නාඩි
බලන්න ගියපු විස්තරය පහුගිය ලිපියෙහි සටහන් කරා.අපේ නෝනා කව්රුහරි හමු උනහම නාඩි ගැන එයාගේ විස්තරය කියවනවා. ඒක ඉතින්
ටිකක් තාරබර ඇරලා ගන්න
ඕනේ වුනත්, අපේ හිතමිත්‍ර සමාගම අතරෙහි
මේක ප්‍රචලිතවෙලා. අතීතයේ නාඩි බලපු
අයයි, අපේ නෝනගේ තොරණේ විස්තරය අහලා ගියපු අයයි, දැන්
ගොඩක් ඉන්නවා.
වර්තමානයේ
ඉතා සීමිත පිරිසක් දන්නා කාරණාවක් විශේෂයෙන්
කුඩා දරුවෙක් සම්බන්ධයෙන් කියවුනා.
තව ඉතින් අපේ මිත්‍රයන්ට කියපු අනාවැකි ගැන දැනගන්න තව අවුරුදු 5කින් 6 කින් පුළුවනි. ඒ හැම කෙනාගේම වගේ අතීතය සහ වර්තමානය 90% හරි.මේවගේ හරියට කියවුණු අය අතර මගේම සහෝදරයට නාඩිය වැඩ කරේ නැහැ.
නාඩි ගැන
කතාකරනකොට ඒක අනාවැකි කලාවේ
(විද්‍යාවේ) කොතැනක ස්ථාපනය කරන්න පුලුවනිද කියලා පහත සටහනෙන් හොයාගන්න පුළුවන්. මේක යම් ප්‍රමාණයකට දියුණු ශාස්ත්‍රයක්.
ප්‍රධාන වර්ගය | උදාහරණ | |
---|---|---|
🌀 විධිමත් අනාගත අනාවරණ ක්‍රම | - බටහිර ජ්‍යෝතිෂය- ඉන්දියානු ජ්‍යෝතිෂය- නාඩි ජ්‍යෝතිෂය- චීන ජ්‍යෝතිෂය- හස්ත රේඛා- අංක විද්‍යාව | - Western Astrology- Indian Astrology- Nadi Astrology- Chinese Astrology- Palmistry- Numerology |
🔮 අධි මානසික / ආත්මික හැඟීම් භාවිතා කිරීම | - මානසික කියවීම්- මාධ්‍ය මඟින් මලවුන්ගෙන් කියවීම- Crystal Ball Gazing | - Psychic Readings- Mediumship- Crystal Ball Reading |
🗝️ රහස්‍ය හා ජනප්‍රිය ජන විශ්වාස (Folk & Cultural Mysticism) | - ඔරාව කියවීම- අල්කෙමි- සිහිනය විවරණය- වාස්තු ශාස්ත්‍රය- ෆෙන්ග් ෂුයි | - Aura Reading- Alchemy- Dream Interpretation- Vastu Shastra- Feng Shui |
🪷 ආධ්‍යාත්මික වර්ධන (Mystical Growth Tools) | - චක්‍ර ශක්තිය- කුණ්ඩලිනි ඇරඹුම- ආශිර්වාද / ශාප- මන්ත්‍ර / යන්ත්‍ර | - Chakra Energy- Kundalini Awakening- Blessings / Curses- Mantra / Yantra |
🔍 විශ්ලේෂණ ක්‍රම (Performative or Questionable) | - අකුරු විශ්ලේෂණය- ඇඟිලි සලකුණු අනුව- දාදු කැට | - Letter Analysis- Fingerprint Predictions- Dice Readings (Daadu Keta) |
🕸️ අබිරහස් සම්ප්රදාය (Occult Traditions) | - ගුප්ත සංකේත- අඳුරු ශාස්ත්‍ර / බ්ලැක් මෙජික් | - Secret Symbols- Occultism / Black Magic |
නාඩි කියන
දෙමළ වචනයේ තේරුම ගලායන ස්වභාවය වගේ එකක් .(“channel,”
“stream,” or “flow”) ජෝතිෂ්‍ය
අනුව flow of life or
destiny වගේ තේරුමක් දෙනවා.නාඩි විශ්වාසයන්ට අනුව ශාස්ත්‍රය පටන් ගන්නේ මහා ඍෂි වරුන් ගෙන්. අගස්තියා Agastya ඍෂි තුමන්ට අමතරව තවත් අය ගැන සඳහන්.
ඒවායින් බිහිවුන නාඩි ශාස්ත්‍රය වෙනම දැකගන්න හැකියි.
අගස්තියා මහා ඍෂි
Vatteluttu
දැන් මේ ඉතිහාසය පිරික්සා බැලීමේදී ඒක දෙමළ ජාතිකත්වය විසින් ටිකක් උත්කෘෂ්ටය නංවලා කියල තේරෙනවා.(ජාතිවාදය නෙමෙයි,ඕනෙම ජාතියකට ජාතිකත්වයක් තියනවා සිංහලයා තමයි මේක ජාතිවාදය කියලා පටලවාගෙන කටයුතු කරන්නේ)
අගස්තියා මහා ඍෂි සම්බන්ධ බවට සැලකෙන වේද පවා ග්‍රන්තාරුඩ වෙන්නේ පසුකාලයක. එහෙම කාලයක අවුරුදු දහස් ගණනකට ඉස්සර vetteluttu නෙමෙයි වෙනයම් ලිඛිත භාෂාවක්වත් තිබ්බද කියල සැකයි. vetteluttu කියන අකුරු භාවිතා වෙන්නේ දෙමළ බ්රාහ්මීය අක්ෂර වලිනුත් පස්සේ.ඊළඟට අගස්තියා ඍෂි තුමා දෙමළ ජාතිකයෙක් කියලා කියන්න උත්සහ කරනවා. එතුමා දෙමළ ව්‍යාකරණයේ පියා කියලා කිව්වත් එහෙම පොතක් හොයාගන්න නැහැ (Agattiyam)
කාල
සටහන
ක්‍රි.පූ. 1500–1200
අගස්ත්‍ය මහා ඍෂි. උතුරු ඉන්දියාවෙන්
දකුණට ගිය බව විශ්වාස කෙරේ. |
ක්‍රි.පූ. 1500–1000
වේද දේශනා
(මුළුමනින්ම වාචික) සන්ස්කෘත
භාෂාවෙන් වාචිකවම පවතින වෙද: රිග්, ඍජු , |
ක්‍රි.පූ. 1000–600 අවසන්
වේද කාලය
/ උපනිෂත් කාලය ලිවීමේ පද්ධතියක් තවම නැත; වාචික උගන්වීම් පවතිණි. |
ක්‍රි.පූ. 563–483 ගෝතම බුදුරජාණන්වහන්සේගේ ජීවිතය.මාගධි
ප්රාකෘත භාෂාවෙන් දේශනා කළේය. |
ක්‍රි.පූ. 300 වේද ලිවීම ආරම්භ වේ |
ක්‍රි.පූ. 268–232 අසෝක රාජ්ජුරුවන්ගේ
රාජධානිය බෞද්ධ
ධර්මය පැතිරීම. බ්රාහ්මී හා ඛරෝෂ්ඨි ලිපි භාවිත වේ. |
ක්‍රි.පූ. 250 අසෝක ලිපි
— බ්රාහ්මී ලිපි භාවිතය ඉන්දියාවේ
සහ ලංකාවේ පළමු ලිවීමේ සාක්ෂිය. |
ක්‍රි.පූ. 247 මහින්ද හිමියන්
ශ්‍රී ලංකාවට පැමිණීම තෙරවාද
බුද්ධ ධර්මය රටට ඇතුළු වීම. |
ක්‍රි.පූ. 29 ත්‍රිපිටක ශ්‍රී
ලංකාවේ ලියවීම (අලුවිහාරය) බෞද්ධ
ග්රන්ථ පළමු වරට ලියවීම. |
ක්‍රි.ව. 3–4 vetteluttu ලිපි
ආරම්භවේ දෙමළ-බ්රාහ්මී වලින් උරුම ලැබූ පටන්ගත් ලිපියකි. |
ක්‍රි.ව. 5–12 vetteluttu ලිපි
ව්‍යාප්ත භාවිතය දෙමළනාඩු, කේරළය තුළ භාවිත කෙරේ. |
ක්‍රි.ව. 10–13 නාඩි වාක්‍ය
පත්‍ර ලිවීම, vetteluttu භාවිතයි. |
ක්‍රි.ව. 1858 බ්‍රිතාන්‍ය රාජ්‍යය
— ඉන්දියාවේ පාලනය අරඹයි පාර්ලිමේන්තු
පාලනය. |
1947–1948 ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ස්වාධීන වේ ඉන්දියාව
— 1947, ලංකාව —
1948. |
Vaitheeswaran Koil
2.මෙතැන වෙන්නේ බොරුව ..මම උන්ව ඇන්දුවා. මගෙන් අහන ප්‍රශ්න වලට එක පාරක් එක පිලිතුරක් දීලා,තව පාරක වෙන පිලිතුරක් දුන්නා. ප්‍රශ්න 200ක් විතර අහලා ඒ ප්‍රශ්න වලින්ම අපේ නම,ගම,තාත්තා අම්මාගේ නම හදාගන්නවා. හැම මේසයක් පිටිපස්සේ එක් කෙනෙක් හොරෙන් අපේ ප්‍රශ්න ගලපලා විස්තරේ හදාගන්නවා. හැංගිලා ඉන්න කෙනාගෙන් විස්තරේ ගන්න ඕන නිසා ආයේ ඇතුල් කාමරයට ගිහින් තව ole leaves set එකක් එක්ක අපි ගැන විස්තර ගලපපු පිටිපස්සේ හැංගිලා උන්නූ කෙනා හදපු කොලේත් හොරෙන් තියාගෙන අපේ නම ගම කියනවා. විශ්වාසය දිනාගත්තට පස්සෙ අනිත් ඒවා අනාගත තොර්තුරු.. ඒවා ඉතින් ඕන කෙනෙකුට කියන්න පුලුවන්නේ අතින් පයින් දාලා.
ඊට අමතරව ඇඟිලි සලකුණ අනුව විස්තර රජයේ වෙබ් අඩවියකින් සොයගන්නවය එහෙම නැත්නම් investigators දාලා තොරතුරු ගන්නවය වගේ වෙන්න බැරි දේවල් වල තර්ක ගොඩනගන අයත් ඉන්නවා.
නාඩි හරියන්න යම් සාධක ටිකක් බලපානවා. හරියටම තමන්ගේ නාඩි පත්‍රයම සොයාගැනීම වැදගත්. මේකට නාඩි කියවන්නා හොඳ Vatteluttu විශේෂඥතාවයක් තියෙන්න ඕනේ. නැතිනම් මුළු තල් පත්‍රයම කියවන්නේ වැරදියට.
🧭
Free Will vs
Determinism නිදහස් කැමැත්තය සහ අනිවාර්යභාව - |
ජීවිතය දැනටමත් ලියලා තියෙනවා නම්, මට නිදහස් කැමැත්තක් තියෙනවද? |
Time loop කාල තරණය
|
පසුව උපන් මම ගැන ඍෂි වරයෙකු පෙර ලියවීමක් කළේ කෙසේද? |
Biometric
knowledge ජෛවමිතිය පෙර
දැනීම |
මගේ
ඇඟිලි සලකුණු පෙර දැනීමක් සිදු කළේ කෙසේද?ඇඟිලි සලකුණ කියන එක ලෝකය පුරා වර්තමානයේ අනන්‍ය ලක්ෂණයක් ලෙස දකිනවා. නමුත් ඒක අතීතයේ
දීම සටහන්වෙලා
ඉවරයි |
Karma vs
Scripted Fate කර්මය සහ ලියවුනු දෛවය |
කර්මය මගින් ජීවිතය වෙනස් කළ හැකිනම්, ලියවුනු වාක්‍ය සත්‍යද? |
Observer
Effect Paradox නිරීක්ෂක බලපෑම් |
නාඩි
කියවීමෙන් පසුව
මගේ මනසට දෛවයට වෙනසක් වෙනවාද ? |
මේක දෙපැත්ත කැපෙන ආයුධයක් වගෙ නිසා නිකරුණේ වියදම් කරන්න හොඳ නැහැ. පරිස්සමින් භාවිතා කරන්න ඕනේ. නක්කත්ත ජාතකයේ “අත්තෝ අත්තස්ස නක්ඛත්තං – කින් කරිස්සන්ති තාරකා? (“කාරණය ඉෂ්ට වේ නම් එයම නැකතය. නැකත් තරුවලට කුමක් කළ හැකිද?) කියලා දේශනාවක් තියනවනේ.
හැබැයි මගේ නිහඬ අදහස වෙන්නේ පෙරදිග විද්‍යාවන් ගැන තව හොඳ අධ්‍යනයකින් තොරව මිසක් සම්පූර්ණ බැහැර කිරීමක් නොකළ යුතු බවයි .
කෝවිඩ් වලින් පස්සෙ පෙරදිග අවිද්‍යාවන් ගැන විතරක් නෙමෙයි බටහිර විද්‍යාව ගැන, දෙවියො ගැන පවා මගේ අදහස් වෙනස් වුනා. කැමති කෙනෙකුට , මානසිකව වැටුනු වෙලාවකට හිත හදාගන්න ඔව්වා තිබුනට මගේ අකමැත්තක් නෑ,
ReplyDelete//නාඩි වාක්‍ය ගැන තවදුරටත් පරීක්ෂණ ......ඉන්දියානු විශ්වවිද්‍යාල, පරීක්ෂණ නොකරන්නේ ඇයිද//
හ්ම්....කාබා පල්ලිය, සිරීපාදෙ සීල් කරල තියන හේතුවම වෙන්ටෑ?
බස්සා මහත්මයාගේ අදහස් වෙනස් වුනාට කුතුහලය තියනවනේ? එකනේ අඩුමගානේ කියවලා බැලුවේ. 😇. මේක ගැන පරීක්ෂණයක් කරනවා කියන්නේ ඇත්ත නැත්ත හොයලා ගන්නවටත් වඩා ගැටළු ඇතිකරන දෙයක් වෙයි. මිලියන ගණනක් මිනිස්සුන්ගේ සංස්කෘතියත් එක්ක තමයි ගැටෙන්න වෙන්නේ.කොයිම ආගමක් එක්ක වුනත් පරිස්සමින් තමයි වැඩ කරන්න වෙන්නේ.
Deleteඔව්, ඔව් කුතුහලය තියනව. මගේ මතය වුනත් ගලේ කොටපු එකක්මත් නෙමෙයි. ඔබේ අත්දැකීම දිගටම කියන්න. අපි අහල හිතෙන දේ කියන්නම්.
Delete//දැන් මේ නාඩි වාක්‍ය ඇසු නො ඇසූ අය කරන සමහර විවේචන වලංගු නැහැ . ඒවා ප්‍රාථමික විවේචන. හොරු ඇති නමුත් මේකේ යම් විමසා බැලිය යුතු ශාස්ත්‍රයක්. ඒවගේ විවේචන කීපයක් පහත තියනවා මට හිතෙන්නේ ඒවායේ පදනමක් නැහැ.// මෙහෙම ලීවහම ඔබතුම පැත්තක් ගත්තා වෙනවා . ඒ විවේචන එයාල දැකපු විධිහනේ . ඒවත් පිළිගන්න ඕනේ . හැම අත්දැකීමක්ම එකතු කරලල අවම වශයෙන් 1000 වත් තියෙන්න ඕනේ අපට යම් උපකල්පනයක් (hypothesis ) එකක් ගොඩ නගන්න . ඊට පස්සේ තව පර්යේෂණ කාල තහවුරු කරන්න ඕනේ . ඔබ හොඳ විස්තරයක් හොයල ලියල් තිබෙනවා .
ReplyDeleteවිවේචන පිළිබඳව නෙමෙයි සමහර විවේචන වලට පදනමක් නැහැ. දැන් ඔය ගමේ සාස්තර හරි පේන බලන තැනට වගේ එල්ලකරන විවේචනය මෙතනට වලංගු නැහැ. ඔව්, ඔයවගේ නියැදි දහස් ගණනක පරීක්ෂණයක් කරන්න පුළුවන් ආර්ථික වගේම තාක්ෂණික ශක්තියත් තියන විශ්වවිද්‍යාල ඉන්දියාවේ තියනවා. නොකරන හේතු ඇති. ස්ථානියව කාබන් නිර්ණය වගේම retrospective දත්ත නියැදියක් මත කරන්න බැරිකමක් නැහැ.ඒකෙන් අපිට මේකේ mechanism එක හොයාගන්න බැරිවුනත් අඩුම ගණනේ මේ අනාවැකි හරිද වැරදිද කියලා බලන්න පුළුවනි.
Deleteබෞද්ධ දේශනා වල කර්ම විපාක වලට අනුව ඔබේ අනාගතය වෙනස් නිසා ඉදිරිය ගැන අනාවැකි කියන්න බැහැ . ඔබ හොඳින් බැලුවොත් ඔවුන් සුවිසේෂි ප්‍රශ්න වගයක් අහනවා . ඒ ඒ ප්‍රශ්නයට පිළිතුරු දුන් ආකාරය අනුව ඔබේ අනාගතය වෙනස් වෙන නිසා .
ReplyDeleteBlock Universe theory මගින් ටිකක් විතර අපිට මේවගේ ගැටළු විසදගන්න පුලුවන්ද? අජිත් මහත්මයට මේවා ගැනත් quantum ලෝකය ගැනත් ආයෙත් ලිපියක් ලියන්න පුලුවන්නම් හොඳයි. ගියවර දීලා තිබුන සමහර ලින්ක් වලින් ඒ ලිපි වලට යන එක අවහිරවෙලා තිබුණා . මේවා ගැන හිතන පාඨක පිරිසකුත් ඉන්නවා.
Deleteමම මිට අවුරුදු 15 කට විතර කලින් පොඩි ආගමික / අධ්‍යත්මික ගවේෂණයක නිරත වෙලා හිටියා ..
ReplyDeleteනිහඬපාල සමහර විට ඒ ගැන කියාවල නැතුව ඇති .
වෙලාවක ගිහින් බලන්න ..
https://biththiya.blogspot.com/2014/11/blog-post.html
https://biththiya.blogspot.com/2014/11/2.html
මට ඔය කාලේදී සෑහෙන වෙනස් අත්දැකීම් තියෙන අයව ආශ්‍රය කරන්න ලැබුනා .
අපි කවුරුත් ජිවිතේ හම්බවෙන හැමෝම කියන දේවල් විස්වාස කරන්නේ නැහැනේ .
ඒ වගේම කාලයක් යනකොට අපිට ජ්විතේ විස්වාස කල හැකි කියල කිහිප දෙනෙකුත් හම්බවෙනවා .. අපි ඒ අයව විස්වාස කරන්න පටන් ගන්නවා .
මට එහෙම විස්වාස කරන්න පුළුවන් ගුරුවරයෙක් ඉන්නවා . එතුමාගේ අදහස් හා අත්දැකීම් ඇත්ත කියල මම එහෙම විස්වාස කරනවා .
නාඩි වාක්‍ය ගැන නොවුනත් , අපිට නොදැනෙන බලවේග යක්ෂ හෝ දේව / භූත වගේ සම්බන්ධ තා තියෙන මිනිසුන් , ඔවුන් අතර දැනුම හුවමාරු වෙන හැටි ගැන කතා මම අහල තියෙනවා . ඒ අර මම විස්වාස කරන අයගෙන් . ඉතින් මට මේ ගැන හිතෙන්නේ විශ්වයේ තියෙන දැනුම එක එක විදියට ටච් වෙන අය මේ ලෝකේ ඉන්නවා ..
අපේ තියෙන සීමිත දැනුමෙන් ඒවා හරි හෝ වැරදි කියල කියන්න තාම බැහැ ... මම ඒවා හරි කියල හිතන , නමුත් මගේ එදිනෙදා ජිවිතේට අතේ / කකුලේ දුරට වඩා ලං කරගන්නේ නැතුව ඉන්නේ ..
ඔබගේ ගවේෂණය ඉතා හොඳයි .. බ්ලොගර් වලට බ්ලොග් එක ගෙනාපු එකට ස්තුතියි ..
පැතුම්ගේ අදහස් දැක්වීම අගය කරනවා. පරණ ලිපි තියන ඒවගේ link දාන හැමෝටම ස්තුතියි. වෙලාවක් අරගෙන කියවන්න ඕනේ. භෞතිකවාදයෙන් මිදුනහම ලෝකයේ තියන බොහෝ දැනුම් පද්ධතීන් ගැන විවෘත මනසකින් බලන්න පුළුවන්. අවාසනාවකට මට තවම එහෙම විශ්වාසී පුද්ගලයෙක් ගුරුවරයෙක් මුණගැහිලා නැහැ.සමහරවිට කෙනෙක් අවබෝධයෙන් ලබන ඥාණය වෙනකෙනෙකුට සම්ප්‍රේෂණය කරන එකම ලේසි නැහැ.
Deleteපැතුම්ගෙ ලිපි දෙකම කියෙව්වා. දෙවැනි ලිපියේ සාකච්චාව....😮😊😁
Deleteපැතුම් මගේ භෞතික වාදියෙකු මරණින් මතු ජිවිත ගැන පර්යේෂණ කල හැටි ලිව් ලිපි පෙලටම කියවමින් හොඳ සහයෝගයක් දුන්න මතකයි . ඔයගේ ලිපි දෙකත් ආයේ කියෙව්වා. කුරුන් කුරුන් හාමුදුරුවෝ එක්ක ගිය වලියත් මරු . මම ඉතින් තවමත් නිරාගමිකයෙක් හෙවත් බැඳීම් නැති කෙනෙක් . මේ නාඩි වාක්‍ය දිහා වුනත් බලන්නේ ඒ විධිහට . සමහර විට ආයේ ලංකාවට ගියහම් බලන්න ඕනේ මාව ගනීවිද කියල .
Deleteපැතුම් මහත්මයාගේ ලිපිදෙකම කියෙව්වා. මිට වසර 10පෙර වෙච්ච සංවාදය අපූරුයි. පැතුම්ගෙයි අජිත්ගෙයි සහභාගී වූ අනිත් අයගෙයි කොමෙන්ට් බලන්න ආයේ යන්න වෙනවා. සංවාදය අවුරුදු කීපයක් ඇදිලා තියනවා වගේ. බාලසූරිය මහත්මයා ගැන අහලා තියනවා. කියවලා නැහැ.නිරාගමිකද ආගමිකද කියලා වෙනසක් නැතුව අපි හැමෝම මොනවාහරි හොයාගෙන යනවා කියලා නම් මට තේරෙනවා.
Deleteකොහොමද වදේ පළ වෙනකල් බලා හිටිය මේ ලිපිය මට මිස් වුණේ කියලා හොයා බලද්දී තමයි අහු වුණේ- මගේ බ්ලොග් රෝලේ මේ අඩවිය update වෙලා නැති විත්තිය. එක පස්සේ හරි ගස්සන්නං.
ReplyDeleteහොඳ වෙලාවට පැතුම් හිතවතා බිත්තියේ මේ post එකේ link එක දාල තිබ්බේ. (මෙන්න පැතුම්- ඒ වෙනුවෙන් ඔයාට විශේෂ ස්තුතියක්.)
නිහඬපාල මහත්තයෝ. කාලයක් තිස්සේ හිතේ පැසවමින් තිබුණු ප්‍රශ්න කීපෙකට උත්තර ලැබුණා ඔයාගේ post එකෙන්. ඒත් දෙයියනේ ඒ වගෙ තුන් හතර ගුණයක් ප්‍රශ්න අලුතෙන් මතු වෙච්චි එකනේ වැඩේ කියන්නේ.
ඒකට වෙනම ස්තුති කරන්න ඕනි- ඔයාට සහ comments එවල තියෙන හැමෝටම.
අපි හෙමිහිට ප්‍රශ්ණ විසඳගමු. පහුවෙලා හරි ඇවිත් බලලා සටහනක් දැම්මාට ස්තුතියි
Delete