ලංකාවේ ජනාධිපතිතුමාට ලෝකේ වටේම උපදේශකයෝ වැහිවැහැල. සමහරක් දැන් තරමක් හිත නොහොඳින්. මේ අය ස්වේච්චාවෙන්ම උපදෙස් දෙන අය. නිල විදිහට මම දන්නේ මහාචාර්ය ගෝමික , උන්නැහේ විද්‍යා උපදේශක. අර පොස්පේට් හදන්න උත්සහකරන්නේ. අනිත් අය බහුතරයක් ජනධිපතිතුමාට රට කරන හැටි කියලා දෙන අය. හරියට උන්දැලා ජනාධිපති පුටුවේ වාඩි වුනානම් කොරයි වගේ.මේ සමහර උපදෙස් ඇත්තටම ජනාධිපතිතුමාගේ නරකට හේතු වෙනවා කියලයි මට හිතෙන්නේ.එහෙම අය ලියනවා ජනාධිපතිතුමාට සිංගප්පූරුවේ LKY 1960 දශකයේ කරා වගේ කරන්න කියලා. පැහැදිලිවම විරුද්ධවාදීන් මර්ධනය කරලා ඔවුන්ගේ දුර්වල තැන් හොයලා හිරේ දාන්න කියලා. ඒ අතරේ තමන්ගේ පක්ෂයේ එක් කෙනෙක් දෙන්නෙක් දඬුවමට යටත් කරන්න කියලා. එතකොට නිකන් නීතිය සාධාරණ වගේ පෙනෙයි කියලා. සිංගප්පූරුව ගැන ඒගොල්ල මවන චිත්‍රයක් තිබුනනේ. ඒ ගැන මම මීට කලින් ලියලා තියනවා. හැම තිස්සෙම මේ අය කරන්නේ තමන්ට වාසි සහගත කොටස අරගෙන අපට කියන එක. අපි ඉතිං ඔය කියන ඒවා දැන් ඒ හැටියටම පිළිගන්නේ නැහැ. අනුර කියන්නේ දේශපාලනයේ තෙම්පරාදු වෙච්ච චරිතයක්. එතුමත් ඔය කියන දේවල් දනිහෙන් උඩට ගන්නේ නැතිබව නම් විශ්වාසයි. ඒක නිසා ඔය ගොන් උපදෙස් අපි කණ්ඩනය කරමු. මාලිමා පාක්ෂිකයන් උනත් ජනාධිපතිතුමාව උගුල් උපදෙස් වලින් ගලවා ගන්නවාට කැමති ඇති.
LKY බිහිවෙන්නේ ඕපපාතිකව නෙමෙයි. සිංගප්පූරුව මැලේසියාවෙන් ඉවත් කරනවා . 1960-70 දශකය කියන්නේ ලෝක දේශපාලනය සීතල යුද්ධයක පැටලුන අවධියක්. බටහිර රටවල ප්‍රධාන සතුරා කොමියුනිස්ට් වාදය. පරණ සෝවියට් දේශය බලවත්. චීනය ආර්ථික අතින් දුර්වලයි. වියට්නාමය ඇමෙරිකාව සමග යුද්ධයක. ඇමෙරිකාවේ දොරකඩ කියුබාව කියලා විප්ලවීය කොමියුනිස්ට් රජයක් බිහිවෙලා. මෙහෙම වෙද්දි සිංගප්පූරුව බිහිවෙනවා. අලුත්ම රටක්.කලින් මාළු බාන අය පැල්පත් වාඩි අටවාගෙන ඉඳලා තියෙන්නේ. 1819 කාලයේ ඉඳලා Sir Stamford Raffles කියන සුදු ජාතිකයා වරායක් හදලා වෙළදාමට තල්ලුවක් දුන්නා . බටහිර ජාතින් නිතර නිතර සිංගප්පූරු වරාය පාවිච්චි කරා. චීනයට වියට්නාමයට ආසන්නයි.LKY බටහිර පිළිගන්නේ කොමියුනිස්ට් විරෝධී නායකයෙක් කියලා. ඔහු බටහිර අධ්‍යාපනය ලබපු කෙනෙක්. ඉංග්‍රීසි සහ චීන මැන්ඩරින් භාෂා හැකියාවක් ඇති අයෙක්.
LKY දේශපාලන විරුද්ධවාදීන් බහුතරයක් මර්ධනය කරේ ඔවුන් කොමියුනිස්ට්වාදයට උපකාර කරනවා කියලා. නායකයන් , වෘත්තිය සමිති සහ ශිෂ්‍යය සංගම් තමයි ඔහුගේ ඉලක්කය. නමුත් භිෂණයක් පතුරවා නොගන්න ඔහු ප්‍රවේසම්. මොකද භීෂණ උද්ගෝෂණ තුලින් ආයෝජකයන් පලායනවා. දුෂණ විරෝධී සටනේදී ඔහු තමන්ගේම සගයන්ව ඉවත් කරනවා. මේ දෙක දෙකක්. එහිදීත් ඔහු ආයෝජක විශ්වාසය දිනාගන්නවා.
කොමියුනිස්ට්වාදය සහ එහි බලපෑම් ටිකින් ටික බොඳ වෙද්දී සිංගප්පූරුව වෙනම ආකෘතියකට මාරුවෙනවා. ඒක තමා බොරු කීම තහනම් කිරීම.(ඒක එච්චරම සරල නැහැ) defamation law යටතේ විරුද්ධ පක්ෂ බංකොලොත් කරන්න LKY ට පුළුවන් වුනා. මේ ආකෘතියත් සිංගප්පුරුවට ගැටළුවක් ඇති කරේ නැහැ. මානව හිමිකම් ආයතන සහ බටහිර රාජ්‍යන් මේ වෙනකොට LKY සහ සිංගප්පූරුව තමන්ගේ හිතවත් රාජ්‍යක් බවට හඳුනාගෙන අවසන්.
මේ මර්ධනය දැන් කරන්න බැහැ . LKY පැහැදිලිවම කියනවා සිංගප්පූරුව කියන්නේ එකම strategy එක භාවිතා කරන රටක් නෙමයි කියලා. ඔවුන් පරිනාමය වෙනවා. විශේෂයෙන් භූ දේශපාලනය ගැන ඉවක් තියනවා. සිංගප්පූරුව වර්තමානයේ චීනයත් එක්ක ගනුදෙනුකරන ආකාරය බැලුවහම ඒක 1960 ට වඩා අතිශයින්ම වෙනස්. සිංගප්පූරුව තුල වර්තමානයේ විපක්ෂයට යම් තැනක් තියනවා.ඔවුන් පවතින රජය විවේචනය කරනවා. එහෙම කියලා ඔවුන් හිරේ විලංගුවේ දාන්නේ නැහැ. බොරු කියන්න බැහැ. ලංකාවේ මලිමාවට බොරු කියන අයව හිරේ දාන එක සදාචාරාත්මකව ටිකක් අමාරුයි. වංචා දුෂණ වලට ඒක කරන්න පුළුවනි.
ඉහත පෝස්ටරය මම හැදුවේ ඉතිහාසය copy paste කරලා ගන්න බැරිබව පෙන්නන්න. එහෙම උපදෙස් දෙන කව්රුහරි ඉන්නවනම් ඒක අනුර කුමාර ජනාධිපතිවරයාට කරන අවැඩක්.
ලෝකයේ ප්රජාතන්ත්රවාදී මිනුම්දඬු දැන් වෙනස් . කොමියුනිස්ට් කියන එක ලෝකයේ අනිත් රටවල් ලොකුවට තර්ජනයක් ලෙස සලකන්නේ නැහැ. එහෙම වුනානම් ලංකාවේ මේ ආණ්ඩුපෙරලියට ඉඩක් නැහැ.ඒ හැමටම වැඩියෙන් මාධ්‍ය දියුණුයි. මාධ්‍ය, සමාජ මාධ්‍ය මර්ධනය කරන ආණ්ඩුවලට 1960 පැවැත්මක් තිබ්බට දැන් පැවැත්මක් නැහැ. මිනිස්සු සමාජීය වගේම පුද්ගලික නිදහසත් අගය කරනවා. ඔවුන් හිතන්නේ 1960 අපේ පැරණි අය හිතුව විදිහට නෙමෙයි. ලෝකය විශාල වශයෙන් සම්බන්දයි. බලය ලබාගැනීම බලය පවත්වාගැනීම කියන කරනා දෙකේදීම ප්‍රවේසම් සහගත ක්‍රියා මාර්ග අනුගමනය කරන්න ඕනේ.
LKY සිංගප්පූරුව දියුණු කරේ හුදෙක් මර්ධනයකින් නොවෙයි. විරුධවාදීන් අල්ලලා හිරේ දැම්මහම රටක් දියුණු වෙනවනම් ඉස්සෙල්ලම දියුණුවෙන්න ඕනේ උතුරු කොරියාව. LKY දර්ශනය (vision ) ඉතා බලවත්. ඔහුට හිටිය team එක සුපිරියි. ඔහුගේ නායක ගුණාංග විශිෂ්ටයි. ඉතින් කාට හරි අනුර මහත්තයට උපදෙස් දෙන්න ඕනේ නම් ඔය කියන ගුණාංග වර්ධනය කරගන්න කියන්න. එතුමාව බොරු වලවල් වල දන්නේ නැතුව. අපිට ඉතින් පුළුවන් නිහඬවම මේවගේ ලිපියක් ලියලා ටිකක් වෙනස් විදිහට හිතන්න පුරුදු කරන්න


සෑහෙන හොඳ විස්තරයක්. ඔබ ඔබේ මතය කිව්ව වගේ, අන් අයටත් තම මතය කියන්න නිදහස තියෙන්නෙ ඕනෙ කියලයි මට හිතෙන්නෙ.
ReplyDeletehttps://transyl2014.blogspot.com/2025/12/blog-post_17.html
LKY අලු චරිතයක්. තනිකරම කලුත් නැහැ සුදුත් නෑ. LKY දක්ෂ, කපටි පරිපාලකයෙක්.
Deletehttps://transyl2014.blogspot.com/2025/12/blog-post_17.html
සිංගපූරුව වගේ සම්පත් නැති තැනකට ඒ ක්‍රමය වැඩ කලා
බස්සා මහත්මයා මත ගැටුම ඉතා හොඳ දෙයක්. එහෙම මත ගැටුමෙන් තමයි මානවයා දියුණුවෙන්නේ. වෙනස් විදිහට හිතන්නේ. නමුත් බොහෝ අය මත ප්‍රකාශ කරලා හැන්ගෙනවා. මතයක් ප්‍රකාශ කරලා එලියට දැම්මහම තමන්ගේ මතයේ හරි වැරදි බලාගන්න පුළුවනි. වැරදි නම් නිහතමානිව පිලිගන්නත් ඕනේ. ආචාර්ය මහාචාර්ය වූ පමණින් මත පිළිගැනීමට අපි සුදානම් නොවිය යුතු බව තමයි මගේ අදහස.
Deleteඔව් ඒ BLOG පොස්ට් එකේ අදහස, කරුණු කාරනා ටිකක් සරලව ඉදිරිපත් කරත් සමස්ථ චිත්‍රය නිවැරිදි.1960 1970 දී අපි සමාජවාදී කඳවුරට නැඹුරුවීම වැරදි තීරණයක්.( ඒ ඒ තීරණ ගත් අයට අපහාසයක් නෙමෙයි. ඔවුන් හිටියේ වැරදි දෘෂ්ටියක.) ඔය ඉදිරිපත් කරලා තියන චෝදනා වලට වර්තමාන පාලක පක්ෂයේ දායකත්වයක් තියනවා.ඒක අමතක කරලා ඔවුන් අනිත් පාර්ශව වලට චෝදනා කරන එකත් වැරදියි.
Deleteඒ ලිපිය මමත් බැලුව . වත්මන් පාලක පක්ෂය එතනට තල්ලු කරපු වැරැද්ද මෙන්ෂන් කරලා නැහැ නොවැ. බැලන්ස් වෙන්න ඕනේ නේද . 1977 දෙමළ ජනතවට සහ ශ්‍රීලනිප යට ගහපුවා . 1983 සමුලඝතන් සහ ප්රජාතන්ත්රවාදයට ආපු පක්ෂයක් තහනම් කිරීම . තරුණ ළමයිව යටි බිම්ගත් කිරීමේ පාපය , 1982 ලාම්පු කලගෙඩි සෙල්ලම . ඒවත් මතක් කරන්න තිබ්බ . කොටිනම් ලිපිය මදි
Deleteසිංගප්පුරු ක්‍රමයට රට හදනව කිවේ 1977 ජේ ආර් ගේ කාලයේ නේද ? මගේ අදහස වෙන රටක් විධිහට වැඩ කරනවනම් අනුගමනය් කරන්න හොඳම රට ජපානය . ති පක්ෂ ක්‍රමයට යනවා නම් චීනය . ඒ දෙකම නැතිව යුරෝපිය කරමට යනවනම් ඩෙන්මාර්කය . හැබැයි ලංකාවේ යන්න ඕනේ තමන්ට සුවිඑස්හි වෙන විධිහට කියන එක තමා මම කල්පනා කරන්නේ . හැබැයි බොරු කියල මිනිස්සු අවුල් කරලා රාජ්‍ය විරෝධී වැඩ කරනවනම් ලයිසන් කැන්සල් කලාට කමක් නැහැ කියන මතයේ මමත් ඉන්නව . , මොකද ඒ කියපු බොරු ටික බලවත් සහ කැතයි . විශේෂයෙන් දෙරණ
ReplyDeleteමේ ලිපිය ලිව්වේ සමහර මත දැකපු නිසයි. සිංගප්පූරුව ගැන නිතරම තවමත් සමහරු ලියනවා, බාගෙට. ඔබේ අදහසට එකඟයි ලංකාවට කොහෙවත් තියන ඒවා copy paste කරන්න බැහැ . ඉගෙනගන්න පුළුවන්. හැබැයි අපේම ක්‍රමයක් හදා ගන්න වෙනවා.
Deleteයුද්දේ කාලයේදී බොරු පතුරවපු හිරු ප්රවෘත්ති තහනම් කරා. අවුරුදු කිහිපයක් යනකම්.නමුත් සිරස වගේ නාලිකා ප්‍රවේසමෙන් යුද විරෝදී කරුණු සමාජ ගත කරා. ඔවුන්ට කොටි සිරස කියලා නමකුත් පට බැඳුන. මේ ප්‍රධාන මාධ්‍ය.මෙහි නියාමනයක් තියනවා.පූර්ව උදාහරණ තියනවා.දෙරණ බොරු කිව්වනම් පැහැදිලිව ඒ ඔස්සේ සාදාරණව කටයුතු කිරීමට හැකියාව තියනවා. ඒ ක්‍රමවේදයෙන් බැහැරව මර්ධනයකට යා යුතු නැහැ. තවමත් මේ ගැන විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිසමකට පැමිණිල්ලක්වත් නොකර රජය හෝ රජයට සහය දෙන කණ්ඩායම් කල් මරන්නේ ඇයිද කියලා දන්නේ නැහැ. සමාජ මාධ්‍ය නම් ඉතින් නියාමනය කිරීම හොඳටම දන්නේ මේ ආණ්ඩුව.
Deleteමේ චීනෙ ගැනද කියන්නෙ?
Deletehttps://www.youtube.com/watch?v=75LsJ-fT4VE
සමාජවාදෙ නාමෙන් කරපු අපරාධ වලට මුන්ට වෙනම අපායක් හදන්න ඕනෙ.
නිහඬ පාල මහත්මයා එයට එහා ගියා නේද ? ලංකා ඊ නිව්ස් කාර්යාලය , ඔවුන්ගේ පුස්තකාලය ගිනි තිබ්බ , ලසන්තව, එක්නලිගොඩව මැරුව, අනිත් අයට ගැහුවා . හුඟක් මාධ්‍යවේදියෝ වෙන රටවලට පැන්න ජිවිතේ බේරා ගන්න. දැන් එහෙම කරන්නේ නැහැ . පොඩි තර්ජනයක් කරලා බොරු කීවොත් ලයිසන් ගන්නවා කියල .
Deleteහරි දුකයි. නමුත් බස්සා ඔතන තියෙන්නේ ජනගහන ප්‍රශ්නයක් සහ සංස්කෘතික එකක් නේද ? ආණ්ඩුව කිව්වේ නැහැ ගැහැණු ළමයි එළවන්න කියල. ආසියානු සමාජය පිරිමි ළමයි තමයි අගය කරන්නේ. ලංකාවේ වැසියෙක් වශයෙන් මේක හොඳට දන්නවා ඇති. එතැන් නම් සමාජවාදයේ වැරැද්දක් නෙමේ. තමිල්නාඩුවේ කොපමන දරුවෝ හොරෙන් මරණවද, දැනගත්තම ගබ්සා කරනවාඩ්. Between 2013 and 2017, an estimated 460,000 girls were "missing" at birth in India each year. In 2015, India's then minister for women and child development stated that 2,000 girls are killed every day in the country due to son preference.
Deleteඕක පකිස්ථානයේත් එහෙමයි. බ්‍රිතාන්‍යයේ ආසියානු දෙමව්පියන්ට NHS එකෙන් කියන්නේ නැහැ හම්බවෙන ළමය කව්ද කියා. තහනම්. මම දැනගත්තේ අපට ලැබෙන්න ඉන්න දරුවෝ අහන්න ගිහින්. හේතුව ගබ්සා කිරීම. ඒත් ප්‍රයිවෙට් ගිහින් පුතෙක් නෙමෙයි නම් මුන් ගබ්සා කරනවා. ඕක තමා තත්වේ .
මම මේක කලිනුත් ලියල තිබෙනවා එක තැනකදී බස්සා තුමාට තරහ ගියාද කොහෙද ? දැන් අපි සමාජවාදය ගොඩ නැගීමේදී කල ඝාතන ගැන කියනව. ඒවා ඇත්ත. සිදු නොවිය යුතු දේවල්. ස්ටාලින් ගේ අනුදැනුමින් කල ඝාතන, මාවෝ ගේ අනුදැනුමින් කළ ඝාතන කල්චරල් රෙවලුෂන් කාලේ . ඉතිහාස පොත් වල ස්කොල වල කියනව. නමුත් ධනවාදයේ දියුණුව උදෙසා කල ඝාතන ගැන ලියනවා කියනව අඩුයි නේද. එංගලන්තේ ළමයින්ට උගන්වන්නේ වත් නැහැ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ලනක්වේ වෙල්ලස්සේ පටන්, ඉන්දියාවේ සහ අනිකුත් රටවල කළ ඝාතන, ඕස්ට්‍රේලියාවේ අබෝරිජන් වරු මිලියනයක් පමණ ඝාතන කිරීම . මිලියන් පහලවක් පමණ ඇමෙරිකාව සහ කැනඩාවේ ආදී වාසීන් ඝ්නට්නානය, බෙල්ජියමේ කොන්ගෝ වරු ඝාතනය, ජරම්නිය නැමීබියා වේ, සහ හිට්ලර් , මේ හැම දෙයක්මත් ඝාතන තමා. කතා කරනවා අඩුයි. ඩෙන් ශියාඕ පින් මාඕ ගේඝාතන වලට සමාව ඉල්ලුව. වැරදි වුනා කිව්වා ඒ කාලයේ. බෙල්ජියම් රජතුමා සමාව ඉල්ලුව ඉතාම මෑත දී.
Deleteඅජිත් මහත්මයා.ලසන්ත සහ එක්නැලිගොඩ කියන්නෙම සුපිරිසිදු මිනිස්සු නෙමෙයි. එක්නැලිගොඩ මාධ්‍යවේදියෙක් විදිහට වර්ග කරන්න පුළුවන්ද කියලත් සැකයි. ඒකෙන් ඔවුන් මරාදැමිම සාධාරණිකරණය කරනවා නෙමෙයි. යුද්ධ අවධියේ මාධ්‍යවේදී වේශයෙන් සමහරු පෙනී සිටියේ ත්රස්තවාදීන් වෙනුවෙන් කියලා උනත් කියන්න පුළුවන්. අපි ඒ අවධිය පහු කරා. 2010 පසු මරා දැමුණු මාධ්‍යවේදියෙක් නැහැ. නීතිය කෙමෙන් ප්‍රතිෂ්ටාපනය වුනා. යහපාලනය ආවේ මාධ්‍ය නිදහස තහවුරු කරන්න. ඒ නිසා අපිට ආපහු හැරෙන්න බැහැ.නීතිමය රාමුවෙන් පිට මර්ධනය කියන එක සාකච්චා කළයුතු කරුණක්වත් නෙමෙයි. දැන් තියෙන්නේ 2/3 බලයෙන් පැනවිය හැකි දැඩි අලුත් නීති රීති මගින් මර්ධනය කලයුතුද නැත්ද කියන එක. දැනට තියන නීතිරීති ප්‍රමාණවත් කියන එකයි මගේ අදහස. විජේදාස රාජපක්ෂට මිලියන ගණනක වන්දියක් ලැබුනා lake house ආයතනයෙන්. නීතිය තියනවා. නමුත් මන්දගාමියි. මේක තමයි හදන්න තියෙන්නේ. සමස්ථ අධිකරණ පද්ධතියම නීතිය පසිදලීමේ ආයතන සමුහයම (CID FCID ) ඉතා මන්දගාමී. අපහාස චෝදනා බොරු සමාජ ගත කිරීම ජනමාධ්‍ය නියාමනය හැමදේම තියනවා. ආණ්ඩුවට තියෙන්නේ මේවට පහසුකම් සලස්වලා කාර්යක්ෂම කරන එක.
Deleteබස්සා මහත්මයා ,දේශපාලනමය වශයෙන් සමාජවාදය ඉස්සරහට යන්නේ නැහැ. තනි පක්ෂ ක්‍රමය සහ සමාජවාදය කියන්නෙම මර්ධනකාරී එකතුවක්. උපදේශකයෝ LKY ව ඉස්සරහට දාගෙන උපදෙස් දුන්නට ඒ අය තමන්ගේ පෞද්ගලික තරහ පිරිමහගන්නේ.ඒ අය කොතනකවත් කියනවද ජාතිය මත පදනම් වූ පක්ෂ තහනම් කරන්න කියලා.? නැහැ. ද්‍රවිඩ මුස්ලිම් සිහල උරුමය වැනි පක්ෂ තවමත් ක්‍රියාත්මකයි. ඒ ගැන ඔවුන් නිශ්ශබ්ධයි.තනි පක්ෂ මතවාදය අපි පරාජය කල යුතුයි. ඒ වෙනුවට ජාතිය මත පදනම් පක්ෂ තහනම් කිරීම නම් කලොත් හොඳයි.
Deleteඅජිත් මහත්මයා කියන දේට එකඟයි , ලෝකයේ සෑම තැනකම බලය සහ දේශපාලනය උදෙසා සමූල ඝාතන වුනා. ( ජනවර්ග සහ ආගම් ගැටුම් අමතක කරමු)නමුත් වඩාත් දරුණු සමාජවාදී රටවල කියලයි මට හිතෙන්නේ. ඔවුන් තමන්ගේ ඝාතන සාධාරණීකරණය කරන්න මත හදනවා. මේ මත වැරදි කියලා මිනිස්සුන්ට තේරෙන්න ටික කාලයක් යනවා. සාමාන්‍යයෙන් ප්රජාතන්ත්රවාදී බහුපක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක රටවල මෙහෙම ideology එකක් හදලා මර්ධනයක් නැහැ.
වඩාත් දරුණු සමාජවාදී රටවල කියන එකේ නිර්ණායකය මොකද්ද ? කාම්බෝජයේ ඝාතන ගැන මම ලියල තියනව බ්ලොග් එකේ . කැමති නම් දාන්නම් . එහෙ සමාජවාදය පිහිටුවන්න ගිහින් මිලියන් 1.5 මැරුණා . ස්ටාලින් ගේ කාලේ කෙලින්ම මැරුනේ (හිරේ දාල හෙම ) මිලියන් 1.5-2 විතර . එයාගේ ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇතිවුණු සාගතයෙන් අනියමින් මිලියන් තව 5-6 මැරුණා . හිට්ලර් ජාතික සමාජවාදය කීවට පෞද්ගලික් දේපල අයිතිය සහ ධනවාදී ඒකාධිපති රටක් . මිලියන් 11-12 කෙලින්ම මැරුව . චීනයේ සංස්කෘතික විප්ලවයේදී මැරුණේ මිලියන් දෙකක් විතර . වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ සාගත ය නිසා මිලියන් 80 දක්වා මැරෙන්න ඇති කියල කියනව . නමුත් ජපාන ආක්‍රමණයෙන් මිලියන්
Deleteදැන් බලමු බ්‍රිතාන්‍යයේ ධනවාදය පිහිටුවන්න ඉන්දියාව හූර කෑමේදී ඉන්දියාවේ විතරක් මිලියන් 100 කට වඩා මැරිලා තියනවා සාගතයෙන් . 1881-1920, 1770 , බෙංගාල එක බලෙන් කල සමුලඝතනයක් . මොකද චර්චිල් ධාන්‍ය නැව් හැරෙව්වා නිසා මිලියන් 3 මැරිලා තියනව . - මිලියන් 10 වෙඩි තියල මරල . ඉන්දියාවේ විතරක් . ඉරාකයේ වෙච්හි මැරිච්ච ගණන් ඔයාට හොයාගන්න් පුළුවන් ඇති . ඒ ආක්‍රමණය නිසා . ස්පාඤ්ඤ යේ ෆ්රැන්කෝ බලයට ආවහම මිලියනයක් මරල් දැම්මා . 1936-1939. ඉතින් කොහොමද හොයන්නේ වඩා දරුණු මොන සිස්ටම් එකද කියල .
Deleteලසන්ත වික්‍රමතුංග මහින්ද එක්කත් ඩිල් කළා . ඒ වුනාට මරන්න් ඕනේ නැහැ . මේ ආණ්ඩුව ළාමක සහ හොඳ වැඩියි ඇත්තටම .
Delete@ Ajith
Deleteමට එහෙම තරහා ගියා ද? මතක නෑ, එහෙම වුනා නං සමාවෙන්න. මෙහෙම සාමකාමීව විරුද්ධ මත ප්‍රකාශ කරන කොට එහෙම වෙන්න ඕනෙ නෑ.
//තනි පක්ෂ ක්‍රමය සහ සමාජවාදය කියන්නෙම මර්ධනකාරී එකතුවක්//
මේක තමයි අවුල. සමාජවාදී පක්ෂ සාමාජිකයිගේ සහභාගිත්වය එච්චර සාර්ථක ජනතා නියෝජනයක් නෙමෙයි. දැන් නූතන චීනෙ වුනත් මර්දනය උපරිමයෙන් ක්ර්රියාත්මක වෙනවා. අර falun gong කස්ටිය, Uyghur මුස්ලිම් කස්ටිය එහෙම. හිර කඳවුරු වල, හියුමන් ඔර්ගන් බිස්නස් එහෙමත් යනවා නැගලම යනවා කියල කතාවක් තියනවා. ඔප්පු කරන්න, විරුද්ධ වෙන්න, හඞක් නගන්න බෑ මර්දනය නිසා. මේ ක්‍රමය යටතේ හුදී ජනයාගෙ ජීවිතවලට වටිනාකමක් නෑ.
ධනවාදය පිහිටුවන්න ගිය කාලෙ වෙච්ච ඝාතන කතාව ඇත්ත. ඒක අධිරාජ්‍යවාදී කාලෙ කිව්වොත් වඩා නිවැරදියි නේද? ඒ යුගේ තිබ්බ බොහෝ වැරදි අද කෙරෙනවා අඩුයි.
අජිත් මහත්මයා , දරුණු මොන සිස්ටම් එකද කියලා හොයන එක අමාරුයි තමා.නමුත් දේශපාලන ඝාතන ගත්තහම වෙනස් නේද? දැන් ඔබ කියන හිට්ලර්, ධනවදියෙකුට වඩා ෆැසිස්ට් වාදියෙකු වශයෙන් හදුනාගන්නපුළුවන්. ජර්මනියේත් හිට්ලර් තනි පක්ෂ ක්‍රමය නේද ක්‍රියාත්මක කරේ.තනි පක්ෂ ක්‍රමය පිස්සෙක් අතට ගියහම වෙන විනාශය එතැනදී පැහැදිලිවම පෙනුනා. චර්චිල් යුද්ධයක පැටලිලා ඉන්නකොට ගත්ත තීන්දු තීරණ නිසා වක්‍රව වෙනරටක මිනිස්සු මැරුණා. ජපන් ආක්‍රමණ වලත් අධිරාජ්‍යවාදී දැක්ම නිසා. ප්රජාත්නත්රවාදී නෙවෙයි. සමාජවාදී රටවල ඝාතන ඍජු දේශපාලන ඝාතන . මතවාදී වෙනස්කම් නිසා වෙන ඒවා. තමන්ගේම පුරවැසියන්.ඒකයි මම කිව්වේ ඔවුන් මුලින් ideology එක හදනවා ඊට පස්සේ මර්ධනය කරනවා. සිංගප්පුරුව මෘදු අධිපතිවාදී ධනවාදී ආර්ථික ක්‍රමයක්. මේ දියුණුව මෘදු අදිපතිවාදී කම නිසා නෙමෙයි හොඳ vision එකකට රට පාලනය කරන නිසා. ඉහලම වැටුප් ලබන team එකක් නිසා. ලංකාවට vision එකකුත් නැතුව, දේශපාලකයෝ හිගන්නෝ වගේ හැසිරෙනකොට අධිපතිවාදයක් ක්‍රියාත්මක කරලා දියුණු වෙන්න බැහැ .
Delete//ධනවාදය පිහිටුවන්න ගිය කාලෙ වෙච්ච ඝාතන කතාව ඇත්ත. ඒක අධිරාජ්‍යවාදී කාලෙ කිව්වොත් වඩා නිවැරදියි නේද? ඒ යුගේ තිබ්බ බොහෝ වැරදි අද කෙරෙනවා අඩුයි.// @බසුතුමා මාක්ස්වාදය ටිකක් හරි දැන ගන්න ඕනේ කියන්නේ ඒකයි . ඇඩම් ස්මිත් සහ හුඟක් ධනවාදී ආර්ථික විද්යන්ඥයෝ පවා මාක්ස් ගේ කෘති සහ දාස් කැපිටල් එක පරිශීලනය කර තිබෙනවා. මාක්ස් ගේ ඉගැන්වීම තමා -ප්‍රථමික කොමියුනිස්ට් යුගය-සංක්‍රාන්ති සමය- වහල් යුගය- සංක්‍රාන්ති සමය- රදල යුගය- සංක්‍රාන්ති සමය - ධනවාදය - සංක්‍රාන්ති සමය - සමාජවාදය - සංක්‍රාන්ති සමය -කොමියුනිස්ට් වාදය , දැන් එතකොට ධනවාදය හරියට පටන් ගත්තේ රාජාණ්ඩු බිඳ වැටෙන කාලේ , එංගලන්තයේ , ජර්මනියේ කාර්මික විප්ලවය කාලේ හෙම. ප්‍රථමික ධනවාදය. අධිරාජ්‍යවාදය ඊට පස්සේ ඇති වුනේ. ලෙනින් ලිපියක් ලිව්වා ප්‍රසිද්ධ - අධිරාජ්‍යවාදය යනු ඉහල මට්ටමේ ධනවාදය (Imperialism, the Highest Stage of Capitalism) , මාක්ස් ට මග හැරුණු කෑල්ල - එකයි මසක් ලෙනින්වාදය කියන්නේ. එතකොට ධනවාදය සහ අධිරාජ්‍යවාදය කියන්නේ දෙකක් නෙමෙයි. එකක්. දනවාදය තුලින්ම තමා අධිරාජ්‍යවාදය හැදුනේ. අධිරාජ්‍යවාදය ඉස්සර හාර්ඩ් පවර් , දැන් තවම තියෙන වා අධිරාජ්‍යවාදය ඒක සොෆ්ට් පවර් එකක්., ඇමෙරිකාව, යුරෝපය, රුසියාව, ඉන්දියාව සහ චීනය මේවායේ ඉන්නව. රුසියබ අපහු හාර්ඩ් එකට යන එක තමා විවේචනය කරන්නේ . එතකොට අධිරාජ්‍යවාදය කාලේ කල ඝාතන සහ අනියම් ඝාතනත් ඝාතන තමා. ධනවාදය කාලයේ අද වෙනතුරු වුනු ඝාතන ඒ නිසා සමාජවාදී රටවල කෙරුණු ඒවාට වඩා වැඩියි.
Delete@නිහඬ පාල මහතා - ෆැසිස්ට් වාදය හා තනි පක්ෂ ක්‍රමය කියන්නේ දේශපාලනමය වශයෙන් රට පාලනය කරන ක්‍රමයක්. ධනවාදී හා හා සමාජවාදී ආර්ථිකය ඒ දෙකේම තියෙන්නේ පුළුවන්. වියුක්ත නැහැ. ෆිනොචේ ගේ ජෙනරාල් ෆ්රන්කෝ ගේ ඒකාධිපති ක්‍රමය , හිට්ලර් ගේ - ඒ සිල්ල ධනවාදී අර්ථ ක්‍රමයෙන් ගියේ. . සෝවියට් දේශය ඇතුළු සමාජවාදී රටවල් වල සමාජවාදී අර්ථ ක්‍රමය. මේ අනුව නවත්ත ඔප්පු වෙන්නේ ධනවාදී කාලයේ දරුණු කම් හා ඝතන් ව්බදී බවයි. හැබැයි ඒකට හේතුවකුත් තියෙනව. ධනවාදය තමයි වැඩිම කාලයක් ලෝකයේ රන් වෙන්නේ . සමාජවාදය අවුරුදු හැත්තෑවයි. චීනයේ සමාජවාදී/හෝ කොමියුනිස්ට්වාදී පාලන ක්‍රමයක් තිබ්බට රටේ ආර්ථිකය ධනවාදී එකක්
The Stages of Societal Evolution (Marx's Theory)
DeleteThe primary stages identified in Marx's framework are:
Primitive Communism: The earliest stage, characterized by hunter-gatherer societies where resources and land were commonly owned, and labor was shared for mutual survival. There were no social classes, private property (beyond personal items like clothing), or a state, as there was no surplus production to exploit.
Slave Society (Ancient Mode of Production): Advances in agriculture and technology led to surplus production and the emergence of private property and class divisions. A ruling class of citizens owned the means of production (including slaves), and the class struggle was primarily between the slave owners and the enslaved.
Feudalism: This stage emerged from the collapse of slave societies (e.g., the Roman Empire) and was characterized by a hierarchical system with an aristocracy (lords/nobility) owning the land, which was worked by serfs or peasants tied to the land. A merchant class (early bourgeoisie) developed during this period.
Capitalism: The rising bourgeoisie overthrew the feudal system and established a market economy based on private ownership of the means of production and wage labor. Society is primarily divided into two main classes: the bourgeoisie (capitalist owners) and the proletariat (wage workers). Marx argued that capitalism's inherent contradictions and exploitation of the working class would lead to heightened class conflict and its eventual collapse.
Socialism (Lower Stage of Communism): Marx envisioned this as a transitional stage following a proletarian revolution. The working class would seize power, abolish private property of the means of production, and establish collective ownership. The state would exist temporarily as a "dictatorship of the proletariat" to manage the transition. Distribution would be based on contribution: "From each according to his ability, to each according to his work".
Communism (Higher Stage of Communism): The final, classless, and stateless society. In this stage, the division of labor disappears, abundance is achieved, and resources are distributed according to need: "From each according to his ability, to each according to his needs". Money, the state, and social classes would all "wither away
ප්‍රංශ විප්ලය්ව කියන්නේ ධනවාදී විප්ලවයක් . ඒකෙත් මිනිස්සු මැරුණා . මාක්ස් කියල තියෙන්නේ එක ආර්ථික ක්‍රමයකින් අනික් එකකට සාමකාමිව මාරුවෙන්නේ නැහැ කියල . එහෙම නොවෙනවනම් හොඳයි . අපි වගේ මනෝරාජික සමාජවාදීන්ට අවශ්‍ය සාමකාමී මාරුවීමක් .
Deleteඅපි තමා සෝවියට් දේශයේ අන්තිම කාලේ හිටි කත්තිඅ. 1991 වැටෙන්න කලින්. කොකා කොළ පෙප්සි හෝ බ්‍රොයිලර් චිකන් තිබ්බේ නැහැ. සමුහ ගොවිපල වල ක්‍රි බිව්වා ඇලර්ජි හැදුනේ නැහැ. දොඩම් යුෂ, අපල යුෂ මිරිකලා ලාබෙට බීල , ලාබෙට නාට්‍යයක් බලල, ලාබෙට චිත්‍රපටයක් බලල, ලාබෙට කෑම ටිකක් කාල ගිටාර් එකක් ගහගෙන් එකතු වෙලා සින්දු කිව්වා.නිදහස් ලිංගික කල්චර් එකක් තිබ්බ. ඩෙනිම් හොයපු, බටහිර දේ හොයපු මිනිස්සු අතරේ ඒවා නොහොයපු ලැබෙන දෙයින් සතුටු වෙලා ජිවිතේ වින්ද මිනිස්සු කට්ටියක් හිටිය. මට නැවත යන්න පුළුවන් නම් ඒ කාලෙට මම ආයෙත් කැමැත්තෙන් යනව. සමහරවිට මම බ්ලොග් සමුහයකට එන්නෙත් ඒකට මිසක් ඔය දේශපාලන වලි වලටම නෙමෙයි. https://kolambagamaya.blogspot.com/2015/06/blog-post_5.html
Deleteසෝවියට් ජිවිතයෙන් බිඳක් - https://kolambagamaya.blogspot.com/2017/07/2.html
Deleteඅජිත් මහත්මයාට බොහොමත් ස්තුතියි මේවගේ සංවාදයකට අදහස් දැක්වීම ගැන. වෙන දැනුමැත්තෝ සංවාද වලට බයයි. මත ගැටෙනවට බයයි. මම (දැනෙන විදිහට බසු තුමත් ) මාක්ස් වාදය හදාරපු අය නෙමෙයි. මේක මම දකින්නේ හොඳ learning opportunity එකක් කියලා. සංවාද තුලින් තමයි දැනුම ගොඩනැගෙන්නේ. මේවා බලන එක්කෙනේගේ හරි දැනුම දියුණුවෙයි.
Deleteදැන් මේ ලිපියේ අදහස වුනේම අන් මත suppress නොකළ යුතුයි කියන එක. ඒක මොන model එකෙන් කරත් වැරදයි. සාමකාමී සංවාද වලට රටක ඉඩ තියන්න ඕනේ. මාක්ස් ඉදිරිපත් කරපු තියරිය primitive communism සිට higher stage communism දක්වා සමාජ පරිණාමය ස්වාභාවික එකක් නෙමෙයි කියලයි මට හිතෙන්නේ. ඒක හරියට genetic mutation එකක් වගෙයි. මුලික දේ මාක්ස් ආර්ථිකයට මුල්තැන දීලා අනිත් දේ ගැන එතරම් තැකීමක් කලේ නැහැ. ඒ තියරිය හැදුනේ බටහිර වැඩවසම් යුගය දිහා බලලා. මිනිස් මනස(desire) ආගම් සංස්කෘතිය වර්තමානයේ තාක්ෂනය සහ කෘතීම බුද්ධියමේවගේ කාරණා ගොඩක් බලපානවා. මාර්කස් එංගල්ස් ලෙනින් විසින් ඉදිරියට ගෙනියපු දේශපාලන මතවාදය (හෝ ආර්ථික මතවාදය ) මහපොළවේ සාර්ථක නැහැ නේද? චීනය පවා අර්ථ ක්‍රමයක් වශයෙන් පරණ ගොවිපල ක්‍රමය හෝ ඔබ අත්දුටු පරණ සෝවියට් ක්‍රමය නෙමෙයි නේ අනුගමනය කරන්නේ? ඔවුන් ඉන්නෙත් සංක්‍රාන්තියක. අර්ථ ක්‍රමයක් වශයෙන් ධනවාදය ද සමාජ වාදය ද සාර්ථක කිව්වොත් දෙකම අසාර්ථකයි. නමුත් වඩා ප්‍රයෝගික (ස්වාභාවික )ධනවාදී ක්රමයන්. එකේ කඩාවැටීම නව ක්‍රමයකට හේතුවෙයි නමුත් සමාජවාදය විකල්පයක් නෙවෙයි.දේශපාලන ක්රමයන් වශයෙන් සමාජවාදී ක්රමයන් වල සාපේක්ෂව අඩු නිදහසක් තියෙන්නේ.අනාගත චීනයේ පරිනාමය බලලා මගේ අදහස වෙනස් වෙයිද දන්නේ නැහැ. අනාගත චීනය කියන්නේ සමාජවාදී genetic mutation එකේ ස්වභාවික පරිණාමය වෙන්ඩ තියන ඉඩ වැඩයි.
පළමුවෙන්ම ලියන්න ඕනේ මම වාද කිරීමේ අදහසින් නෙමේ ලියන්නේ කියල. පිළිතුරක් ලියන්නේ සංවාදය හොඳ නිසා පමණයි,//සාමකාමී සංවාද වලට රටක ඉඩ තියන්න ඕනේ// ඒක හරි එකඟයි. නමුත් මේ දවස් වල එහෙම පුලුවන්ද? ඇමෙරිකාවේ ට්‍රම්ප් ගේ මතයට් එරෙහිව යන අයට තර්ජනය කරනවා. අනිත් පැත්තෙන් වෝක් ප්‍රින්සිපල් වලට එරෙහි මත යුරෝපයේ හා බ්‍රිතාන්‍යයේ දැඩි විවේචනයට ලක් වෙනවා. ලංකාවේ ආණ්ඩුවට විරුද්ධ බොරු ප්‍රචාර ප්‍රධාන පෙලේ මාධ්‍යවල යනවා. -මාක්ස් ගේ පරිණාම කතා - ඒක ඩාවින් ගේ පරිණාමවාදය වගේ තමා. කවුරු කැමති වුනත් නැතත්, එකඟ වුනත් නැතත් වෙන දෙයක්. මාක්ස් ගේ තියරිය බටහිර හෙවත් යුරෝපය දිහා බලල තමයි කලේ. ඒක හරි. මාක්ස් ඒ බව කියා තිබෙනවා. උදාහරණයක් වශයෙන් ලංකාවේ සහ ඉන්දියාවේ වහල් යුගයක් තිබ්බේ නැහැ. නමුත් ලංකාවේ මූලික කොමියුනිස්ට් සමාජයක් තිබුනා. ලංකාවේ ගම ස්වයං පෝෂිතයි ළමයි ගැන හැමෝම බැලුව. තමන්ට අවශ්‍ය දේ නිපදවාගෙන අතිරික්තය බෙදා හැරිය හුවමාරු ක්‍රමයකින්, හමුදාව එක් රැස් වුනේ අවශ්‍ය වෙලාවට පමණයි. අනික මාක්ස් කියල නැහැ මේ වෙනස් කම් දඩස් ගාල වෙනවා කියල. රාජාණ්ඩු යුග වල වහල් ක්‍රම තිබ්බ. ධනවාදයේ වැඩවසම් ලක්ෂණ ත තියනවා. . බ්‍රිතාන්‍යයේ හා යුරෝපය රජුන් සිටින්නේ ඒ වැඩවසම් යුගයේ නෂ්ටාවශේෂ. ධනවාදයෙන් සමාජවාදයට යන විට ධනවාදී ලක්ෂණ එහෙම්ම තියෙනවා එව්ව නැති වෙන්නේ නැහැ. ලෙනින් සහ ට්‍රොට්ස්කි තනි රටක සමාජවාදයක් හැදුවට පස්සේ ලෙනින්ට තේරුණා වැඩේ ඇනෙන බව. ඊට පස්සේ එය NEP කියල නව අර්ටික පිළිවෙතක් හඳුන්වා දීල පෞද්ගලික දේපල ක්‍රමය හා සුළු වෙළඳාම ආයේ හඳුන්වා දුන්න. රට දියුණු වුනා. නමුත් ලෙනින්ට වෙඩි තියල , කෘප්ස්කයා (බිරිඳ, ගෝර්කි ඇතුළු අය නිවස අඩස්සියේ දල ස්ටාලින් බලය අරන් තනි රටක සමාජවාදය ක්‍රියාත්මක කළා. මාඕ ගියෙත් ඒ මාර්ගයේ. සෝවියට් දේශයේ එක පුළුවන් වුනේ ස්වාභාවික සම්පත් හොඳට තිබුන නිසා. දැන් සම්බාධක මධ්‍යයේ යුද්ධයක් මධ්‍යයේ ඒකාධිපති පූටින් ගේ ධනවාදී රුසියාව වැටෙන්නේ නැතිව පවතින්නේ ඒකයි. නමුත් තනිරටක සමාජවාදය කියන්නෙම් ඒකාධිපති විධිහට් යන්න වෙන්නේ. මාක්ස් එහෙම කතවක් කීවේ නැහැ. ඔහු කිවේ ධනවාදය දිඋනු වෙනකොට සමාජවාදී ලක්ෂණ එන්න පටන් ගන්නවා. ඊට පස්සේ සමාජවාදය හා කොමියුනිස්ට් ස්ට්වාදයට යනවා කියා . අද වුනත්ලංකාවේ, එංගලන්තයේ නිදහස් සෞඛ්‍ය ය සේවය, යුරෝපයේ නිදහස් අධ්‍යාපනය සමාජවාදී පියවරවල් එතකොට ඩෙන්මාර්කයේ එතනින් එහාට ගිහින්තියෙනව. මම කිව්වේ සෝවියට් ක්රමයේ අවසාන කාලයේ අපි ඒ ජිවිතයට කැමති වුනාට ඒක කරන්න කියල නෙමෙයි. නැවත ඒක ගොඩනගන්න බහ. අනික අවුරදු හැත්තෑවක් සමාජවාදයට තිබ්බේ , ධනවාදයට තිබ්බ අවුරුදු 500 එක්ක සමාන කරන්න බැහැ . චීනයේ ඩෙන් ෂියා, මාඕ මැරුණට පස්සේ ධනවාදී දේපල අයිතිය සහ අර්ථ ක්‍රමය පිලි ගත්තෙත් ඒ නිසා. තනි රටක සමාජවාදය ගොඩ නැගීම මාක්ස්වාදයට විරුද්ධයි. ඒක ලෝක ධනවාදයේ දියුණුව විසින් තීරණය කරන දෙයක්. අනික සමාජවාදී අදහස් මාක්ස් නෙමේ පටන් ගත්තේ
Deleteඉතින් ඔයාට තේරෙනව ඇතිනේ ඇයි මම මේ ආණ්ඩුවට සහය දෙන්නේ කියල. 70-77 ආණ්ඩුවේ අසාර්ථක සමාජවාදී ප්ප්රතිපත්ති අනුර කුමාර අරගෙන නැහැ . ඒ වගේම කියුබන් පන්නයේ එකක් හදන්න ගිහිල්ලත් නැහැ . විපක්ෂය කියන මර්දනය , පන්සල් කැඩීම , පෙරහැර නැවත්තිම කරලත් නැහැ . අයිඑම් එෆ් එක්ක සහ විදේශ රටවල් එක්ක එකතු වෙලා විවෘත ආර්ථිකය කළමනා කරමින් ගෙනියනවා . ඒ වටහා ගැනීමම මදිද ? හැබැයි වැඩිපුර බොරු මවලා බලෙන් කඩන්න ගියොත් එයාල හැරෙන පැත්ත කියන්න අමාරුයි , නමුත් දෘඩ සමාජවාදී පිළිවෙතකට එයාලට ඕනේ නම් යන්න පුළුවන් .
Delete//නමුත් දෘඩ සමාජවාදී පිළිවෙතකට එයාලට ඕනේ නම් යන්න පුළුවන් .// මෙහෙම නොවේවා කියලා ප්‍රර්ථනා කරමු. ලංකාව උතුරු කොරියාව වගේ වුනොත් වෙන හානිය පහුගිය 76 වසරක වුනාවගේ නෙවෙයි.ඒ වගේ දහස් ගුණයක්.ආණ්ඩුවට මොන බාධක ආවත් කවුරු කකුලෙන් ඇද්දත් ඔවුන් සතුව ඇති බලය බුද්ධිය දැනුම සහ දුෂණයෙන් තොර බව කියන ගුණාංග වල අනුභාවයෙන් ඔවුන්ට රට දියුණුවකට පත්කිරීමේ හැකියාව තියෙනවා.රටක් පාලනය කරනවා කියන එකේදී මටසිලුටු ගමනක් නැහැ.නිතර අභියෝග, එකක් නැත්නම් තව එකක්. ආණ්ඩුවේ උපදේශකයන් දැනුමැත්තන් රට නපුරකට යොමුකරන උපදෙස් ඔවුන්ගේ මුවින් හෝ පෑනෙනේ නොකරත්වා කියලා සුබ ප්‍රාර්ථනා කරමු. සුබ නව වසරක්.
Deleteඔබටත් සුබ නව වසරක් වේවා
Delete@ අජිත්
Deleteමම අජිත්ගේ ඒ ලිපිය කියෙව්වා. ලෙනින් කියූ කතාව ගැන දැන වුන්නේ නෑ. සමාජවාදී න්‍යායයන් නිසා අපට ලැබුන දේ බොහොමයි. මම කාල් මාක්ස්ට ගෞරවයක් ඇති නමුත් ඔහු සියල්ල දත් සෘෂි වරයෙක් ලෙස අදහන්නේ නෑ. සමාජවාදය සමඟ බොහෝ විට එන ඒක පාක්ශික බව සහ මර්ධනය ගැන කැමැත්තක් නෑ. මගේ කියවීම අනුව, මේ හැම තැනදීම වුනේ සමාජවාදී න්‍යාය දඩමීමා කරගෙන, නව ධනවාදී පාලන පැලැන්තියක් බිහි වීමයි. ධනවාදයෙන් බේරාගන්නවා යැයි කී "ජනතාව" දුක් විඳිද්දී, මේ පාලක පන්තිය සැප වින්දා. කියුබාව, උතුරු කොරියාවේ මේ තත්ත්ව හොඳට කැපී පෙනෙනවා. සෝවියට් දේශෙ මෘදු ලෙස වුනත් වුනේ ඒකම නේද?
ඔය නව ධනවාදී පාලන පැලැන්තියක් මේ රටවල බිහි වුනේ නැහැනේ . ඒක මම හිතන්නේ නලින්ද සිල්වා කියපු දෙයක් . සමාජවාදී පන්තිය කියල නමක් දුන්න එයා . ඒක පන්තියක් වෙන්න බැහැ . මුලික සමාජවාදයට අනුව ප්රාග්ධනය තියන අය තමා ධනපතියෝ . කියුබාවේ, උතුරු කොරියාවේ ඉන්නේ ඒකාධිපති පක්ෂයක නිලධාරී පෙලැන්තිය . සෝවියට් දේශයේ වුනත් එහෙමයි . සෝවියට් දේශයේ ස්ටාලින් ගෙන් පස්සේ එයාලට හැදෙන්න කාලයක් ආවා . ගොර්බචෝව් වැඩිපුරම කරන්න ගියේ ඒක හදන්න . ඒ වෙනුවට උනේ කඩන් වැටුන එක. අභ්‍යන්තර ප්රතිවිරෝධයන් නිසා .
Delete//ඔහු සියල්ල දත් සෘෂි වරයෙක් ලෙස අදහන්නේ නෑ.// මම මාක්ස්ව සියල්ල දත් සෘෂි වරයෙක් ලෙස අදහනවා වගේ පේනවද ? එහෙනම් සමාවෙන්න . මම එයාගේ දහමට විරුද්ධ දේවල් නුත් ගොඩක් කියවන කෙනෙක් . මගේ බ්ලොග් එකේ මා බලන අනිත් වෙබ් අඩවි යටතේ ඇති https://mises.org/ මිසස් ආයතනය එවැනි එකක් . එසේම මම මේ වගේ ලිපිත් ලියා තිබෙනවා . -මාක්ස්ට වැරදුන තැනක්ද?
Deleteමේකේ උත්තර ටික බලන්න . මටනම් දැන් පැහැදිලි කරලම එපා වෙලා . https://www.youtube.com/live/gDi7UWnL2ZU?si=yZPje-pC5QkVeraq
ReplyDeletevideo එක බලලා එන්නන් කතා කරන්න
Deleteනලින්ද ජයතිස්ස සැහෙන හොඳට මුහුණ දුන්නා. පුර්ව ආපදා කළමනාකරණය මීට වඩා හොදින් ඉදිරියේදී වෙයි කියලා විශ්වාසයි. නිලධාරීන් දේශපාලන අධිකාරිය සහ ආයතන අතර coordination නම් දියුණු කරගන්න වෙනවා.
Deleteහිතාමතා බොරු පතුරන එක වැරදියි
ReplyDeleteඒ බොරු ඉක්මනින් රට හැම තැන පැතිරෙයි
ඒකෙන් වෙන හානි ඉක්මන් බවත් පෙනෙයි
අවසන 'සමා ඉල්ලා', නීතියත් නවයි
නිදී බොරුව, අතිශෝක්තිය විවේචනය ඔය දේවල් පරිස්සමෙන් තෝරා බේරා ගන්න ඕනේ. මුලින්ම අපි මෙච්චර කල් කියපු බොරු වලට හැමෝම හැමෝගෙන්ම සමාව ගන්න. ගොබෙල්ස් න්‍යාය වැඩිපුර අනුගමනය කරපු අය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. සමාජ මාධ්‍ය එන්න ඉස්සර සමහර දේශපාලන පක්ෂ කටකතා බළකායන් හැදුවා. මතකනේ ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා චිත්‍රපටියකුත් හැදුවා.දැන් තියෙන්නේ සමාජ මාධ්‍ය බළකායන්.
Deleteදේශපාලන කතා බහට මට එතරම් දැනුමක් නැහැ .. අජිත් ගේ පෝස්ට් එකට කියපු දේම තමා මේකටත් කියන්න තියෙන්නේ ..
ReplyDeleteඅනුර ගැන බහුතරයක් විපක්ෂයේ ඉන්න /හිටපු අයට තිබුණු බොරු කයිවාරු කාරයෙක් කියන හැඟීම නැති වෙන විදියට ඔහුට වැඩ කරන්න වෙනවා ..
ජේවීපී ගති එලියට එන පළවෙනි අවස්ථාවේදීම ඔවුන්ව පරාජය කල යුතුයි කියලයි මම නම් හිතන්නේ ..
මිනිස්සු දියුණු වෙනවා ලෝකය දියුණු වෙනවා .. පරණ මත , දර්ශන අත අරින්න ඕනේ .. අලුත් ලෝකයට අලුත් මත/ දර්ශන අලුතින් හිතන්න ඕනේ ..
අපිට රෝබෝලත් එක්ක ජිවත් වෙන්න තියෙන හොඳම විදිය ගැන සාකච්චා කරන්නත් තව වැඩි කාලයක් බලන් ඉන්න වෙන එකක් නැහැ .. හෙහ් හෙහ් ..
එතකොට ඉන්නේ ජාති දෙකයි .. හෙහ් හෙහ් '
අපේ අය තාම යන්නේ පස්සට. හිතන්නේ පසුගාමී විදිහට. මාධ්‍ය නිදහස අතින් අපි ඉදිරියට ගමන් කරමින් තියනකොට මර්ධනය ඉස්සරහට දාගත්තොත් රොබෝලා අපිව බෝල ගහන්න ගනියි.
Delete