ව්‍යාපාරය සම්පුර්ණයෙන්ම රැදුනේ දකුණේ. ධීවර කර්මාන්තය මුහුදුකරයේ වරායවල් කුඩා පරිමාණයේ තොටුපොල විනාශවුනා.
කොහොම උනත් මේ ආපදාවේදී වෙන කවරදාටත් වඩා අපි දේශපාලනීකරණය වුනා. වෙනදා එකතුවෙනවා පෙනෙනවා වුනත් මේකෙදි පැහැදිලි බෙදීමක් ඇතිවෙලා.
විදේශ ආධාර නම් දැන් ලැබෙන පාටයි. ආණ්ඩුව ඒක හොඳට කළමනාකරණය කරගන්නවා වගේම රට ගොඩනගන අරමුදලටත් විශාල වශයෙන් ආධාර ලැබුනොත් ඉතා හොඳයි.
ආණ්ඩුව දැනට හොඳ විදියට වැඩේ කරනවා කියල තමා මට නම් හිතෙන්නේ .. මේ ආණ්ඩුවට කිසිම දෙයක් නොකර ඉන්න හෝ කරන්න බැරි වෙන්න හේතුවක් නැහැ .
ReplyDeleteමට හැබැයි ඔය අසරණ වෙච්ච මිනිස්සු ගැන දැනුන හැඟීම ගැන මම පොඩ්ඩක් හිතල බැලුවා . අර කවුද ලොක්කෙක් ඒ දවස් වල (JR ලොක්කාද ) කිව්වා වගේ තමන්ගේ ආරක්ශාව තමන් බලා ගන්න ඕනේ කියන සරල දේ ගොඩක් අසරණ වෙච්ච මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා .
ඒ වැරැද්ද ආණ්ඩුවේද
අනිවාර්යයෙන්ම පැතුම්, වෙන ආණ්ඩු මුහුණදුන්න ආපදාවලට වඩා කාර්යක්ෂම සූක්ෂ්ම වැඩපිළිවලක් අපි බලාපොරොත්තුවෙන එක වැරදි නැහැ. මේ ආණ්ඩුවේ මුදුනේ ඉන්නේ භෞතික විද්‍යා උපාදිධාරියෙක්. බහුතරයක් විශිෂ්ට උගතුන්. දුෂණය near zero. නාස්තිය බිංදුවයි. අපි වෙන ආණ්ඩු කරපුවා මතක් කරගත්තේ නිර්ණායකයන් ඕනේ නිසා.මිනිස්සු නම් ලෝකේ කොහෙත් එකයි. කෙවිටක් නැතිව ගාල් කරන්න අමාරුයි.
Delete