වියට්නාමය අමුතු ගමනක යෙදෙන රටක්. ඉතිහාසය පුරාමත් විවධ හැලහැප්පීම් එක්ක සටන් කරා. චීන ආක්‍රමණ, ප්‍රංශ යටත් විජිත, කාලෙන් කාලෙට කරදර. නමුත් වියට්නාම් යුද්ධය කිව්වාම මතකෙට එන්නේ ඇමෙරිකානු වියට්නාම් යුද්ධය.
අද Ho Chi Minh City නම් නගරය තුළ සැරිසරන විට දකින්නේ අනාගතයට වේගයෙන් යන නගරයක්. ඇය ගමන යන්නේ සයිගොන් කියන අතීතයත් තදින් අල්ලගෙන. මේ ගමනේදී අතීතය අමතක කරන උත්සාහයක නැහැ.ප්‍රංශකාරයා වියට්නාමය අතැරලා යනකොට වියට්නාමය දෙකට බෙදුණා. උතුර කොමියුනිස්ට්. දකුණ බටහිරට බර පාලනයක්.
1. War Remnants Museum
2. Independence Palace
3. Cu Chi Tunnels.
-----------------------------------------------------------------
ඊට
පස්සේ විවිධ වධකාගාර. දකුණු වියට්නාම පාලනයට විරුද්ධ ඕනෑම කෙනෙක් මේ වධකාගාර වල
දුක් විදිනවා. ත්‍රාසයෙන් භීතියට.
මහල්
කීපයක් යනකම් යුද්ධයේ බිහිසුණු බව වැඩියම කියන්නේ
ඡායාරූප. භීතියෙන් ශෝකයට.
යුධ
වාර්තාකරණයේ යෙදුන අයට විශේෂයෙන් තැනක් තියනවා.ලෝකය පුරාම වියට්නාම යුද්ධයේ අමිහිරි බව පෙන්නන්න ඔවුන්
උත්සහ කරා. ඒවිතරක් නෙමෙයි සමහර වාර්තාකරුවන් දිවි පිදුවා.
බලන්න
මේ ළමයින්ගේ මුහුණු. යුද්ධයේ ත්‍රාසය භීතිය සහ ශෝකය එකවරම
අපි ඉස්සරහ මැවෙනවා. මේ වගේ ඡායාරූප
රාශියක් මේ කෞතුකාගාරයේ තියනවා.
වියට්නාම් යුද්ධයේ අඳුරු මොහොතක් ලෙස සදාකාලයට මතකයේ කැටිවී ඇති The Terror of War නම් ඡායාරූපය, 1972 ජූනි 8 දින Trang Bang ගම්මානය අසලදී ගත් එකකි. එදා napalm බෝම්බ ප්‍රහාරයකින් ගම්මානයේ සිවිල් ජනතාවට වැරදීමෙන් වැදීමෙන් , බියෙන්, වේදනාවෙන් දුවන දරුවන්ගේ දසුන කැමරාවක සදාකාලිකව අල්ලාගන්නා ලදී. එම දරුවන් අතර මධ්‍යයේ සිටි ළදරිය වූ Phan Thi Kim Phuc, පිලිස්සීමෙන් දුක්විඳින ශරීරයකින් පලා යමින්, යුද්ධයේ භීතිය ලෝකයට හෙළි කළාය. පසුබිමේ දිස්වන සොල්දාදුවන් South Vietnamese (ARVN) soldiers වන අතර, ඔවුන් ප්‍රහාරය සිදු කළ පිරිස නොව, එම සිද්ධියට පසු එම ස්ථානයේ සිටි අයයි. ඡායාරූපය ගත් අය ලෙස සාමාන්‍යයෙන් සඳහන් වන්නේ Nick Ut (AFP)ය. ඔහු ඡායාරූපය ගත් පසුම එහි නවතින්නේ නැතිව, දැඩි ලෙස තුවාල වූ ළමයින් රෝහලට ගෙනයාමෙන්, විශේෂයෙන්ම Phan Thi Kim Phuc ගේ ජීවිතය රැක ගැනීමටද උදව්විය. කාලය ගෙවී ගියද, එම දරුවා අද වැඩිහිටියෙකුසේ කැනඩාවේ ජීවත්වන අතර, යුද්ධයේ වේදනාවෙන් උපන් සාමයේ හඬක් ලෙස ලෝකයට කතා කරයි.
Independence Palace
Ho Chi Minh City එකේ තියෙන Independence Palace එක ඉස්සර දකුණු වියට්නාම රජයේ ජනාධිපතිගේ නිල නිවසත්, යුද්ධය මෙහෙයවපු ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයත් වුණා. වියට්නාම යුද්ධ කාලේ ඇමරිකාවත් එක්ක එකට ඉඳලා දකුණු වියට්නාම පාලනය මෙතැනින් තමයි වැඩ කළේ.
මම
Ho Chi Minh City එකෙන්
දහවල් 12ට පමණ පිටත්
වුණා. මගේ ගමන ආරම්භ වුණේ group tour එකක් එක්ක. එකට එකතු වුණේ විවිධ රටවල් වල අය ප්‍රංශ
ස්විස් ඕස්ට්‍රේලියා ඉතාලි වගේ රටවල් වලින් ආපු කට්ටිය. ඒ අතරේ මම
තමයි Sinhala origin එකෙන් ආපු එකම Asian කෙනා.මම වගේ introvert කෙනෙක්ට
ඒක ටිකක් awkward වගේ.අන්තිමට ඒ awkwardness එකම ටික ටික නැති වුණා. ඒ වෙනුවට, විවිධ
රටවලින් වලින් ආපු අය එක්ක එකම
ඉතිහාසයක් අත්දැකීමක් බෙදා ගන්න හැඟීමක් ආවා.
නගරයේ
කාර්යබහුල ජීවිතයෙන් ටික ටික ඉවත්වෙලා ගමන යද්දී පරිසරයත් නිහඬ, හරිත පැත්තකට හැරුණා. පැය කිහිපයක ගමනකින් පසුව තමයි Cu Chi Tunnels තියෙන ස්ථානයට ළඟා වුණේ. එතැනට ගියාම ඒක නගරයෙන් සම්පූර්ණයෙන්
වෙනස්, වෙනම ලෝකයක් වගේ හැඟුණා.
අද ඒ ස්ථානයට ගියාම සංචාරකයන්ට ඒක අත්දැකීමක් ලෙස පෙන්වලා දෙනවා. මුලින්ම ඒ tunnels හදපු ආකාරය සහ ඒවා භාවිතා කළ ආකාරය ගැන පැහැදිලි කිරීමක් කරනවා. ඊට පස්සේ තමයි ඇත්ත අත්දැකීම—tunnels ඇතුළට යාම. සාමාන්‍යයෙන් ඔබට ඇතුළට යන්න පුළුවන් වන්නේ මීටර් 30–50ක් පමණ කොටසක්. ඒත් ඒකත් ඉතාම සංකීර්ණයි.

මේ තියෙන්නේ Tunnel ඇතුලේ තිබ්බ ලොකු room එකක්. හැමතැනම එහෙම නැහැ.
විශාල
යුධ ශක්තියක් තිබුණත්, භූගතව, නිහඬව, ඉතා සැලසුම්ගතව ක්‍රියාත්මක වූ කුඩා පිරිසක්
කොච්චර බලවත් විදිහට ප්‍රතිරෝධය දැක්වූවද කියලා මේ ස්ථානයෙන් හොඳටම
දැනෙනවා.
නිල්
මකරාගේ තැඹිලි මිනිසුන්.
BBC Documentary about Agent Orange
වියට්නාම යුද්ධය ගැන කතා කරනකොට “Agent Orange” කියන්නේ ඉතාම අඳුරු පැත්තක්. ඇමරිකා හමුදාව විසින් වනාන්තර විනාශ කරලා පළදාව අඩුකරලා සතුරා සැඟවෙන්න නොහැකි කරන්න භාවිතා කරපු රසායනික ද්‍රව්‍යයක්. ඒකේ අරමුණ කෙටි කාලීන යුධමය වුණත්, ඒකේ ඇතුළේ තිබ්බ dioxin කියන අතිශය විෂ ද්‍රව්‍යය නිසා සාමාන්‍ය ජනතාවටත්, පරිසරයටත් දිගුකාලීන හානි සිදු වුණා.
එය
ස්පර්ශ වුණු ගම්මාන වල මිනිස්සුන්ට පිළිකා,
සමේ රෝග, ශරීර අබලතා වගේ දේවල් පමණක් නෙවෙයි, සමහර පරම්පරා දෙක තුනක් පවා බලපාන ජානමය දෝෂ
වගේ ගැටලුත් ඇති වුණා. ඒ නිසා අදටත්
ඒ අය ආයුධ යුද්ධය
අවසන්වූ ජීවන යුද්ධයක සටන් කරන පිරිසක් ලෙස දකින්න පුළුවනි .
වියට්නාම්
යුද්ධයට ගියපු ඇමෙරිකානු භටයන්ටත් මේකෙන්
ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඔව්නුත් විවිධ අබාධ වලට ලක්වුණා.
අද
Vietnam රජයත්, සමහර විදේශ ආධාර සහ ඇමරිකාවත් එක්ක
එක්වී, මේ පීඩිත ජනතාවට
වෛද්‍ය සහ සමාජ ආධාර
ලබා දෙන වැඩසටහන් කරගෙන යනවා. ඒත් ඒක සම්පූර්ණයෙන් සුව
වෙලා ඉවර වෙන තුවාලයක් නෙවෙයි.ඒක තවමත් දිගටම
පවතින ඉතිහාසමය වේදනාවක්. ඇමෙරිකාවට මේ වගේ අපරාධ
වලින් ගැලවිලා යන්න බැහැ.
--------------------------------
මේ
විදිහට බැලුවහම යුද්ධය නිසා වුණු අපරාධ හරිම බිහිසුණුයි. මැදහත්ව බලනකොට් මේක ඒකපාර්ශවිකව කථාවක් . උතුරු වියට්නාමය කොමියුනිස්ට් රජය, යුද්දයේදීත් යුධ ජයග්‍රණයෙන් පසුවත් කරනලද මානව හිමිකම් උල්ලංගණය පේන්න නැහැ.
1960 ඇමෙරිකාව
මේ යුද්ධයට පැටලෙන්නෙම කොමියුනිස්ට් වාදය නිසා . ලී ක්වාන් යිව්
වගේ නායකයෝ මේක වාසියට හරවගත්තා. ඔවුන් කොමියුනිස්ට් වාදය පරාද කරලා බටහිර පිහිටෙන් දියුණු වුනා. 1970-1977 රජය ලංකාවේ මේ උපක්‍රමය භාවිතා
කරේ නැහැ. ඔවුන් සිටියේ වම සමග.
The domino theory was a
Cold War policy suggesting that if one country, such as South Vietnam, fell to
communism, neighboring Southeast Asian nations would inevitably follow, like
falling dominoes
කොහොම
වුනත් යුද්ධයෙන් පස්සේ 1985 විතර වියට්නාමය තමන්ගේ Bamboo විදේශ ප්‍රතිපත්තිත් එක්ක වෙනස්ම ගමනක් යනවා. මෙන්න මේ ගමන නුදුරේදීම
ලංකාවේ විශ්ලේෂකයෝ අල්ලාගෙන ලියන්න ඉඩ තියනවා.ඒක
ගැන අපි වෙනම කතා කරමු.
.jpg)





තිරශ්චීන පාලකයෝ බලය ඇති
ReplyDeleteහටන් අවුළුවා රජකම් රැක ගනිති
කොතැනක කවුරු කෙරුවත් යුද පලක් නැති
මිනිසා නැසෙයි; යුද්ධය ඉල්ලුවේ නැති
යුද්ධයේ පළමු හානිය සත්‍යයට සහ අහිංසකයන්ට කියනවනේ
Deleteනිහඬපාල මහත්තයෝ, ඔයාගේ මේ post එකත්, කලින් postsතුත් කියෙව්වාම මට මතක් වුණා කියවපු පුංචි පරිවර්තන පොතක්. පොතේ නම 'වියට්කොං'. හොයා බලන්න ඕනි තවමත් ඒක තියෙනවද කියලා.
ReplyDeleteඅනෙක තමයි අපේ ආච්චි ඒ දවස්වල ඇමෙරිකන් කාරයන්ට සාප කර-කර වැළපුණු හැටි- ක්වාන් ඩක් හාමුදුරුවන්වහන්සේ ගිනි තියාගෙන මියගිය හැටි 'ලංකාදීප' පත්තරෙන් දැකලා.
ඒ පොත තියනවනම් ඇත්තටම වටිනවා. ඒ කාලයේ වියට් කොං වරු ගැන අපි හිතුවේ කොහොමද කියලත් බලන්න පුළුවනි.කාලයත් එක්ක අපි හිතන විදිහත් ගොඩක් වෙනස් වෙනවා. බෞද්ධ අයට කොමියුනිස්ට් නොවන අය සලකපු විදිහ නිසා තමයි දකුණු වියට්නාමය අපකිර්තියට පත්වුණේ.
DeleteSri Lanka had its strongest opportunity during 2010 to 2015 with an investment-led growth model, lost momentum during 2015 to 2020 due to populist, debt-driven policies, collapsed in 2022, and is now stabilizing under IMF discipline, but the future depends entirely on whether it can transition again to a disciplined, export-driven, infrastructure-led growth model. Best model = 2010 to 2015 (with corrections), Worst model = 2015 to 2020, Future success depends on combining 2010 to 15 investment strategy with strong exports and disciplined fiscal management.
ReplyDeleteYes agree with you. I also feel the 2010–2015 period was more of a home-grown development model focused on infrastructure and long term investment, even though it had weaknesses and needed corrections. In my next post I will write about some common misconceptions we have about FDI, how Vietnam actually uses it, and the problems they are facing today. Corruption, black money, multinational company influence, and labour exploitation are also part of the capitalist export model Vietnam is trying today.
DeleteSo the real question is, how did they end up mixing two completely different systems together, and what will be the long term outcome of that model?