Thursday, April 30, 2026

නිල් මකරාගේ යුද්ධය - ත්‍රාසය භීතිය ශෝකය.

වියට්නාමය අමුතු ගමනක යෙදෙන රටක්. ඉතිහාසය පුරාමත් විවධ හැලහැප්පීම් එක්ක සටන් කරා. චීන ආක්‍රමණ, ප්‍රංශ යටත් විජිත, කාලෙන් කාලෙට කරදර. නමුත් වියට්නාම් යුද්ධය කිව්වාම මතකෙට එන්නේ ඇමෙරිකානු වියට්නාම් යුද්ධය.

අද Ho Chi Minh City නම් නගරය තුළ සැරිසරන විට දකින්නේ අනාගතයට වේගයෙන් යන නගරයක්. ඇය ගමන යන්නේ සයිගොන් කියන අතීතයත් තදින් අල්ලගෙන. මේ ගමනේදී අතීතය අමතක කරන උත්සාහයක නැහැ.
ප්‍රංශකාරයා වියට්නාමය අතැරලා යනකොට වියට්නාමය දෙකට බෙදුණා. උතුර කොමියුනිස්ට්. දකුණ බටහිරට බර පාලනයක්.







 

Ho Chi Minh (1890–1969)                                   
උතුරේ නායකයා. ලෝකයේ විවිධ රටවල ඇවිදලා අත්දැකීම් අරගෙන කොමියුනිස්ට් වාදය වැළඳ ගත්තා. ජිවිතේ අවසානකාලයේ ලෙඩ රෝග නිසා පීඩා වින්දා.


 Ngo Dinh Diem (1901 –1963 )
දකුණේ නායකයා. බෞද්ධ ආගමට කුඩම්මාගේ සැලකිල්ලක් දක්වපු කෙනෙක් කියල තමයි ප්‍රසිද්ධ. සාමයට කොළ එළියක් දල්වනවා කියලා ඇමෙරිකාවට ඇතිවුන සැකයක් මත හමුදා කුමන්ත්‍රණයකින් ඝාතනය වෙනවා.

කොහොමහරි යුද්ධය ඉවරවෙනකොට දෙන්නම ජිවතුන් අතර නැහැ.

සයිගොන් ආශ්‍රිතව යුද්ධ අත්දැකීම ගන්න පුළුවන් තැන් තුනක් තියෙනවා. ඔය තැන් වලට ගියහම පේනවා තවමත් අතීතය හුස්ම ගන්නා බව.

1. War Remnants Museum

2. Independence Palace

3. Cu Chi Tunnels.

------------------------------------------------------------------------------

 War Remnants Museum තුළට ඇතුල් වන විටම එන පළමු හැඟීම ත්‍රාසයයි. පිටත තැබූ යුධ වාහන, ගුවන් යානා සහ ආයුධඒවා අමෙරිකාවෙන් අල්ලාගත්තුවඑහෙම නැතිනම් ඔවුන් දාලා ගියපුවා.

ඊට පස්සේ විවිධ වධකාගාර. දකුණු වියට්නාම පාලනයට විරුද්ධ ඕනෑම කෙනෙක් මේ වධකාගාර වල දුක් විදිනවා. ත්‍රාසයෙන් භීතියට.

මහල් කීපයක් යනකම් යුද්ධයේ බිහිසුණු බව වැඩියම කියන්නේ ඡායාරූප. භීතියෙන් ශෝකයට.

යුධ වාර්තාකරණයේ යෙදුන අයට විශේෂයෙන් තැනක් තියනවා.ලෝකය පුරාම වියට්නාම යුද්ධයේ අමිහිරි බව පෙන්නන්න ඔවුන් උත්සහ කරා. ඒවිතරක් නෙමෙයි සමහර වාර්තාකරුවන් දිවි පිදුවා.

බලන්න මේ ළමයින්ගේ මුහුණු. යුද්ධයේ ත්‍රාසය භීතිය සහ ශෝකය එකවරම අපි ඉස්සරහ මැවෙනවා. මේ වගේ ඡායාරූප රාශියක් මේ කෞතුකාගාරයේ තියනවා.




වියට්නාම් යුද්ධයේ අඳුරු මොහොතක් ලෙස සදාකාලයට මතකයේ කැටිවී ඇති The Terror of War නම් ඡායාරූපය, 1972 ජූනි 8 දින Trang Bang ගම්මානය අසලදී ගත් එකකි. එදා napalm බෝම්බ ප්‍රහාරයකින් ගම්මානයේ සිවිල් ජනතාවට වැරදීමෙන් වැදීමෙන් , බියෙන්, වේදනාවෙන් දුවන දරුවන්ගේ දසුන කැමරාවක සදාකාලිකව අල්ලාගන්නා ලදී. එම දරුවන් අතර මධ්‍යයේ සිටි ළදරිය වූ Phan Thi Kim Phuc, පිලිස්සීමෙන් දුක්විඳින ශරීරයකින් පලා යමින්, යුද්ධයේ භීතිය ලෝකයට හෙළි කළාය. පසුබිමේ දිස්වන සොල්දාදුවන් South Vietnamese (ARVN) soldiers වන අතර, ඔවුන් ප්‍රහාරය සිදු කළ පිරිස නොව, එම සිද්ධියට පසු එම ස්ථානයේ සිටි අයයි. ඡායාරූපය ගත් අය ලෙස සාමාන්‍යයෙන් සඳහන් වන්නේ Nick Ut (AFP)ය. ඔහු ඡායාරූපය ගත් පසුම එහි නවතින්නේ නැතිව, දැඩි ලෙස තුවාල වූ ළමයින් රෝහලට ගෙනයාමෙන්, විශේෂයෙන්ම Phan Thi Kim Phuc ගේ ජීවිතය රැක ගැනීමටද උදව්විය. කාලය ගෙවී ගියද, එම දරුවා අද වැඩිහිටියෙකුසේ කැනඩාවේ ජීවත්වන අතර, යුද්ධයේ වේදනාවෙන් උපන් සාමයේ හඬක් ලෙස ලෝකයට කතා කරයි.

--------------------------------------------------------------------------------------------------------------------

Independence Palace


Ho Chi Minh City එකේ තියෙන Independence Palace එක ඉස්සර දකුණු වියට්නාම රජයේ ජනාධිපතිගේ නිල නිවසත්, යුද්ධය මෙහෙයවපු ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයත් වුණා. වියට්නාම යුද්ධ කාලේ ඇමරිකාවත් එක්ක එකට ඉඳලා දකුණු වියට්නාම පාලනය මෙතැනින් තමයි වැඩ කළේ.

 1975 අප්‍රේල් 30 දා උතුරු වියට්නාම හමුදාව ටැංකිත් එක්ක මේ palace එකට ඇතුල් වුණාම සයිගොන් නගරය වැටුණා. සිදුවීමත් එක්ක යුද්ධය අවසන් වුණා, දකුණු වියට්නාම රජයත් බිඳ වැටුණා. ඒක වියට්නාමයේ එකතු වීමේ හැරවුම් මොහොතක් වුණා.

 අද මේ ගොඩනැගිල්ල රජයේ කාර්යාලයක් නෙවෙයි. ඒක සංචාරක ස්ථානයක්. ඇතුළේ යුද්ධ කාලේ භාවිතා කරපු බංකර්, ජනාධිපතිගේ කාමර, රැස්වීම් කාමර, සහ පැරණි සන්නිවේදන උපකරණ වගේ දේවල් බලන්න පුළුවන්මේක Vietnam යුද්ධය අවසන් වුණු ඉතිහාසමය තැනක් ලෙස අදටත් ආරක්ෂා කරලා තියෙන ස්ථානයක්.

 ---------------------------------------------------------------------------------------------------------------------

 Cu Chi Tunnels

මම Ho Chi Minh City එකෙන් දහවල් 12 පමණ පිටත් වුණා. මගේ ගමන ආරම්භ වුණේ group tour එකක් එක්ක. එකට එකතු වුණේ විවිධ රටවල් වල අය ප්‍රංශ ස්විස් ඕස්ට්‍රේලියා ඉතාලි වගේ රටවල් වලින් ආපු කට්ටිය. අතරේ මම තමයි Sinhala origin එකෙන් ආපු එකම Asian කෙනා.මම වගේ introvert කෙනෙක්ට ඒක ටිකක් awkward වගේ.අන්තිමට awkwardness එකම ටික ටික නැති වුණා. වෙනුවට, විවිධ රටවලින් වලින් ආපු අය එක්ක එකම ඉතිහාසයක් අත්දැකීමක් බෙදා ගන්න හැඟීමක් ආවා.

නගරයේ කාර්යබහුල ජීවිතයෙන් ටික ටික ඉවත්වෙලා ගමන යද්දී පරිසරයත් නිහඬ, හරිත පැත්තකට හැරුණා. පැය කිහිපයක ගමනකින් පසුව තමයි Cu Chi Tunnels තියෙන ස්ථානයට ළඟා වුණේ. එතැනට ගියාම ඒක නගරයෙන් සම්පූර්ණයෙන් වෙනස්, වෙනම ලෝකයක් වගේ හැඟුණා.

 ඉතිහාසය බලද්දී මේ Cu Chi Tunnels කියන්නේ යුද්ධය කාලේ Viet Cong විසින් ඉතාම රහසිගතව හැදූ විශාල භූගත ජාලයක්. සමස්තයක් ලෙස මේ tunnels පද්ධතිය කිලෝමීටර් 200කට වඩා දිග විහිදී තිබුණා කියලා කියනවා. ඒක එකම tunnel එකක් නෙවෙයිබහු තට්ටු වලින් යුතු, භූගතව ජීවිතයක් ගත කරන්න හැකි විදිහට සැලසුම් කරපු සම්පූර්ණ පද්ධතියක්. ආහාර, සන්නිවේදනය, සැඟවී සිටීම, සහ යුධ ක්‍රියාකාරකම් පවා මේ තුළ සිදු වෙලා තියෙනවා.


අද ස්ථානයට ගියාම සංචාරකයන්ට ඒක අත්දැකීමක් ලෙස පෙන්වලා දෙනවා. මුලින්ම tunnels හදපු ආකාරය සහ ඒවා භාවිතා කළ ආකාරය ගැන පැහැදිලි කිරීමක් කරනවා. ඊට පස්සේ තමයි ඇත්ත අත්දැකීමtunnels ඇතුළට යාම. සාමාන්‍යයෙන් ඔබට ඇතුළට යන්න පුළුවන් වන්නේ මීටර් 30–50ක් පමණ කොටසක්. ඒත් ඒකත් ඉතාම සංකීර්ණයි.




මේ තියෙන්නේ Tunnel ඇතුළට රිංගන හැටි. 


 ඇතුළට ගියාම හුස්ම ගන්නත් ටිකක් අපහසු වෙන තරමට ඉඩ අඩුයි. බොහෝ වෙලාවට නැමීගෙන, සමහර තැන්වල බඩගාගෙන යන්නත් වෙනවා. උණුසුම සහ තෙතමනයත් ඉක්මනින් වැඩි වෙනවා. එතැන ඉන්න විට කාලේ ජීවත් වෙන්න කොච්චර දුෂ්කර වෙන්න ඇතිද කියලා හොඳටම තේරෙනවාහිතුන දෙයක් තමයි තව වයසට ගියහම මටනම් මේ අස්සේ රිංගන්න බැරිවෙයි කියල. එලියට අපුවහම ඇඟපත රිදෙනවා.ඔලුවෙත් කැක්කුමයි.

මේ තියෙන්නේ Tunnel ඇතුලේ තිබ්බ ලොකු room එකක්. හැමතැනම එහෙම නැහැ.

  අතරතුර trap systems සහ සැඟවුණු පිවිසුම්ත් පෙන්වනවා. ඒවා ඉතාම සරල වුණත්, ඉතාම තද සැලසුම්. විශාල හමුදාවකට වඩා දේශීය දැනුම සහ භූගත ජාලය භාවිතා කරලා ආරක්ෂාව සහ ප්‍රතිරෝධය ගොඩනගපු ආකාරය මෙතැනින් පේනවා.

විශාල යුධ ශක්තියක් තිබුණත්, භූගතව, නිහඬව, ඉතා සැලසුම්ගතව ක්‍රියාත්මක වූ කුඩා පිරිසක් කොච්චර බලවත් විදිහට ප්‍රතිරෝධය දැක්වූවද කියලා මේ ස්ථානයෙන් හොඳටම දැනෙනවා.

 අපි Cu Chi Tunnels site එකෙන් පිටත් වෙන්න කලින්, එතැනදි පොඩි සරල ආහාරයක් දුන්නා. ඒක මඤ්ඤොක්කා රටකජු සීනි එකට මිශ්‍ර කරලා හදපු දෙයක්ඉතිහාසය අනුව, යුද්ධ කාලේ Viet Cong සටන්කරුවන් තම ශක්තිය පවත්වාගෙන යන්න ප්‍රධාන ආහාරයක් ලෙස මඤ්ඤොක්කා භාවිතා කළා.

 එතැනින් පිටත් වෙද්දී තිබුණේ ටිකක් බර හිතක්. ගරිල්ලා යුද්ධය කියන්නේ බොහෝ විට ඉහළින් නොව, භූගතව, අඳුරේ, නිහඬව ගිය සටනක් කියලා තේරුම් ගිය හැඟීමක්. මේ ගමන ඉවර කරලා සයිගොන් එද්දී රෑ 8 විතර වුනා.

-------------------------------------------------------------------------------------------------------------------

නිල් මකරාගේ තැඹිලි මිනිසුන්.

BBC Documentary about Agent Orange

                                         agent orange, vietnam war

වියට්නාම යුද්ධය ගැන කතා කරනකොට “Agent Orange” කියන්නේ ඉතාම අඳුරු පැත්තක්. ඇමරිකා හමුදාව විසින් වනාන්තර විනාශ කරලා පළදාව අඩුකරලා සතුරා සැඟවෙන්න නොහැකි කරන්න භාවිතා කරපු රසායනික ද්‍රව්‍යයක්. ඒකේ අරමුණ කෙටි කාලීන යුධමය වුණත්, ඒකේ ඇතුළේ තිබ්බ dioxin කියන අතිශය විෂ ද්‍රව්‍යය නිසා සාමාන්‍ය ජනතාවටත්, පරිසරයටත් දිගුකාලීන හානි සිදු වුණා.

එය ස්පර්ශ වුණු ගම්මාන වල මිනිස්සුන්ට පිළිකා, සමේ රෝග, ශරීර අබලතා වගේ දේවල් පමණක් නෙවෙයි, සමහර පරම්පරා දෙක තුනක් පවා බලපාන ජානමය  දෝෂ වගේ ගැටලුත් ඇති වුණා. නිසා අදටත් අය ආයුධ යුද්ධය අවසන්වූ ජීවන යුද්ධයක සටන් කරන පිරිසක් ලෙස දකින්න පුළුවනි .

වියට්නාම් යුද්ධයට ගියපු ඇමෙරිකානු භටයන්ටත්  මේකෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඔව්නුත් විවිධ අබාධ වලට ලක්වුණා.

අද Vietnam රජයත්, සමහර විදේශ ආධාර සහ ඇමරිකාවත් එක්ක එක්වී, මේ පීඩිත ජනතාවට වෛද්‍ය සහ සමාජ ආධාර ලබා දෙන වැඩසටහන් කරගෙන යනවා. ඒත් ඒක සම්පූර්ණයෙන් සුව වෙලා ඉවර වෙන තුවාලයක් නෙවෙයි.ඒක තවමත් දිගටම පවතින ඉතිහාසමය වේදනාවක්. ඇමෙරිකාවට මේ වගේ අපරාධ වලින් ගැලවිලා යන්න බැහැ.

----------------------------------------------------------------------------------------------------------------------

මේ විදිහට බැලුවහම යුද්ධය නිසා වුණු අපරාධ හරිම බිහිසුණුයි. මැදහත්ව බලනකොට් මේක ඒකපාර්ශවිකව කථාවක් . උතුරු වියට්නාමය කොමියුනිස්ට් රජය, යුද්දයේදීත් යුධ ජයග්‍රණයෙන් පසුවත් කරනලද මානව හිමිකම් උල්ලංගණය පේන්න නැහැ.

1960 ඇමෙරිකාව මේ යුද්ධයට පැටලෙන්නෙම කොමියුනිස්ට් වාදය නිසා . ලී ක්වාන් යිව් වගේ නායකයෝ මේක වාසියට හරවගත්තා. ඔවුන් කොමියුනිස්ට් වාදය පරාද කරලා බටහිර පිහිටෙන් දියුණු වුනා. 1970-1977 රජය ලංකාවේ මේ උපක්‍රමය භාවිතා කරේ නැහැ. ඔවුන් සිටියේ වම සමග.

The domino theory was a Cold War policy suggesting that if one country, such as South Vietnam, fell to communism, neighboring Southeast Asian nations would inevitably follow, like falling dominoes

කොහොම වුනත් යුද්ධයෙන් පස්සේ 1985 විතර වියට්නාමය තමන්ගේ Bamboo විදේශ ප්‍රතිපත්තිත් එක්ක වෙනස්ම ගමනක් යනවා. මෙන්න මේ ගමන නුදුරේදීම ලංකාවේ විශ්ලේෂකයෝ අල්ලාගෙන ලියන්න ඉඩ තියනවා.ඒක ගැන අපි වෙනම කතා කරමු.



No comments:

Post a Comment