
දේශපාලනයේ බොරුව ආකාර කීපයක් තියනවා. හැම බොරුවම සැහැල්ලු නැහැ.
රැකියා දෙනවා, වැටුප් වැඩි කරනවා, බදු අඩු කරනවා, සහනාධාර දෙනවා, රට සංවර්ධනය කරනවා කියන පොරොන්දු එක වර්ගයක බොරු. ඒවා ඉටු නොවුණාම ජනතාවට පාඩුවක් වෙනවා. ඡන්දය දුන්න මිනිහා පස්සේ තේරුම් ගන්නවා තමන්ට විකුණලා තියෙන්නේ පොරොන්දුවක් කියලා.
ඒත් ඊට වඩා වෙනස් බොරුවක් තියෙනවා.
ඒ තමයි මිනිස්සුන්ට යමක් දෙනවා කියලා බොරු කියන එක නොවෙයි. මිනිස්සුන්ව යම් දෙයකට බය කරන එක.ඒක negative බොරුවක්. මේවා Gen Z පරම්පරාවට මාර ත්‍රිල් දෙන දේවල්. Conspiracy theories ඔය පරම්පරාවට දුන්නහම හෝදලා මැදලා ඇඳගන්නවා .
රට ඇතුළේ රහසිගත සතුරෙක් ඉන්නවා කියනවා. රාජ්‍ය ආයතන තමන්ට විරුද්ධව වැඩ කරනවා කියනවා. තමන්ගේ ආණ්ඩුව අසාර්ථක වෙන්නේ තමන්ගේ වැරැද්දක් නිසා නොවෙයි, පසුපසින් ක්‍රියා කරන බලවේගයක් නිසා කියනවා.මේක වඩා බලවත් දේශපාලන ආයුධයක්.
හැබැයි මෙතැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
සැබෑ තර්ජනයක් තිබුණොත් ඒක ගැන දේශපාලනඥයෙක් කතා නොකර ඉන්න ඕනේ නැහැ. රාජ්‍ය ආයතනයක වැරැද්දක් තිබුණොත් ඒක හෙළි කරන්න ඕනේ. බුද්ධි අංශයක් නීතියට පිටින් වැඩ කරනවා නම් ඒක ගැන පරීක්ෂණයක් තියෙන්න ඕනේ. ප්රශ්නය තියෙන්නේ සාක්ෂි තියෙන තැන නොවෙයි. සාක්ෂි නැති තැන.
සැකයක් තියෙනවා නම් ඒක සැකයක්. චෝදනාවක් තියෙනවා නම් ඒක චෝදනාවක්.විමර්ශනයක් තියෙනවා නම් ඒක විමර්ශනයක්.
ප්රශ්නය පටන් ගන්නේ මේ තුනම අතහැරලා, “ඒක එහෙම තමයි” කියන තැනින්.ලංකාවේ දේශපාලන වේදිකාවේ විතරක් මේ දේවල් කියවනවානම් එච්චර ගැටළුවක් නැහැ. මේ ප්‍රවාද එකතුකරලා You Tube එකේ කියවන මිනිස්සු පොත් ප්‍රදර්ශනවල පොත් එළිදක්වන අය පොළොවේ පස් කනවා. ඇත්තටම බැලුවොත් ඒවගේ පුස් බවක් පේනවා.
'සැකය සත්‍යයක් වෙනවා. චෝදනාව තීන්දුවක් වෙනවා. උපකල්පනය සාක්ෂියක් වෙනවා."
එතැනදී බොරුව ඇත්ත කරනවා.
දේශපාලන බොරුවේ වඩා භයානක පැත්ත මෙතැනයි.රැකියා දෙනවා කියලා බොරු කිව්වොත් අවසානයේ රැකියා නැති බව මිනිස්සු දකිනවා. නමුත් නොපෙනෙන සතුරෙක් ගැන බොරු කිව්වොත් ඒක ඔප්පු කරන්නත් අමාරුයි. මොකද සතුරාම නොපෙනෙන නිසා.
2. Deep State
මෙතැනින් තමයි Deep State කියන වචනය වැදගත් වෙන්නේ.
Deep State කියන්නේ බුද්ධි අංශයකට කියන තවත් නමක් නෙවෙයි. බුද්ධි අංශයක් රහස් වැඩ කරනවා කියලා ඒක Deep State එකක් වෙන්නේ නැහැ.දැන් හැමෝම චෝදනා කරන්නේ බුද්ධි අංශ වලට.
Deep State කියන්නේ ඊට වඩා බරපතළ අදහසක්. රාජ්‍යයේ ඇතුළේ හෝ රාජ්‍යය වටා, තේරී පත් වූ ආණ්ඩුවකට පිටින් තමන්ගේම දේශපාලන අරමුණක් වෙනුවෙන් ක්‍රියා කරන රහසිගත බල ජාලයක් තියෙනවා කියන අදහස.
මේක සම්පූර්ණයෙන්ම හිතාගත් කුමන්ත්‍රණ කතාවක් කියලා ඉවත දාන්නත් බැහැ.මේ Deep State කියන සාකච්චාව ඉතිහාසයේ එන්නේ තුර්කියෙන්.
තුර්කියේ “derin devlet” කියන අදහසට පිටුපස ඉතිහාසයක් තියෙනවා. හමුදා, ආරක්ෂක අංශ, දේශපාලන බලවේග සහ ඇතැම් අවස්ථාවල අපරාධ ජාල අතර සම්බන්ධතා ගැන බරපතළ විමර්ශන තිබුණා. අමතක කරන්න එපා මේ චෝදනා නෙමෙයි විමර්ශන. නමුත් රාජ්‍ය ශක්තිමත්.
නමුත් Turkey, Pakistan සහ Sri Lanka එකම දේශපාලන ඉතිහාසයක් ඇති රටවල් නොවෙයි. Turkey සහ Pakistan වල හමුදාව දේශපාලනයට ගිය ආකාරයත්, රාජ්‍ය බලය සමඟ තිබූ සම්බන්ධතාවයත් ලංකාවට වඩා සම්පූර්ණයෙන් වෙනස්. ඒ නිසා වෙනත් රටක Deep State ගැන තිබෙන අත්දැකීමක් අරගෙන ලංකාව තුළත් එවැනි පාර-රාජ්‍යයක් තිබෙනවා කියලා තීරණය කරන්න බැහැ. එවැනි චෝදනාවක් කරන්න නම් අපේ රටේම ඒ බල ජාලය, එහි ක්‍රියාකාරීත්වය සහ ඒ සඳහා ඇති සාක්ෂි පෙන්වන්න ඕනේ. එසේ නොමැතිව Deep State කියන වචනය සෑම දේශපාලන අසාර්ථකත්වයකටම දාන නමක් බවට පත්වෙනවා.
Ref : Middle East Institute – Turkey's Deep State and Ergenekon Conundrum
ශ්‍රී ලංකාවේ බලයේ සිටි ආණ්ඩුවක් තම බලය රැකගැනීමට ස්වාධීන හමුදා–බුද්ධි බල ව්‍යුහයක් මත රඳා සිටි බවට Turkey වැනි ඉතිහාසයක්ද නැහැ. විශේෂයෙන් 1994 න් පසුව බලය මාරු වුණේ මැතිවරණ හරහායි. ඒ නිසා ශ්‍රී ලංකාවේ දේශපාලන ගැටලු, බුද්ධි අංශ පිළිබඳ චෝදනා හෝ දේශපාලන–අපරාධ සම්බන්ධතා තිබුණා කියලා ඒවා එකතු කර “Deep State” එකක් තිබෙනවා කියන නිගමනයට යන්න බැහැ.
ඇමරිකාවේ Deep State කියන වචනය පාවිච්චි වෙන විදිහ වෙනස්. එතැන සමහර වෙලාවට ජනාධිපතිවරයාට හෝ තේරී පත් වූ ආණ්ඩුවට විරුද්ධව වැඩ කරන ස්ථිර රාජ්‍ය නිලධාරීන්, බුද්ධි අංශ හෝ bureaucracy එකම Deep State කියලා හඳුන්වනවා.
ආණ්ඩු මාරු වුණාම රාජ්‍ය සේවකයෝ හැමෝම ගෙදර යන්නේ නැහැ.එහෙම කරන්නත් බැහැ . බුද්ධි අංශයකට රහස් තොරතුරු එකතු කරන්න සිදුවෙනවා. නිලධාරියෙක් දේශපාලනඥයෙකුට එකඟ නැති වෙන්න පුළුවන්.
අනෙක් පැත්තෙන් රාජ්‍ය යාන්ත්රණයට පවතින රජයේ දේශපාලන ක්‍රියාකාරීන් යෙදවීමත් වැරදියි.විශේෂයෙන් ආරක්ෂක අංශ වලට. මෙචච්ර කල් එහෙම වුනේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක වගේ තනතුරු හදලා.
මේ කිසිම දෙයක් තනිවම Deep State එකක් නෙවෙයි.Deep State කියන චෝදනාවක් කරන්න නම් ඊට වඩා දෙයක් ඕනේ. සංවිධානාත්මක බල ජාලයක් තියෙන බවට සාක්ෂි ඕනේ. ඒ ජාලය තේරී පත් වූ බලයට පිටින් ක්‍රියා කරන බව පෙන්වන්න ඕනේ. තමන්ගේම දේශපාලන අරමුණක් තියෙන බව පෙන්වන්න ඕනේ.
එහෙම සාක්ෂි තියෙනවා නම් ඒ ගැන කතා කරන්න ඕනේ.නැත්නම් Deep State කියන වචනය දේශපාලනිකව ඉතා පහසු excuse එකක් වෙනවා.ආණ්ඩුවක් අසාර්ථකයි. ආර්ථිකය හරි යන්නේ නැහැ. විමර්ශනයක් හරි යන්නේ නැහැ. නීතිපති දෙපාර්තුමේන්තුව මන්දගාමියි. පොලිසිය මන්දගාමී.තමන්ට විරුද්ධ මතයක් තියෙනවා.
එතකොට කියන්න පුළුවන්,“මේක අපේ වැරැද්දක් නෙවෙයි. අපට විරුද්ධව වැඩ කරන Deep State එකක් තියෙනවා.”මේක දේශපාලනයට හරිම පහසු කතාවක්.මොකද එතකොට තමන්ගේ අසාර්ථකත්වය ගැන උත්තර දෙන්න අවශ්‍ය නැහැ. ප්‍රශ්නයට හේතුව තමන්ගෙන් පිටතට ගෙනියන්න පුළුවන්.
නමුත් මේ සාක්ෂියක් තියනවනම් රහසිගතව විමර්ශනයක් කරන්න. එහෙම නැතුව දේශපාලන වේදිකාවලත් Youtube පිස්සන්ගේ ප්රවාදවලත් කරන්නේ ලොකු හානියක්.
3. හානිය
මෙවැනි කතාවක් රට ඇතුළේ දේශපාලන වාදයක් විතරක් වෙලා නවතින්නේ නැහැ.
රටක් ගැන නිතරම කියනවා නම්, තේරී පත් වූ ආණ්ඩුවකට වඩා බලවත් රහසිගත බලවේගයක් රට ඇතුළේ තියෙනවා කියලා, ඒක අන්තිමේදී රට ගැන පිටත ලෝකයට යන පණිවිඩයක් බවටත් පත්වෙනවා. ආයෝජකයෙක් රටකට එන්නේ ආණ්ඩුවක් ගැන විතරක් බලලා නෙවෙයි. නීතිය කොච්චර ස්ථාවරද, රාජ්‍ය ආයතන කොච්චර විශ්වාසදායකද, තමන්ගේ ව්‍යාපාරයට දේශපාලන හෝ වෙනත් නොපෙනෙන බලපෑමක් එයිද, නීතිය යටතේ තමන්ට ආරක්ෂාව තියෙනවද කියන දේවල් බලනවා.
එතකොට රටක් ගැනම කියනවා නම් “මෙහේ ඇත්ත බලය තියෙන්නේ පේන ආණ්ඩුවේ නෙවෙයි, පිටුපස තියෙන Deep State එකක” කියලා, ඒක ආයෝජකයාට හොඳ පණිවිඩයක් නෙවෙයි.
සංචාරකයෙකුටත් මේක වෙනස් නැහැ. ඔහුට රටක දේශපාලන න්‍යාය ගැන ලොකු උනන්දුවක් නැති වෙන්න පුළුවන්. නමුත් රට ස්ථාවරද, ආරක්ෂිතද, නීතිය ක්‍රියාත්මක වෙනවද කියන දේ වැදගත්.
රටේම මිනිස්සු නිතරම කියනවා නම් රට පාලනය කරන්නේ නොපෙනෙන බලවේග, ආයතන විශ්වාස කරන්න බැහැ, පසුපසින් වෙනම රාජ්‍යයක් වැඩ කරනවා කියලා, ඒක අන්තිමේදී රටේ විශ්වාසනීයත්වය ගැන ප්‍රශ්නයක් බවට පත්වෙනවා.
ආර්ථිකයට විශ්වාසය කියන්නේ ලොකුම හයිය.
4. පාතාලය
ඒත් ඒ අතරේ අපිට පෙනෙන ඇත්ත ප්‍රශ්නයක් අමතක වෙන්න පුළුවන් ඒ තමයි පාතාලය.
ශ්‍රී ලංකාවේ පාතාලයත් එක දවසකින් හදපු දෙයක් නෙවෙයි.
මුලින් තිබුණේ ප්‍රදේශයක බලය පෙන්වන චණ්ඩීන්.
මතකද පොළොන්නරුවේ පොඩි විජේ , මර්දන්කදවල යකඩයා, මරදානේ චොප්පේ.
පස්සේ කල්ලි. ආයුධ. දේශපාලන සම්බන්ධතා.සොත්ති උපාලි, ජුල්ලම්පිටියේ අමරේ,බැද්දගානේ සංජිව.
දේශපාලනය මේ ජාලයට උදව් වෙන්න පුළුවන්. දේශපාලන ආරක්ෂාවක් ලැබුණොත් අපරාධකරුවෙකුට ඒක විශාල වාසියක්.ඒක අපි ඉතිහාසයෙන් දැකලා තියෙනවා.
හැබැයි අද සංවිධානාත්මක අපරාධය තේරුම් ගන්න සෑම වෙලාවකම දේශපාලනඥයෙක් හොයාගන්න ඕනේ කියන එකත් මට නම් වැරදියි.
දේශපාලනය පාතාලයට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. නමුත් පාතාලය පවතින්න දේශපාලනයම අවශ්‍ය නැහැ.
ඊළඟ බොරුව පාතාලය උදව් කරන්නේ සම්බන්ධ වෙන්නේ දක්ෂිනාංශික දේශපාලනය සමග පමණක් බව.
ඔබ ධර්මන් වික්‍රමරත්න හෝ චන්ද්‍රප්‍රේම වැනි ගවේශනාත්මක ලේඛකයන්ගේ ලිපි කියවන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ පාතාලය හා සම්බන්ධතා ගැන දන ගත හැකියි. ආදිරිස් කොස්තා ලයනල් වැනි අය ඔවුන් සමග සිටියා.
අතීතයේ සමසමාජ පක්ෂයට චන්ඩි හිටියා. චොප්පේ ගොළු රංජි වගේ චරිත.
මේ වමේ චන්ඩි සුදු වෙන්නත් දකුණේ චන්ඩි කලුවෙන්නත් අපූරු බෙහෙතක් අපේ සමාජය භාවිතා කරනවා.
ඊට පස්සේ මත්ද්‍රව්‍ය, මුදල්, විදේශ සම්බන්ධතා සහ සංවිධානාත්මක අපරාධ ජාල බිහිවෙන්න පටන්ගත්තා.
ඒ නිසා මේ හැමෝම එකම “පාතාලය” කියලා එක ගොඩකට දැමීමත් හරි නැහැ.
ප්‍රාදේශීය චණ්ඩියෙක් සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයක කොටස්කරුවෙක් අතර ලොකු වෙනසක් තියෙනවා.
පැරණි පාතාලයේ බලය බොහෝ විට පුද්ගලයෙක් වටා තිබුණා. ඔහුගේ ප්‍රදේශය, ඔහුගේ කණ්ඩායම, ඔහුගේ දේශපාලන සම්බන්ධතා.නූතන සංවිධානාත්මක අපරාධය ඊට වඩා වෙනස්.බලය තියෙන්නේ මිනිහෙකුට වඩා ජාලය තුළ.
මත්ද්‍රව්‍ය ගෙන එන කෙනෙක්. ඒවා බෙදාහරින කණ්ඩායමක්. මුදල් හසුරවන කෙනෙක්. විදේශ සම්බන්ධතා. මුදල් විශුද්ධිකරණය. ප්‍රාදේශීය කල්ලි.
එක මිනිහෙක් අල්ලලා ඒ ජාලය අවසන් වෙන්නේ නැහැ.ඒක තමයි නූතන අපරාධ ජාලයේ වෙනස.
මුදල් තියෙනවා නම්, ජාත්‍යන්තර සම්බන්ධතා තියෙනවා නම්, මත්ද්‍රව්‍ය වෙළඳපොළ තියෙනවා නම්, දුර්වල විමර්ශනයක් තියෙනවා නම්, දේශපාලන ආරක්ෂාවක් නැතිවත් ඒ ජාලයට වැඩ කරන්න පුළුවන්.
ඒ නිසා “පාතාලය පිටුපස කවුද දේශපාලනඥයා?” කියන ප්රශ්නය වැදගත් වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් ප්රශ්නය සම්පූර්ණ වෙන්නේ නැහැ.
ඊට වඩා වැදගත් ප්‍රශ්නයක් තියෙනවා.
දේශපාලන බලය වෙනස් වුණත් මේ අපරාධ ජාලය දිගටම වැඩ කරන්න පුළුවන් ඇයි?
එතැනට ආවම ප්රශ්නය පුද්ගලයන්ගෙන් ආයතනවලට මාරු වෙනවා.
පොලිස් විමර්ශනය, මුදල් ගලා යන පාර, සාක්ෂිකරුවන් ආරක්ෂා කරන්න පුළුවන්ද? නඩු ඉක්මනින් අවසන් වෙනවද? අපරාධයෙන් උපයාගත් මුදල් රාජසන්තක කරන්න පුළුවන්ද?
මේවා තමයි ඇත්ත ප්‍රශ්න.
පාතාලය සම්පූර්ණයෙන්ම නැති කරන රටක් හදනවා කියන එක ප්‍රායෝගික අදහසක් නෙවෙයි. ලෝකයේ කිසිම රටක සංවිධානාත්මක අපරාධ සම්පූර්ණයෙන් නැති වෙලා නැහැ.
5. ඉලක්කය
ඉලක්කය වෙන එකක්.
අපරාධ ජාලයකට රාජ්‍යයට වඩා බලවත් වෙන්න බැරි රාජ්‍යයක් හදන එක.
එහෙම වුනහම දවසේ වෙඩිල්ල නවතිනවා. එහෙම නැතිවුනොත් දවසේ වෙඩිල්ල දවසේ බෝම්බය වෙනවා.
අපි නොපෙනෙන සතුරෙක් හොයන අතරේ පෙනෙන දුර්වලකම් අමතක කරනවා.දේශපාලන බොරුවකින් මිනිහෙකුගේ ඡන්දය ගන්න පුළුවන්.
බිය ඇති කරන බොරුවකින් ඊටත් වැඩි දෙයක් කරන්න පුළුවන්.මිනිහෙකුට සතුරෙක් පෙන්වන්න පුළුවන්.
හැබැයි රටක් හදන්න ඒකෙන් බැහැ.රටක් ශක්තිමත් වෙන්නේ නොපෙනෙන සතුරන් හොයලා නොවෙයි. පෙනෙන ආයතන ශක්තිමත් කරලා.
නිහඬ මගේ හිතිවිල්ල වෙන්නේ මුසාවාදයෙන් අපරාධ රාජ්‍යයට යන පාර එතැනින් නවත්වන්න පුළුවන් කියලයි. ඔබත් ඔබේ දේශපාලන මතවාදයෙන් ඔබ්බට හිතන්න.
//අපට කන්න දෙනව නං - අපට බොන්න දෙනව නං
ReplyDeleteමොන කෙංගෙඩියද තව - ඕන කියන්නේ //
එහෙමයි ගොඩක් දෙනා - තවම හිතන්නේ
ඒකයි බොරුවම තවමත් රජයන්නේ!
ඒකයි අපට තවත් කෙළවිල යන්නේ!!
ගූගල් පවා තරහින්
Deleteලියනදේ සඟවමින්
කෙනෙහිලි කරයි සරදමින්.
රිංගාලා උන්ගේ කනින්
විපරමින් සිටිමින්
ඇවිත් එබෙමින්
නිදි මැතිදුන් සෙමෙන්
දෙන තල්ලුවට නම්
බොහෝමත් පින්...
කියෙව්වා. හොඳ ලිපියක්. ලිපියේ වැඩිහරියක් දේ සමඟ එකඟයි.
ReplyDeleteඒත් දේශපාලන වේදිකාවලටත්, Youtube පිස්සන්ටත් ඉඩ දෙන්න ඕනෙ කියන එකයි මගේ අදහස. ඔවුන් වැරදි නම් විවේචනය කරන්න. මොන සාධාරණ වගේ පේන හේතුව මතවත්, ප්‍රී ස්පීච් මර්ධනය කලොත්, වෙන හානිය, බොරුවෙන වෙන හානියට වඩා වැඩි බව මගේ මතයයි.
ෆ්‍රී ස්පිච් කියන එක අද කාලේ ටිකක් වෙනස් වෙන්න ඕනේ කියලයි මට හිතෙන්නේ. තමන්ගේ අදහස ප්‍රකාශ කිරීමට මිනිසාට ඇති අයිතිය වැදගත්.
Deleteනමුත් AI සහ සමාජ මාධ්‍ය යුගයේ තත්ත්වය වෙනස්. අතීතයේ කෙනෙක් කියූ බොරුවක් කිහිප දෙනෙකුට පමණක් සංනිවේදනය වුනා .අද algorithm එකකට එය මිලියන ගණනකට පැතිරවිය හැකියි.
ඒ නිසා අවශ්‍ය Free Speech නැති කිරීම නෙවෙයි , Responsible Speech එකක් ඇති කිරීමයි.
කතා කිරීමේ නිදහස තිබිය යුතුයි. නමුත් කතාවක් විශාල පිරිසකට පැතිරවීමේ බලය සමඟ වගකීමත් තිබිය යුතුයි.
Hmmm
ReplyDelete👌🙏🙏
Deleteබය කරන, බොරු කියන වැඩ කොයි කාලෙත් හොඳට නැගල ගියා. දන්න කාලේ ඉදල ගත්තොත්,
ReplyDeleteවිදුලි පුටුවේ ඉඳල... රට පිටරටට/ ඉන්දියාවට විකුණනවා, නයි- වඳ කොත්තු ගෙනත්, සාපිගෙ වඳ කිරීම්, පන්සලට දානෙ නෑ, රට තව මාසෙන් වැටෙනවා වගෙ කතා ලොකුවට ඇහුන. බොරුව, වෛරය, බයගැන්වීම, හීන තමයි බලේට කෑදර අය මිනිස්සුන්ට ඇම විදිහට පාවිච්චි කලේ.
ඩීප් ස්ටේට් සහ පෙනෙන හතුරා තමයි... ඇඟහොරු, ඇමතිලගෙ ලියුම්වලින් ආව, පගා ගහන පිරිස කියලයි මට හිතෙන්නෙ. මේ අය කැමති නෑ තමන්ගෙ ආයතන සිස්ටමයිස්, කාර්යක්ෂම වෙනවට. එතකොට මෙයාලගෙ සුව පැවැත්ම නැතිවෙනවනෙ. ඉතිං මේවා හදන්න හැදුවොත් බාල්ලි පෙරලන, කකුලෙන් අදින වැඩේ තමයි මෙයාල කරන්නෙ.
නමී උන්නැහේ හරියටම හරි මේ නෙගටිව් බොරු කාටවත් ඔප්පු කරගන්න බැහැ. ඔය කියන බොරු හැම කාලේම තිබ්බා. හැබැයි සියුම් වෙනසක් නිරික්ෂනය වෙනවා. සමහර බොරු බලය ගන්න චන්ද කාලයට කරපු බොරු. මේ ආණ්ඩුව පොල්පොට් ක්‍රමයට යනවා කියලා බය කරනවා වගේ.
Delete// විදුලි පුටුවේ ඉඳල... රට පිටරටට/ ඉන්දියාවට විකුණනවා, නයි- වඳ කොත්තු ගෙනත්, සාපිගෙ වඳ කිරීම්, පන්සලට දානෙ නෑ, රට තව මාසෙන් වැටෙනවා// බාහිර සතුරෙක් මවනවා. සමහරවිට අතිශෝක්තියකින්. හැබැයි අන්තවාදය බොරුවක් නෙමෙයි. මේවා වයිරස් බැක්ටීරියා වාගේ. බොරුවක් උනත් අපිගන්න ප්‍රතිජීවක වලින් ඇඟට හානිය අඩුයි.අන්තවාදයක් තිබ්බොත් මැරිලා යනවා..
නමුත් DEEP STATE කියන එකේ නිර්වචනයම වෙනස්.අභ්‍යන්තරයි . හරියට පිළිකාවක් වගේ. ගනින් Chemotherapy කියලා තමයි කියන්නේ. Biopsy එකක් නැතිව Chemotherapy ගන්න එක හරිම භයානකයි.ශරීරයම මැරෙනවා. හානිය වැඩියි.ඇත්තටම කාර්යක්ෂමතාවය වැඩියි වගේ පෙන්නුවට අපේ මුළු ඇඟේ ප්‍රතිශක්තිය නැතුව යනවා. එතකොට අන්තවාදය වගේ වෛරස් අපේ ඇඟට ඇතුළුවෙලා අපිව විනාස කරන්නත් පුළුවනි.
රටක කාර්යක්ෂමතාව වැඩිකරන්න මේ බොරු අවශ්‍ය නැහැ. //ඇඟහොරු, ඇමතිලගෙ ලියුම්වලින් ආව, පගා ගහන පිරිස කියලයි මට හිතෙන්නෙ.//ඔවුන්ගෙන් බහුතරයක් චන්දයෙන් පත්කරගත් රජයක්. මේ අන්තිමට කියන්නේ අපිතමයි හොරු කියලා.
වෘත්තීය සමිති බලය තියෙන්නෙත් ආණ්ඩුවටනම් , බදු පිට බදු ගැහුවත් සද්ද නැතිව රට වෙනුවෙන් ඉවසන ජනතාවක් ඉන්නවනම්. තමන්ගේම පටි තද කරගෙන ගාන කීය වුනත් අපිට නිදහසේ ලයිට් වතුර කෑම තෙල් ටික දීපන් ඒ ඇති කියලා හිතනවානම්. කඳුළු ගෑස් ඉතිරි නම් . මේ තරම් වාසනාවන්ත රජයක් තවත් නැහැ. ඔවුන්ට මේ කාර්යක්ෂමතාව ඇතිකරන්න පුළුවන්. රජයේ කාර්යාලවල ඇඟිලි සලකුණ තියනවට විරුද්ධව පාරට බැහැපු අය දැන් සද්ද නැති නිසා ඉක්මනින් ඒක කරන්න. පෞද්ගලික රෝහල් රජයේ රෝහල් නියාමනය කරන්න. කව්රුත් බාදාවක් නැහැ.
වී මිළ අඩුයි කියලා විපක්ෂය කෑ ගැහුවට, ගොවි ජනතාව අමුඩ ඇදන් කොළඹට පෙළපාලි ඇවිත් පාරවල් වැහුවේ නැති එකම වාසනාවක්. ඩඩ්ලි මහත්තයාගේ මෝල ආර්ථිකයේ කොටසක් කියලා ගොවියෝ හිතන එකම වාසනාවක්. අනුර මහත්මයාගේ ගොවි සමුළු සාර්ථකවෙන්න වෙන්න ගොවියෝ ආපු එකම වාසනාවක්. අනිත් අතට එහෙම උද්ගෝෂණ තිබ්බා කියලත් ආණ්ඩුවක ඒ කාර්යක්ෂමතාව අඩු කරගන්ට හේතු නෙමෙයි. ඉන්දියාවේ මෝදිට ගොවියෝ විතරක් නෙමයි කොහෙද ඉන්න කැරපොත්තොත් බැහැල කෑගැහුව. මෝදී නෙමයි සැලුනේ.
Delete//අන්තිමට කියන්නේ අපිතමයි හොරු කියලා.// නිහඬපාල ලොක්ක, මේක තමයි සැටිපිකට් ඇත්ත. රටේ තොටේ අය, වැඩකරන තැන, වටපිටාවේ අය දිහා බලන්න. ඒ පිරිසේ නියෝජනය නෙව පාර්ලිමේන්තුව, රජය, මැති -ඇමති කියන්නෙ.
Deleteහැමෝම වඩා හොඳ සමාජය ක්‍රමයකට පරිවර්තනය/ හැඩගැසිය යුතුයි. ඒක තමා නියම සිස්ටම් චේන්ජ් ඒක.
https://www.youtube.com/shorts/8c2PfKhS2PI
Deleteබස්සා මහත්මයා ස්තුතියි Link එකට.මේ link එකේ තියන අදහස් කියන්නේ Sapiens කියන පොත ලියපු කෙනා නේද? මෙහෙම තවත් අදහසක් පියුෂ් ගුප්තා කියන බැංකුකරුවා කියනවා. සරල AI පරිවර්තනය
Delete1.Degree එක Major එකකට විතරක් සීමා වෙන්න එපා: AI නිසා ඕනෑම තොරතුරක් ඉක්මනින් හොයාගන්න පුළුවන්. ඒ නිසා එක විෂයක් (Major) ගැන විතරක් දැනුම තිබීම ප්‍රමාණවත් නැහැ.
2. විවිධ විෂයන් ඉගෙන ගන්න: එකිනෙකට වෙනස් විෂයන් (Minors) ගැන ඉගෙන ගත්තොත්, විවිධ අදහස් එකට සම්බන්ධ කරලා හිතන්න සහ හොඳ තීරණ ගන්න පුළුවන්.
3.University එකේදී තොරතුරු මතක තබාගැනීම විතරක් ප්‍රමාණවත් නැහැ: Critical Thinking, AI දෙන තොරතුරු නිවැරදිද කියලා පරීක්ෂා කිරීම සහ AI මත අධික ලෙස රඳා නොසිටීම වගේ හැකියාවන් ඉගෙන ගත යුතුයි.
4.ඉගෙනීම Degree එකෙන් අවසන් වෙන්නේ නැහැ: අනාගතයේදී Lifelong Learning වැදගත්. ඒ කියන්නේ Degree එක අවසන් කළාට පස්සෙත් අලුත් දැනුම සහ Skills දිගටම ඉගෙන ගන්න ඕනේ.
5.Job එකක් ලබාගැනීමේදී Marks විතරක් බලන්නේ නැහැ: Employersලා Academic Results වලට අමතරව Practical Skills, Adaptability සහ වැඩ කරන්න තියෙන උනන්දුව වගේ දේවල් ගැනත් බලනවා.
ඔව්, ඒ පොත ලිව්වෙ එයා තමා - යුවාල් නෝවා හරාරී.
Deleteඅනේ මන්ද නිහඬපාල අයියේ, මට නම් ඔච්චර සංකීර්ණ දේවල් තේරෙන්නේ නෑ, අපේ පවුලේ අය ඉස්සර යූ එන් පී එකේ, ඒක දාලා 2024 අලුත් වෙනසක් පතාගෙන අලුත්ම කණ්ඩායමක් බලයට පත් කරන්න හිතාගෙන මාලිමාවට චන්දේ දුන්නා ඒත් අන්තිමට රටේ බහුතරය වන මැද පංතියේ එවුන්ට රෙන්නත් බැරි වෙන්න අපිම චන්දේ දීපු තඹුත්තේගම බලු පාහර කාලකන්නි වල් පරයා දීලා තියෙන්නේ.. දැන් මේ තියෙන හැටියට මැද පන්තියේ උන්ට වාහනයක් ගන්න බෑ..තියෙන එක මාරු කරගන්න බෑ..අඩුම රෙපෙයාර් එකක් කර්ගන්න බෑ..ගෙදර දෙයක් කරගන්න බෑ.පඩියට ලොකුම බදු ගෙවන්නේ ඔය මැද පංතියේ එවුන්..ඉස්සර හොරු ඉන්න කාලේ කොහොම හරි අපිත් කාලා බීලා තමන්ගෙ දේකුත් කරගෙන කීයක් හරි ඉතුරු කලා..අද කන්න බොන්නත් මදි යකෝ..අවුරුදු 5කට කලින් ලැබුණු පඩිය අද ලැබෙන්නේ මේ කාලකන්නි බදු නිසා..අඩුවට ලයිට් බිල ගෙවන්න, අඩුවට අත්‍යවශ්‍ය ආහර , ලමයින්ගේ බඩු ටික ගන්න හිතාගෙන අපිත් ජන්දේ දුන්නා..අන්තිමට අප්පට කෙලියා බලු පාහර අමන පච කොටා..ආයේනම් පුතේ බල්ලෙක්වත් තොපිටනම් දෙන්න දෙන්නේ නෑ අම්මපල්ලා හෙන ගහනවා කාලකන්නින්ට අපිව රැවැට්ටුවා අමු කාලකන්නි
Deleteබණ්ඩාර මලයා, මැද පන්තියට අද දැනෙන මේ පසුබෑම ඇත්ත. හැබැයි ඒක අද ආණ්ඩුවේ බදු නිසා විතරක් ඇති වූ දෙයක් නෙවෙයි.
Delete2010–15 අතර ආර්ථිකය වේගයෙන් පුළුල් වුණා. මිනිසුන්ගේ ජීවන මට්ටමත් ඒ සමඟ ඉහළ ගියා. හැබැයි ඒ ජීවන මට්ටමට ගැළපෙන විදිහට අපනයන ආදායම, විදේශ විනිමය උපයන හැකියාව, නිෂ්පාදන ඵලදායිතාව සහ විදේශ ආයෝජන ප්‍රමාණවත් ලෙස වර්ධනය වුණේ නැහැ. ඒ නිසා මිනිස්සුන්ගේ ජීවන මට්ටම ඉහළ ගියත්, රටේ ආදායම් උපයන හැකියාව ඒ වේගයට ඉහළ ගියේ නැහැ.
කොවිඩ් සන්තැසියෙන් පස්සේ 2022 ආර්ථික කඩා වැටීමෙන් ඒ පරතරය තවත් පැහැදිලි වුණා. කලින් සාමාන්‍ය කරගෙන තිබුණු ජීවිතය දැන් අපේ ආදායමෙන් පවත්වාගන්න බැරිවෙලා.
ඒ නිසා විසඳුම තවත් සහනාධාර දීම හෝ ආණ්ඩුව මාරු කිරීම නෙවෙයි. ආර්ථිකය නැවත විශාල කරන්න ඕන. විදේශ ආයෝජන, අපනයන, පෞද්ගලික ආයෝජන, නව තාක්ෂණය සහ හොඳ වැටුප් සහිත රැකියා වැඩි වෙන්න ඕන. විදේශ ආයෝජන තනි විසඳුමක් නොවුණත්, ඒවා නැතුව මේ රටේ ආදායම් උපයන හැකියාව නැවත විශාල කිරීම අමාරුයි.
“කවුද හොරා?” කියන එකට වඩා “අපි ඉහළ නංවාගත් ජීවන මට්ටම පවත්වාගන්න පුළුවන් ආදායම් උපයන ආර්ථිකයක් නැවත හදන්නේ කොහොමද?” කියන එකයිහොයන්න මහන්සිවෙන්න ඕනේ .මේ ආණ්ඩුවට ඒ ප්‍රමාණයේ structural transformation එක කරන්න අවශ්‍ය capacity එක තියෙනවාද කියන ප්රශ්නය තමයි වැදගත්
ඒකනමි සහතිකම ඇත්ත.
Deleteමමත් අනුරට ජන්දය දුන්නා එයාලට පක්ෂව සමාජ මාධ්‍ය වල කටයුතු කලා කරනවා. ඒ අවස්ථාවේදී හිතුණා අනුර විපක්ෂයේ ඉන්න කොට කියපු දේ එයා ජනපති වුවාට පසු කරයි කියලා මොනවා වුවත් පාර්ලිමේන්තුවේ 2/3 කට වඩා බලය පලාත්පාලන ආයතන 75% වඩා බලය විධායක ජනපති එහෙම තියෙන එකේ මොනවාද කරන්න බැරි?
ඒ වුණාට එතුමා තවමත් කරන්නේ විපක්ෂයේ අයවලුන්ට බැන බැන වෙිදිකා ගානේ කයිවාරු ගහන එක වසර දෙකක් ගිහින් .නමුත් රටට ජනතාවට කල දෙයක් දකින්නට පෙනෙන්නට නැහැ..හොරැ ඇල්ලිම කල යුතුයි නමුත් ඒ හොරැ ඇල්ලුවා කියල ජනතාවට රටට මොනවාද ලැබිල තියෙන්නේ ...ඒ හොරැ බන්ධනාගාර ගත කලාම එයාල නඩත්තු කරන්නේ රටෙි ජනතාව ..වසර 76 කාලයක් තුල පැවැති හැම ආංඩුවක්ම හොරකම කරලා තියෙනවා එය කියන්න දෙයක් නැහැ නැත්නම් ඒ අයවලුන්ව ඉතාමත් ධනපතියෝ වුනේ කොහොමද .....දැනුත් වන්නේ ඒ දෙයම නේද ..අනුන්ගෙන් යැපුණු අයවලුන්ව කොහොමද අද ඉන්නේ එදා ඉතාමත් අසරණයි කියපු අයවලුන්ව අද තමුන්ගේ බැංකු ගිණුම් වල මිලියන ,බිලියන ගනන් මුදල් .....අනුර ජනපති තුමා ගමිපහ වෙිදිකාවෙි කිවා එතුමා ඇස් බැදගෙන ඉන්නේ කියල ඒක 100% ක්ම නිවැරදියි නේද ..වසර දෙකක් තුල මාලිමාවේ අලුත්ම හොරු රැල අලුතෙන් එකතු කල දුෂණ වංචා හොරකම් එතුමාට නොපෙනෙන්නේ එනිසා ද....?
දේශපාලනයෙන් රාජ්‍ය පාලනයට එනෙක ලේසි නැහැ.මේ වෙනස කරන්න ඔබ වැනි චන්දය දුන් අය පෙනී සිටින්න
Deleteනිහඬපාල මහත්මයා , Gen Z පරම්පරාව ගැන ඔබ කියන කාරණයත් එක්ක මටත් එකතු කරන්න පොඩි අදහසක් තියෙනවා.
ReplyDeleteමට හිතෙන විදිහට මේ පරම්පරාවේ ඇතැම් පිරිස් අතර කුමන්ත්‍රණ ප්‍රවාදවලට තියෙන ආකර්ෂණයට කූඹියෝ වගේ ටෙලිනාට්‍ය සහ ඒ ආකාරයේ වෙනත් නිර්මාණවලිනුත් යම් බලපෑමක් ඇති වෙන්න ඇති. හැම සිද්ධියක් පිටුපසම අපට නොපෙනෙන මහ මොළකරුවෙක් ඉන්නවා, පෙනෙන්න තියෙන දේට වඩා වෙනස් රහසිගත කතාවක් පිටුපස තියෙනවා කියන අදහස ඒ නිර්මාණවලින් හරිම ආකර්ෂණීය විදිහට ඉදිරිපත් කළානේ.
ඒක කලාවක් විදිහට වෙනම රසයක් තියෙන දෙයක්. හැබැයි ප්රශ්නය වෙන්නේ ඒ කතාන්දරවල තර්කයම සැබෑ දේශපාලනය තේරුම් ගන්නත් පාවිච්චි කරන්න ගියාමයි. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා කාලයක් තිස්සේ එකම ආකාරයේ කුමන්ත්‍රණ කතා අහන්න ලැබුණාම, සමහරුන්ට ඒවා උපකල්පනවලට වඩා තහවුරු වුණු සත්‍යයන් වගේ දැනෙන්න පුළුවන්.
ආයතන ශක්තිමත් කිරීම ගැන ඔබ කියන කාරණයටත් මම එකඟයි. හැබැයි එතැනත් මට පොඩි පරස්පරයක් පේනවා. රාජ්‍ය ආයතන ශක්තිමත් කරනවා, විනිවිදභාවය ඇති කරනවා කියන අතරේ, පක්ෂයක අභ්‍යන්තරයේ කවුරුත් නොදන්නා කුඩා කණ්ඩායමක් ගන්න තීරණ මහජනතාවට පිළිගන්වන්න උත්සාහ කරනවා නම්, ඒකත් ප්‍රශ්න කරන්න ඕනේ නේද?
අපි Deep State එකක් ගැන කතා කරනවා නම්, පෙනෙන්න තියෙන බල ව්‍යුහය පිටුපසින් තීරණ ගන්න වෙනත් කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවාද කියන ප්‍රශ්නයත් ඒ තරම්ම වැදගත්.
මට නම් හිතෙන්නේ රටකට අවශ්‍ය වෙන්නේ නොපෙනෙන මහ මොළකරුවන් ගැන කතාන්දර නෙවෙයි. කවුද තීරණ ගන්නේ, කුමන බලතල යටතේද ඒ තීරණ ගන්නේ, ඒවාට වගකියන්නේ කවුද කියලා මහජනතාවට දැනගන්න පුළුවන් පාලන ක්‍රමයක්.
නැත්නම් Deep State එකක් නැති කරන්න ගිහින් තවත් නොපෙනෙන බල කේන්ද්‍රයක් හදාගන්නත් බැරි නැහැ. 😁
//Deep State එකක් නැති කරන්න ගිහින් තවත් නොපෙනෙන බල කේන්ද්‍රයක් හදාගන්නත් බැරි නැහැ. // ඔබතුමා හරියටම හරි . චීනය, වියට්නාමය සහ උතුරු කොරියාව වගේ පාලක පක්ෂය සහ රාජ්‍යය අතර පැහැදිලි වෙන්වීමක් නැති Party State තියෙන්නේ. විශේෂයෙන් චීනයේ සහ වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂය රාජ්‍යය හා සමාජය මෙහෙයවන ප්‍රධාන දේශපාලන බලවේගය ලෙස ව්‍යවස්ථානුකූලවම පිළිගෙන තියනවා. ඔය deep state භීතිකාවට පිළිතුර ලෙස Party State එකක් හැදුනොත් මම හිතන්නේ නැහැ සාර්ථක වෙයි කියලා.
Delete//පක්ෂයක අභ්‍යන්තරයේ කවුරුත් නොදන්නා කුඩා කණ්ඩායමක් ගන්න තීරණ මහජනතාවට පිළිගන්වන්න උත්සාහ කරනවා නම්, ඒකත් ප්‍රශ්න කරන්න ඕනේ නේද?// හැම රජ්යකටම kitchen cabinet එකක් තියනවා. නමුත් ඒවායේත් ප්‍රධානියා චන්දයෙන් පත්වුණ ජනාධිපති. පෙනෙන විදිහට ඔබ කියන්න හදන්නේ ජනාධිපතිටත් උඩින් ඉන්න අධ්‍යාත්මික පන්නයේ නායකයන් ගැන වෙන්න ඕනි.
//විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා කාලයක් තිස්සේ එකම ආකාරයේ කුමන්ත්‍රණ කතා අහන්න ලැබුණාම, සමහරුන්ට ඒවා උපකල්පනවලට වඩා තහවුරු වුණු සත්‍යයන් වගේ දැනෙන්න පුළුවන්.// මේක තමයි දැන් වෙලා තියෙන්නේ . සමහරවිට AI වලින් යමක් අහපුවහම එයා lanka e news එකේ තඩි බොරුවක් evidence හැටියට දෙනවා. Gen Z කාරයෝ මේක ගිලිනවා. source එක ගැන අහන්නෙවත් නැහැ. ඒ තඩි බොරුවට මුලාශ්‍රයක් නැහැ.කාගේ හරි ඔළුවක පැලවුන හිතලුවක්.
ලපපචලපපචලපපචලපපචලපපචලපපච..🤌🤌🖕💩💩🤮🤣😂😲.
ReplyDeleteතාමත් මේ..පච කයිතන් ගොං උත්තගේ...සහ පචේ උපත පච මූලස්ථානය පැලවත්තේ ගොතලා රට පුරාම පචවන...අතේ පැලවෙන අමු කෙබර වලට ආසාකරන අමු ගොං ඩෝබියෝ 🐃🐂🐃 තාමත් ඉන්නවානේ...ඕකුන් තමයි රටේ නියම ශාපේ...🤌🤌
පැලවත්තේ පච නෙලුම් මාවතේ පච සිරිකොතේ පච ඔය හැම පචයක්ම පිළිගන්නේ නැති දවසක ප්‍රතිපත්ති සංසන්දනය කරලා අමල්ට තමන්ගේ පාලකයෙක් පත් කරගන්න පුළුවනි. එහෙම ආවත් ඒගොල්ලෝ සර්වසම්පුර්ණ සදාචාරාත්මක පරිපුර්ණ කියල හිතන්න එපා. අවස්ථාව දෙන්න. බැරිනම් යවන්න පුළුවන් වෙන හැකියාවත් තියාගන්න. රට හදන්න අවුරුදු 30ක් වත් යයි එනිසා දිගටම ඉන්න දෙන්න කියන පචේටනම් අහුවෙන්න එපා.
Deleteහොඳ පෝස්ට් එකක්, නිහඬපාල දැක්ක නේද මෝල් කාන්ත වෙරි මරගාතේ උපාධි සහතික දෙන්න ගිහිල්ල හාන හෑම? ඉස්සර ඒකාලේ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ගෙන් උපාධිය ගන්ඩ බෑ කියලා පොලවේ පස් කාගෙන විලාප ගහපු එවුන් දැන් කිසිම අවුලක් නැතුව වෙරි මරගාතේ අත් කොට කමිස ඇදගෙන එන හරි හමන් අධ්‍යාපනයක් නැති උද්ඝෝෂණ විතරක්ම කරලා තියෙන වෘත්තීය හෝ ඇකඩමික් මලපොතේ දැනුමක් නැති බීපු එවුන්ගෙන් කිසි අවුලක් නැතුව උපාධි සහතිකය ගන්නවා නේද.....ඒකාලේ jvp එකේ උන්ගේ බණ අහපු එවුන්.....අනේ පවු 😀
ReplyDeleteවිපක්ෂයේ ඉන්නකොට විනය සදාචාරය ගැන කථා කරන බොහෝ දෙනෙක් ආණ්ඩු බලය ලැබෙන කොට විනාස වෙනවා.
Deleteඑක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාතාලය සමග සබඳතා ඔබතුමා ලියා නැත්තේ ඇයි ? උදාහරණයක් වශයෙන් මහින්ද කහඳගම හෝ ගෝනවල සුනිල් , සෑහෙන ලොකු ලිස්ට් එකක් තිබෙනවා . පාතාලය සමග සබඳතා ප්‍රධාන දේශපාල පක්ෂ විසින් පටන් ගැනීම තමයි එකරුමයට මුල . නැත්නම් ඩඩ්ලි ලගේ කාලේ ඔයිට වැඩිය බොහොම හොඳයි . මහත්මා දේශපාලනයට තිත තිබ්බේ සමගි පෙරමුණ ආණ්ඩුව කාලයේ ඉඳන්
ReplyDeleteඔව් අජිත් මහත්මයා මම බොහොම යන්තමින් තමයි දක්ෂිණාංශික පාතාලය ගැන කිව්වේ. මොකද ඒක අපි දන්න දෙයක්
Delete// පස්සේ කල්ලි. ආයුධ. දේශපාලන සම්බන්ධතා.සොත්ති උපාලි, ජුල්ලම්පිටියේ අමරේ,බැද්දගානේ සංජිව.//එහෙම ලිව්වේ ඒකට.
කහඳගම පාතාල God Father කියල දන්නේ ඊයේ. ඊට ඉස්සර මිනිහ මහ නොන්ජල් පොරක් නේ. මට හිතෙන්නේ මිනිහ ඇල්ලුවේ මහමොලකරයා අල්ලගන්න ලේසි වෙන නිසා.