සයිගොන්
වලට එද්දී අපි දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් වෙලා. අපේ නෝනා ආපහු ගියා. අකමැත්තෙන්. නෝනා වුනාට එයා නිහඬලතා නෙමෙයි. හඬන ලතා. තරුණ ළමයි දෙන්නෙක් තනියම ගෙදර දාලා අපි මෙච්චර කාලයක් රටින් පිටවෙලා හිටියේ නැහැ. ඒ අයනම් හොදින්.
ඒවුනත් මොන පරම්පරාවේ හරි අම්මා කෙනෙකුට අමාරුයි දරුවෝ දාලා ඉන්න.එයා ගියා මම හිටියා.
සයිගොන්
මට හමුවුණේ නගරයක් විදිහට නෙමෙයි. ඒකාත්මිකව ගලා යන ශබ්දයක් විදිහට.
පාරවල්
දිගේ මෝටර් සයිකල් දහස්
ගණනක්. හරියට නවතින්නේ නැති ගංගාවක රල පාරවල් වගේ.
පාර මාරුවෙන්න
සුදු ඉරි මත නතර වෙලා
හිටපු මට, නගරය හෙමින් කියනවා “නතර වෙන්න එපා… හෙමින් ඉදිරියට යන්න. අපි ඔයාව වට කරගෙන යන්නම්
ඔයා පරිස්සමින් ඉස්සරහටම යන්න පිටිපස්සට පනින්න එපා".මම යනවා. මෝටර්
සයිකල් මාව වටකරගෙන යනවා.එක මොහොතකින් මාව
නීතියකට නෙමෙයි රිද්මයකට යටත් වෙලා.
වාහනවලින්
නැගෙන හෝන් හඬ. ඒක හරියට කුරුල්ලෝ
කිචි බිචි ගානවා වගේ. හරි පුදුම හිතෙයි. අපි හෝන් හඬක් ඇහුනොත් පස්සත් බලලා හොඳ වචන සෙට් එකකින් සංග්‍රහයකුත් කරනවා. වියට්නාමයේ හෝන් කියන්නේ
මම පිටිපස්සෙන් ඔබ පරිස්සමින් වගේ
එකක්.එතන rage නෑ.Respect නැතිකමක් නෑ.කාගෙවත් ego clash එකක් නෑ.හැමෝම එක රිද්මයක් එක්ක ගමන් කරනවා. මෙතන strict lane
discipline එකක් නැහැ.හැමෝම දැනුවත්. ඔබ දන්නවා අනිත් කෙනාගේ move එක.අනිත් කෙනා
predict කරනවා ඔබේ move එක.
ඒක
නිහඬව කරන සන්නිවේදනයක්. අර මනෝ විද්‍යාවේ
තියන Collective
Subconsciousness එක, මේකද කියලා හිතනවා.ඔය මට හිතුන
දේ. හරියටම දත්ත එක්ක බලලා මාර්ග අනතුරු කොහොමද
කියලා බලන එක තමයි හරිම
විදිහ.
Grab කියන්නේ
සයිගොන් වල පහසුම ප්‍රවාහන
app එක. සමහර වෙලාවට $1ටත් අඩුවට ride එකක් යන්න පුළුවන්.
මෝටර්
සයිකල් එකේ
පිටිපස්සට වාඩි වෙලා traffic එක මගහරිමින් යන
එකත් ආතල් .
පොදු
ප්‍රවාහනය කුඩා බස් රථ ජාලයක් සහ
එක subway සිස්ටම් එකක් තියනවා.නමුත් සංචාරකයා පොදු ප්‍රවාහනය ගන්නෙම නැති තරම්.
අපේ
නිදි මේ බ්ලොග් එකට
නිතරම ගොඩ වදින කෙනෙක්. කෑම ගැන පොඩි විස්තරයක් කරන්න කියලා කිව්වා. මම දැකපු දේ
තමා සෛගොන් කියන්නේ කෑම පාරදීසියක්. ඕනෑම කෑමක් තියනවා.
ලංකාවේ රෙස්ටුරන්ට් නම් හම්බවුනේ නැහැ. Mc Donald දැක්කෙත් නැහැ. KFC සහ ස්ටාර් බක්ස්
කෝපි නම්
තිබුනා.වැඩිය නැහැ.
කෑම
වලටත් ප්‍රංශ බලපෑම තියනවා. විශේෂයෙන් පාන්. Banh Mi කියන්නේ
ප්‍රංශ baguette කියන පාන් පොල්ලෙන් ආපු එකක්
. නිල් මකරු ඒක ඔවුන්ගේම
කරගෙන. BanhMi පාන්ගෙඩිය කුඩයි. ඇතුල තරමක මෘදු සැහැල්ලු ගතියක් තියනවා. crust එක තුනී හැබැයි
කර කර ගාලා හැපෙනවා.ප්‍රංශ පාන් ගෙඩියට වඩා මට BanhMi රසයි.
එක ඇතුලට විවිධ දේ දාලා sub එකක්
හැටියට තමයි කන්නේ. අනිත් bakery item එක
croissants. ඒවායේත් රස
වියට්නාමයේදී වෙනස් කරලා.
ඊට
අමතරව විවිධ සුප්වර්ග අත්හදා බැලුවා. Pork Beef තමයි වැඩිපුරම base එක.Phở කියන්නේ ජනප්‍රිය නුඩ්ල් සුප් එකක්. මට නම් ටිකක්
සැර මදි.
සයිගොන්
නගරය රාත්‍රියට අවදියෙන්. ආරක්ෂිතයි.තායිලන්තේ වගේ පාරවල් වල ගණිකාවෝ නැහැ.
Sex industry එක ඒ අය ඉස්සරහට අරන් නැහැ. හොරෙන් හොරෙන් ක්‍රියාත්මක sex industry එකක් තියනවා.මතුපිට නැහැ.Spa නම්
හැමතැනම. සැර බීම ජාති නිදහසේ බොන්න පුළුවනි. කචල් කාරයෝ බේබද්දෝ පෙන්ඩ නැහැ.
මම හිතන්නේ අනික් මත්ද්‍රව්‍යත් ගන්න නැහැ.ඒවාට නීති තදයි. අපි නම් හිතන්නේ නයිට් ලයිෆ් කිව්වහම sex & drugs නේ. ඔන්න එහෙම වෙන්නම ඕනේ නැහැ.
පළවෙනි පොස්ට් එකට කමෙන්ට් කරපු ලලිත් මහත්තයා කියලා තිබ්බා වියට්නාමයේ මිනිස්සුන්ගේ හොඳ. උන්නැහේ එහේ හිටපු කෙනෙක්.ඇත්ත මේ දවස් ටිකට එක මට තේරුණා. ඔවුන් යටහත් පහත් කාරුණික බව. (බෙන් තාන් මාර්කට් එකේ හැර. ඒ මාර්කට් එක හෙට්ටු කරන්නම හදපු තැනක්.)
ඔහොම යනකොට ඔය රටේ යුද්ධයක් තිබ්බද කියලා හිතෙනවා නේද? . නිල් මකරාගේ කඳුළු කතාව. කඳුලුම නෙමයි. දහදිය මහන්සිය වීර්ය ඔය ඔක්කොම ඉතිහාසයේ තදටම ලියැවිලා තියනවා. ඒක අපි වෙනම ලියමු. වෙලාවක් තිබ්බොත් ඇවිත් බලන්න.
ලිපියම රසවත්
ReplyDeleteවාගෙම පොහොසත්
කෙනෙකුට හිතේවි
හැකි නං යන්නත්
'මම පිටි පස්සෙන්
ඔබ පරෙස්සමෙන්'
රිද්මය ඇහෙනව
වාගෙයි සයිගොන්
මගෙ ඉල්ලීමද
ඉටු කරමින් අද
කෑම බීම ගැන
ලිව්වට 'තුති පුද!'
සයිගොන් කුමරිය කඳුළු සැළු හැටි
Deleteකියවමු දැනගමු ඊළඟ ලිපියෙන්...
හරිම අපූරු විස්තරයක්. කෑම ගැන ලියපු ටිකත් නියමයි. උත්සහාවත් සහ බුද්ධිමත් ජාතියක්. අර විදෙස් දේ තමන්ගෙ කරගෙන තියෙන විදිහ ලස්සනයි.
ReplyDeleteඋපායශීලි මිනිසුන්. අවි ආයුධ වලින් කරන යුද්ධෙ වගේම ආර්ථික යුද්ධයේත් අපූරු උපායමාර්ග අනුගමනය කරන්නේ.
Deleteජීවන වියදම අඩු රටක් හැටියට තමයි අහලා තිබුනේ. මගෙත් FB එකේ මිතුරියක් ඉන්නවා. මුලදිම කිව්වා politics ගැන නම් කතාකරන්න එපා, මම කැමති නෑ කියලා. ඒක ඇඟවීමක් කියලයි මට හිතුනේ.
ReplyDeleteසංචාරකයෙක්ට politics ගැන දැනගන්න තියන හොඳම ක්‍රමය TAXI ඩ්‍රයිවර්ලා. අවාසනාවකට බොහෝ අයට හරි හැටි ඉංග්‍රීසි බැහැ. ඒනිසා දේශපාලන අදහස් දැනගන්න බැරිවුණා. භාෂණයේ හා ප්රකාශනයේ නිදහස නැහැ කියලානම් තේරෙනවා.
Deleteසයිගෝන්. යුධ කාලෙත් ගොඩක් සිදුවීම්වලට පාදක වෙච්ච තැනක් බව අහල තියෙ.
ReplyDeleteබයික්වල හෝන් හැම පැත්තෙන්ම වදින එකනම් ශබ්ද දූෂණයක් වගේම කනටත් කරදරයක් නෙ 🙄😐
නමි, ඒ අදහසට එකඟයි. වැදගත්ම දෙයක් අමතක වුනා . ඔන්න වියට්නාමයේ ත්‍රී වීලර් නම් නැහැ. මේ හෝන් කිරිල්ල ලංකාවේ ඉන්දියාවේ වගේ හෝන් එක උඩ වාඩිවෙලා තරහෙන් ගහන එකක් නෙමෙයි. බොහොම කෙටිකාලයකට ගහන එකක්.
Deleteඔය ක්‍රමය හෝන් ගහන්නෙම නැති මෙහෙත් තියනවා. දිගටම "පෑඈ........ඤ්" කියලා ගහන්නෙ, ලොකු වරදක් කලොත් විතරයි. ඒක කනට ගැහැව්වා වගේ. එතකොට "පැ..ඤ්" කියලා ගහන කෙටි හෝන් එක අනතුරු ඇඟවීමක් නිසා අපහාසයක් ලෙස සැලකෙන්නෙ නෑ.
Deleteමහත්වරු, මේකේ පොඩි ගැඹුරක් තියනවා. රටක නීති රීති හෝ වියවුල (Chaos ) වෙනුවට, එතනින් එහාට ගියපු Rhythmic flow එකක්. සිංගප්පූරුව හෝ Dubai ගත්තොත් දැඩි නීති රීති නිසා law & order හැදෙන්නේ. ඒ system එක ඇතුලෙම තියනවා හරිම stress එකක්.හැබැයි safe . ඉන්දියාව වගේ Chaos එකක ඉන්නකොටත් stress. ඒවගේම safe නැති ගතියක් එනවා. ඉන්දියාවේ මිනිස්සු නටන්නේ එකම music එකකටම නෙවෙයි. වියට්නාමයේ law එකකට වඩා එකම music එකකට නටන rhythm එකක් තියෙන්නේ.එතකොට කොට stress අඩුයි.safety සාපේක්ෂව වැඩියි. මම හිතන්නේ බටහිර රටවල් (බස්සා මහත්මයාගේ රට ) තියෙන්නේ individual flow එකක. ඒවගේ රටක silence is Gold කියලා earphone දාගෙන නටනවා.
DeleteMichele Gelfand මේ වගේ අදහස් ඉදිරිපත් කරන cultural psychologist කෙනෙක්. දේශපාලනයේදී වියට්නාමය හැසිරෙන විදිහත් පස්සේ වැදගත් වෙයි.