Saturday, August 2, 2025

අනාවැකිය 2

 


නාඩි බලන්න ගියපු විස්තරය පහුගිය ලිපියෙහි සටහන් කරා.අපේ නෝනා ඉතින් තවමත් කව්රුහරි හමු උනහම නාඩි ගැන එයාගේ විස්තරය කියවනවා. ඒක  ඉතින් ටිකක් තාරබර ඇරලා ගන්න ඕනේ වුනත් අපේ හිතමිත්‍ර සමාගම  අතරෙහි මේක ප්‍රචලිතවෙලා. අතීතයේ නාඩි බලපු අයයි අපේ නෝනගේ තොරණේ විස්තරය අහලා ගියපු අයයි දැන් ගොඩක්  ඉන්නවා.

 90 ගණන් වල නාඩි බලපු කෙනෙකුට එයා විවාහ වෙන පුද්ගලගේ නම නීවෑරිදිවම කියලා තිබුනා වෙනකොට එහෙම මංගල යෝජනාවක්වත් ඇවිත් තිබිලා නැහැ. විවාහය ප්‍රමාද කෙනෙකුගේ විවාහ වෙන වයස දරුපල හරියටම කියලා තිබුනා

වර්තමානයේ ඉතා සීමිත පිරිසක් දන්නා කාරණාවක් විශේෂයෙන් කුඩා දරුවෙක් සම්බන්දයෙන් කියවුනා.

තව ඉතින් අපේ මිත්‍රයන්ට කියපු අනාවැකි ගැන දැනගන්න පුළුවනි තව අවුරුදු 5කින් 6 කින්. හැම කෙනාගේම වගේ අතීතය සහ වර්තමානය 90% හරි.මේවගේ හරියට කියවුණු අය අතර මගේම සහෝදරයට නාඩිය වැඩ කරේ නැහැ.

 You Tube  මාධ්‍යයේත් නාඩි  පිලිබඳ සිංහල මෙන්ම විදේශීය ජාතිකයින් නාඩි අහන හැටි බලන්න පුළුවන්. කාලයකට ඉස්සර රන්දික විජේසිංහ කියන You Tube කරුවා රාමුව නාලිකාවෙන් නාඩි පිලිබඳ මධ්‍යස්ථ වැඩසටහනක් කරා.

 නාඩි  හරියට කියවුන අයද වැඩි, වැරදුන අයද වැඩි, කියලා ඇහුවොත් සංඛ්‍යාත්මක උත්තරයක් දෙන්න අමාරුයි.

නාඩි  ගැන කතාකරනකොට ඒක අනාවැකි කලාවේ (විද්‍යාවේ) කොතැනක ස්ථාපනය කරන්න පුලුවනිද කියලා පහත සටහනෙන් හොයාගන්න පුළුවන්. මේක යම් ප්‍රමාණයකට දියුණු ශාස්ත්‍රයක්.


ප්‍රධාන වර්ගය උදාහරණ 
🌀 විධිමත් අනාගත අනාවරණ ක්‍රම - බටහිර ජ්‍යෝතිෂය- ඉන්දියානු ජ්‍යෝතිෂය- නාඩි ජ්‍යෝතිෂය- චීන ජ්‍යෝතිෂය- හස්ත රේඛා- අංක විද්‍යාව - Western Astrology- Indian Astrology- Nadi Astrology- Chinese Astrology- Palmistry- Numerology

🔮 අධි මානසික / ආත්මික හැඟීම් භාවිතා කිරීම - මානසික කියවීම්- මාධ්‍ය මඟින් මලවුන්ගෙන් කියවීම- Crystal Ball Gazing - Psychic Readings- Mediumship- Crystal Ball Reading
🗝️ රහස්‍ය හා ජනප්‍රිය ජන විශ්වාස (Folk & Cultural Mysticism) - ඔරාව කියවීම- අල්කෙමි- සිහිනය විවරණය- වාස්තු ශාස්ත්‍රය- ෆෙන්ග් ෂුයි - Aura Reading- Alchemy- Dream Interpretation- Vastu Shastra- Feng Shui
🪷 ආධ්‍යාත්මික වර්ධන (Mystical Growth Tools) - චක්‍ර ශක්තිය- කුණ්ඩලිනි ඇරඹුම- ආශිර්වාද / ශාප- මන්ත්‍ර / යන්ත්‍ර - Chakra Energy- Kundalini Awakening- Blessings / Curses- Mantra / Yantra
🔍 සැක සහිත ක්‍රම (Performative or Questionable) - අකුරු විශ්ලේෂණය- ඇඟිලි සලකුණු අනුව- දාදු කැට - Letter Analysis- Fingerprint Predictions- Dice Readings (Daadu Keta)
🕸️ අබිරහස් සම්ප්‍රදාය (Occult Traditions) - ගුප්ත සංකේත- අඳුරු ශාස්ත්‍ර / බ්ලැක් මෙජික් - Secret Symbols- Occultism / Black Magic



නාඩි  කියන දෙමළ වචනයේ තේරුම ගලායන ස්වභාවය වගේ එකක් .(“channel,” “stream,” or “flow”) ජෝතිෂ්‍ය අනුව flow of life or destiny වගේ තේරුමක් දෙනවා.නාඩි විශ්වාසයන්ට අනුව ශාස්ත්‍රය පටන් ගන්නේ මහා ඍෂි වරුන් ගෙන්. අගස්තියා Agastya ඍෂි තුමන්ට අමතරව තවත් අය ගැන සඳහන්. ඒවායින් බිහිවුන නාඩි ශාස්ත්‍රය වෙනම දැකගන්න හැකියි.

 

 

අගස්තියා ඍෂි

 

 

 

නාඩි විශ්වාසයන්ට අනුව මේ ශාස්ත්‍රය ලියවෙන්නේ අගස්තියා ඇතුළු ඍෂි වරුන් විසින්. වර්තමානයේ දැකගන්න පුළුවන් තල් පත් වල තියෙන්නේ Vatteluttu කියන පුරාණ  දෙමළ භාෂාවට සම්බන්ධ අකුරු වලින්. නිසා නාඩි කියවනකෙනා මේ අකුරු ඉගනගැනීම වැදගත්. තමිල්නාඩුවේ පාරම්පරික පවුල් කීපයක්  මේ අකුරු ඉගනගෙන තමයි නාඩි කියවන්නේ. මේ ඍෂිවරු ඉඳලා තියන කාලවකවානුව ක්‍රි පුර්ව  1200 තරම් ඈතකට යනවා.

 

Vatteluttu



දැන් මේ ඉතිහාසය පිරික්සා බැලීමේදී ඒක  දෙමළ  ජාතිකත්වය විසින් ටිකක් උත්කෘෂ්ටය  නංවලා කියල තේරෙනවා (ජාතිවාදය නෙමෙයිඕනෙම ජාතියකට ජාතිකත්වයක් තියනවා සිංහලයා තමයි මේක ජාතිවාදය  කියලා පටලවාගෙන කටයුතු කරන්නේ)

අගස්තියා ඍෂි සම්බන්ධ බවට සැලකෙන වේද පවා ග්‍රන්තාරුඩ වෙන්නේ පසුකාලයක. එහෙම කාලයක අවුරුදු දහස් ගණනකට ඉස්සර vetteluttu නෙමෙයි වෙනයම් ලිඛිත  භාෂාවක්වත් තිබ්බද කියල සැකයි. vetteluttu කියන අකුරු භාවිතා වෙන්නේ දෙමළ  බ්‍රාහ්මීය අක්ෂර වලිනුත් පස්සේ..ඊළඟට අගස්තියා ඍෂි තුමා දෙමළ  ජාතිකයෙක් කියලා කියන්න උත්සහ කරනවා. එතුමා දෙමළ ව්‍යාකරණයේ පියා කියලා කිව්වත් එහෙම පොතක් හොයාගන්න නැහැ  (Agattiyam)

 මේ ලියවිලි වල භාෂාව vatteluttu අනුවත්  තල්පතක ආයු කාලය අනුවත්  වයස ක්‍රි   ගණනින් කිවහැකි වුවත් ක්‍රි පු වෙන්න බැහැ . මේවායේ C 14 කාලනිර්නයකට ලක්කළ බවට පදනමක් ඇති  සාක්ෂිත් නැහැ.

 මධ්‍යස්තව ගත්තොත් මේ ශාස්ත්‍රය මතුපිටට එන්නේ සිද්ධ ශාස්ත්‍රය ඇසුරු කරගන වගේ කියලයි හිතෙන්නේ. සමහරවිට මේ ශාස්ත්‍රය දැනගෙන හිටිය යෝගින්ගෙන් ඉගනගෙන වඩා පුළුල් පිරිසකට අදාළව  ලිව්වා වෙන්නත් පුළුවනි. කොහොමටත් මුළු ලෝක ජනගහනයටම නාඩි පත්‍ර නැහැ. පුරාණ  ඍෂිවරු පස්සේ කාලයක නාඩි අහන්න එන අය  දැනගෙන පත්‍ර විතරක් ලිව්වා කියලා තමයි කියන්නේ.

 

කාල සටහන

ක්‍රි.පූ. 1500–1200                අගස්ත්‍ය මහා ඍෂි.  උතුරු   ඉන්දියාවෙන් දකුණට ගිය බව විශ්වාස කෙරේ.

ක්‍රි.පූ. 1500–1000               වේද  දේශනා (මුළුමනින්ම වාචික)    සන්ස්කෘත භාෂාවෙන් වාචිකවම පවතින වෙද: රිග්, ඍජු ,

ක්‍රි.පූ. 1000–600                  අවසන් වේද  කාලය / උපනිෂත් කාලය ලිවීමේ පද්ධතියක් තවම නැත;                                                       වාචික උගන්වීම් පවතිණි.

ක්‍රි.පූ. 563–483                     ගෝතම බුදුන් ජීවිතය    මාගධි ප්‍රාකෘත භාෂාවෙන් දේශනා කළේය.

ක්‍රි.පූ. 300                             වේද  ලිවීම ආරම්භ වේ      

ක්‍රි.පූ. 268–232                    අසෝක රාජ්ජුරුවන්ගේ රාජධානිය බෞද්ධ ධර්මය පැතිරීම. බ්‍රාහ්මී හා                                                       ඛරෝෂ්ඨි ලිපි භාවිත වේ.

ක්‍රි.පූ. 250                             අසෝක ලිපිබ්‍රාහ්මී ලිපි භාවිතය ඉන්දියාවේ සහ ලංකාවේ පළමු ලිවීමේ                                               සාක්ෂිය.

ක්‍රි.පූ. 247                             මහින්ද හිමියන් ශ්‍රී ලංකාවට පැමිණීම  තෙරවාද බුද්ධ ධර්මය රටට ඇතුළු වීම.

ක්‍රි.පූ. 29                               ත්‍රිපිටක ශ්‍රී ලංකාවේ ලියවීම (අලුවිහාරය)   බෞද්ධ ග්‍රන්ථ පළමු වරට ලියවීම.

ක්‍රි.. 3–4                             වෙල්ලෙට්ටු ලිපි ආරම්භවේ දෙමළ-බ්‍රාහ්මී වලින් උරුම ලැබූ පටන්ගත් ලිපියකි.

ක්‍රි.. 5–12                           වෙල්ලෙට්ටු ලිපි ව්‍යාප්ත භාවිතය දෙමළනාඩු, කේරළය තුළ භාවිත කෙරේ.

ක්‍රි.. 10–13                          නාඩි වාක්‍ය පත්‍ර ලිවීම, වෙල්ලෙට්ටු භාවිතයි.

ක්‍රි.. 1858                           බ්‍රිතාන්‍ය රාජ්‍යයඉන්දියාවේ පාලනය අරඹයි  පාර්ලිමේන්තු පාලනය.

1947–1948                           ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ස්වාධීන වේ  ඉන්දියාව — 1947, ලංකාව — 1948.

 

 

Vaitheeswaran Koil

 

     

දැන් මේ නාඩි  වාක්‍ය ඇසු  නො ඇසූ අය  කරන සමහර විවේචන වලංගු නැහැ . ඒවා ප්‍රාථමික විවේචන. හොරු ඇති නමුත් මේකේ යම් විමසා බැලිය යුතු ශාස්ත්‍රයක්. ඒවගේ විවේචන කීපයක් පහත තියනවා මට හිතෙන්නේ ඒවායේ පදනමක් නැහැ.

 1.මමත් යාලුවෙකුගේ අවශ්‍යතාවයක් නිසා මිනිහගේ තනියට ගියේ ,ගියාට පස්සේ මොකද්ද කියලා බලාගන්නත් එක්ක මටත් මේක අහන්න වුවමනා වුනා. මගෙනුත් ප්‍රශ්න වගයක් අහගෙන ගියා ඒත් ඉන් එකකටවත් මට දෙන්න වුන උත්තරය තමයි නෑ ,ඊට පස්සේ කිව්වා ඔයාගේ පොත තාම ඇවිත් නෑ ආවම කෝල් එකක් දෙන්නන් කියලා ,ඊට හරියටම සති දෙකකට පස්සේ එහෙම කියපු මනුස්සයගෙන් මට ෆේස්බුක් රික්වෙස්ට් එකක් ඇවිල්ලා තිබුනා, ඉතින් තව මොන කතාද මම ගියේ නෑ 🤣

2.මෙතැන වෙන්නේ බොරුව ..මම උන්ව ඇන්දුවා. මගෙන් අහන ප්‍රශ්න වලට එක පාරක් එක පිලිතුරක් දීලා,තව පාරක වෙන පිලිතුරක් දුන්නා. ප්‍රශ්න 200ක් විතර අහලා ඒ ප්‍රශ්න වලින්ම අපේ නම,ගම,තාත්තා අම්මාගේ නම හදාගන්නවා. හැම මේසයක් පිටිපස්සේ එක් කෙනෙක් හොරෙන් අපේ ප්‍රශ්න ගලපලා විස්තරේ හදාගන්නවා. හැංගිලා ඉන්න කෙනාගෙන් විස්තරේ ගන්න ඕන නිසා ආයේ ඇතුල් කාමරයට ගිහින් තව ole leaves set එකක් එක්ක අපි ගැන විස්තර ගලපපු පිටිපස්සේ හැංගිලා උන්නූ කෙනා හදපු කොලේත් හොරෙන් තියාගෙන අපේ නම ගම කියනවා. විශ්වාසය දිනාගත්තට පස්සෙ අනිත් ඒවා අනාගත තොර්තුරු.. ඒවා ඉතින් ඕන කෙනෙකුට කියන්න පුලුවන්නේ අතින් පයින් දාලා.🌹🌹🌹

ඊට අමතරව ඇඟිලි සලකුණ අනුව විස්තර රජයේ වෙබ් අඩවියකින් සොයගන්නවය එහෙම නැත්නම් investigators දාලා තොරතුරු ගන්නවය වගේ වෙන්න බැරි දේවල් වල තර්ක ගොඩනගන අයත් ඉන්නවා.

 නාඩි  හරියන්න යම් සාධක ටිකක් බලපානවා. හරියටම තමන්ගේ නාඩි පත්‍රයම සොයාගැනීම වැදගත්. මේකට නාඩි කියවන්නා හොඳ Vatteluttu  විශේෂඥතාවයක් තියෙන්න ඕනේ. නැතිනම් මුළු තල පත්‍රයම කියවන්නේ වැරදියට.

 දැනට තියන කරුණු අනුව නාඩි  වාක්‍ය විසින් තමන්ගේ අතීතය හොඳින් විස්තර කරනවා.නමුත් අනාගතය තරමක පැටලිලි සහගතව තමයි ලියවෙන්නේ.නාඩි කියවන්නා ඉන්දියානු ජෝතිශ්‍රය හොඳින් හදාරලා නම් කේන්ද්‍රය බලාගෙන අනාගතය කියනවා වෙන්නත් පුළුවන් . එත් උපන්දවස විතරක් දැනගෙන වෙලාවක් නොදැන හරිම කේන්ද්‍රය කියන එකම වටිනාකමක් එකතු කරනවා.

 

නාඩි  වාක්‍ය හරිනම් එය දාර්ශනික ගැටළු වලටත් මගපාදනවා. ඒවායින් සමහරක්

🧭

Free Will vs Determinism

නිදහස් කැමැත්තය සහ අනිවාර්යභාව

ජීවිතය දැනටමත් ලියලා තියෙනවා නම්, මට නිදහස් කැමැත්තක් තියෙනවද?

Time  loop

කාල තරණය                                                            

 

පසුව උපන් මම ගැන ඍෂි වරයෙකු පෙර ලියවීමක් කළේ කෙසේද?

Biometric knowledge 

ජෛවමිතිය  පෙර දැනීම

 

 මගේ ඇඟිලි සලකුණු පෙර දැනීමක් සිදු කළේ කෙසේද?ඇඟිලි සලකුණ කියන එක ලෝකය පුරා වර්තමානයේ අනන්‍ය ලක්ෂණයක් ලෙස දකිනවා. නමුත් ඒක  අතීතයේ දීම  සටහන්වෙලා ඉවරයි

Karma vs Scripted Fate

කර්මය සහ ලියවුනු දෛවය                

 

කර්මය මගින් ජීවිතය වෙනස් කළ හැකිනම්, ලියවුනු වාක්‍ය සත්‍යද

Observer Effect Paradox

නිරීක්ෂක බලපෑම්

 නාඩි කියවීමෙන්  පසුව මගේ මනසට දෛවයට වෙනසක් වෙනවාද ?

 

 

මේවා ඉතින් මොලයට ගැට වැටෙන ප්‍රශ්න. නාඩි  වාක්‍ය බොරුවක් කියලා සරලම හිතුවොත් මේ ගැට නැහැ. නාඩි  වාක්‍යවලින් ස්වායක්තවත් free will, observer paradox,  karma, fate  ගැන විද්‍යාත්මක ලෝකයේත් කතාවෙනවා. මේවා ගැන හිතනවා නම්  මොළයට  ව්‍යායාමයක් වශයෙන් විශේෂයෙන් dementia  වළක්වාගන්න හොඳයි.

 පසුගිය ලිපියට අජිත් මහත්මයා ලියලා තිබුනා quantum ලෝක සම්බන්ද අදහසකින් මේවා පැහැදිලිකිරීමක් කරන්න ගන්න උත්සහයක්. ඒක  එක උපකල්පනයක් වශයෙන් වැදගත්

 නාඩි වාක්‍ය ගැන තවදුරටත් පරීක්ෂණ වෙනවානම් හොඳයි. ඒක කරන්න පුළුවන් ඉන්දියානු විශ්වවිද්‍යාල, මේක නොකරන්නේ ඇයිද කියන එක ගැටළුවක්. ආගමික මතවාද වලට බයේ කියල තමයි මට නම් හිතෙන්නේ.මේක දෙපැත්ත කැපෙන ආයුධයක් වගෙ නිසා නිකරුණේ  වියදම් කරන්න හොඳ නැහැ. පරිස්සමින් භාවිතා කරන්න ඕනේ.බුදු හාමුදුරුවොත් නක්කත්ත ජාතකයේ “අත්තෝ අත්තස්ස නක්ඛත්තං – කින් කරිස්සන්ති තාරකා? කියලා දේශනා කරානේ 

  හැබැයි මගේ නිහඬ අදහස වෙන්නේ පෙරදිග විද්‍යාවන් ගැන තව හොඳ අධ්‍යනයකින් තොරව මිසක් සම්පූර්ණ බැහැර කිරීමක් නොකළ යුතු බවයි .


No comments:

Post a Comment