කාලෙන් කාලෙට අනාවැකි කරුවෝ බිහිවෙනවා. ලෝක මට්ටමේ බබා වැන්ග සහ නොස්ට්රඩමුස් ( Baba Vanga and Nostradamus) කියලා දෙන්නෙක් හැම අවුරුද්දක්ම ජනවාරි මාසයේ හොල්මන් කරනවා. ලෝකේ කොහේ හරි යුද්දයක් එහෙම නැතිනම් ස්වාභාවික විපතක් උනොත් ඔන්න ඔය දෙන්න ඕක වේලාසනම කියලා තිබ්බ කියලා නටනවා. ලංකාවෙත් අඩුවැඩි වශයෙන් ඔහොම අනාවැකි කාරයෝ ඉන්නවා. සිංහල බෞද්ධ සමාජය විතරක් නෙමෙයි ජෙරමි කියලා කියන පාදිලි උන්නාන්සේත් ඕවට ප්‍රසිද්ධයි.අනාවැකි කාරයෝ සාස්තර කාරයෝ ඉන්නේ ආසියාතික පසුගාමී සමාජවල විතරක් නෙමෙයි.
මිනිසාට පාලනය කරගන්න බැරි අනාගතයක් නිසා ඊළඟ ට වෙන්න තියනදේ ගැන හොයාගන යනවා. විද්‍යාත්මකවත් කාලගුණේ ඉදලා මැතවරණ ප්‍රථිපල ගැනත් අනාවැකි කියනවා. එව්වත් මොන ගණිත මිණිත සුත්‍ර දැම්මත් වරදිනවා.ඊට අමතරව science fiction කියන්නෙත් එක්තරා ආකාරයක අනාවැකි.
Arthur C Clarke කියන්නේ අනාගත ආශ්චර්යයන් ගැන හීන දැකපු කෙනෙක්.එහෙම වැරදුනහම අපි හිනාවෙන්නේ නැහැ.සමච්චල් කරන්නේ නැහැ.
විද්‍යාත්මක වගේම අනෙකුත් කේෂ්ත්‍ර වලත් හොරු බොරු කාරයෝ අනාවැකි කියනවා.ආසියාතික විද්‍යාවන් ඔප්පු කරගන්න අමාරු නිසාත් ඒවායේ තියන ඉන්ද්‍රජාලික ස්වභාවය නිසාත් හොරු බොරු කාරයෝ වැහිවැහිලා.
මේ කියන පෙරදිග අනාවැකි බහුලවම පුද්ගල කේන්ද්‍රීය ඒවා.
මම අවුරුදු දහතුනක් විතර කාලයේදී තමයි කොවුර් ගේ දෙවියෝ සහ භූතයෝ කියන පොත කියෙව්වේ. ඒවුනත් තරුණ වයස වෙද්දීම දැඩි භෞතිකවාදී දැක්ම මට නැතිවුණා.
කේන්දර වගේ දේවල් පස්සේ යන එක නම් අඩුයි.
දැන් අවුරුද්දක වගේ ඉඳලා අපේ බිරින්දෑ එකපාරටම අනාවැකි කාරයෝ ටිකක් පස්සේ යන්න ගත්තා. මමත් එයා පිටිපස්සේ ටිකක් ඉන්නවා මොකද ඔය නෝනා ඔයවගේ ඒවාට ගියහම තමන්ගේ මොලයේ තියන STOP, PAUSE, ENOUGH කියන බොත්තම් ටික අමතක කරනවා. මම ඉන්නේ ඕවා මතක්කරලා දෙන්න. මගේ නව යොවුන් දියණියත් මේකට සෙට් වුණා. ඒගොල්ලෝ මතුපිටින් කිව්වේ ඇත්ත නැත්ත බලන්න යනවා කියලා. ඇත්තටමත්
එහෙම වෙන්න ඇති. මොකද අනාගතය ගැන මහා භයානක තත්වයක් නැහැ. ඔය හැමෝටම තියන අවිනිශ්චිතතාවය නම් තියනවා.
ඔන්න ඔහොම තමයි අපිත්, ළඟම
හිත මිත්‍ර පිරිසකුත්, නාඩි වාක්‍යම් බලන්න යොමුවුණේ. අපි හැමෝම COLD
READING කියන එක ගැන හොදින් දන්නවා. ඒක
නිසා සුදානමින් තමයි ගියේ.
සතියේ දවසක කොළඹ ඉන්නකොට උදෙන්ම ඇහැරිලා 7.30 විතර වෙනකොට බම්බලපිටියේ හරස්පාරක තියන නාඩි කියන ස්ථානය හොයාගෙන අපි ගියා. කිසිම පේවිමක් සුදානමක් නැහැ. කේන්දර වල ඩිජිටල් කොපියක් තිබුනා. එකපාරටම හදුනාගන්න අපහසු පරණ ගොඩනැගිල්ලක කුඩා දොරකින් ඇතුළු වෙලා පඩි පේලියක් නැගල පටු කොරිඩෝවකට ඇතුල්වුණා. අම්මෝ එතකොටත් සෑහෙන
පිරිසක් එතන. සිංහල වගේම දෙමළ
පෙනුම තියන අයත් හිටියා. දිගට ප්ලාස්ටික් පුටු දාලා තිබුනා. ඒ පුටුවක කෙනෙක් වාඩි
උනහම යන්තම් තව කෙනෙකුට ඉස්සරහින් යන්න පුළුවන්. මම හිතන්නේ 100ක් විතර ඉන්න ඇති.
මුලින් කිව්වා වගේම cold reading වලට අහුවෙයි කියලා හිතපු නිසා අපි එතන හිටපු කිසිම කෙනෙක් එක්ක කතා කරේ නැහැ. ඒ තියා අපි තුන්දෙනා වත් එකිනෙකාට කතාකරේ නැහැ. මෙතැනදී විශේෂම දේ තමයි අපි සමාජ මාධ්‍ය
වන face book ඉන්ස්ටග්රම් X
වගේ ඒවා පාවිච්චි කරන්නේ නැතිවීම. ඔය මගුල් අපි අයින්
කරලා දැම්මේ දැන් අවුරුදු 10කට විතර ඉස්සර. අලුතින් අපේ දුවවත් එවැනි account පාවිච්චියක් නැහැ.
උදේ 8 විතර වෙනකොට පෝලිම හෙමින් එකා දෙන්නා කොරිඩෝවේ කෙලවර පොඩි තට්ටු නිවාසයක සාලයක් වගේ කෑල්ලකට
ඇතුළුවුනා . හින්දු දේව රූප
තිබුනත් කෝවිලක ස්වභාවයක් තිබුනේ නැහැ. පාවහන් නම් ගලවලා තමයි ඇතුල්වුනේ.ඒක
ඉතින් අපි ගෙදරකට ගියත් කරනවනේ.එතන මේසයක් ළඟ කොළ
කෑලි තිබ්බා අපට වුනේ ඒ කොළ මත ඇගිළි
සලකුණු තියන්නේ . පිරිමි කෙනෙක් නම් දකුණු අතෙත් ගැහැණු නම් වම අතෙත් මහපට ඇඟිලි සලකුණු කරන්න
කියලා උපදෙස් දුන්නා. ඒ එක්කම උපන්දිනය දින මාස වර්ෂ වශයෙන් සටහන් කරගත්තා. මතක හැටියට කොළ දෙකක.
ඕකෙන් පස්සේ අයෙත් වාඩිවෙලා පැය
භාගයකට විතර පස්සේ දෙමළ
හෝ මලයාලම් කියලා කියන්ඩ පුළුවන් මහත්තයෙක් උපන් දින කතා කරා . එහෙම තමන්ගේ උපන්දිනය කථා කරහම අර කොලයක් අපිට ආපහු දෙනවා. එකේ එන්න ඕනේ වෙලාව සටහන් කරලා. අපේ නෝනට 10.30 ට උන්දැට බෝම සතුටුයි. මගේ නාඩි නැහැ. කොළයේ
මාස තුනකට විතර පස්සේ දිනයක් සටහන් කරලා. කිව්ව විදිහට මගේ පත් ඉරුව ඉන්දියාවේ ප්‍රධාන කෝවිලේ තමයි තියෙන්නේ. ගේන්න මාස තුනක් යනවා. හ්ම්ම් සාධාරනයි. අපේ දියණිය මෙතැන දැවටෙන්නේ භෞතිකවාදිනියක් විදිහට. එයා අම්ම අප්පච්චිගේ සුළු හෝ අතපසුවීමක් වෙන්න පුලුවන්ද කියලා නිරීක්ෂණය කරනවා.
ඔහොම කරලා අපි උදේට කන්න ගියා. ළඟ පාත කන්න තැනක් තිබුනේ නැහැ. ටිකක් ඈතක majestic city හරියෙන් තෝස
කාලා 10.30 වෙනකොට ආවත් තවත් පැයක්
විතර ගියා අපිව ගන්න. එතකන් මතකනේ නෝ කතා නෝ සිනා.
අනාවැකි කියන්න ඇතුළු වුනේ ඉතා කුඩා ටිකක් අඳුරු වායු සමීකරණය කරපු කාමරයකට. ඉන්දියානුවෙක් එතන වාඩිවෙලා
හිටියා.
සුදු ඇඳගෙන හිටියත් පුසාරී කෙනෙක්ගේ පෙනුම තිබ්බේ
නැහැ.ඊට
අමතරව translator එතන හිටගෙන ඔහු කලිසම් කමිස ඇඳගෙන.
අපි වාඩිවුණා. නාඩි කියවන්නා අපි දිහා එතරම් උවමනාවකින් බලුවෙනැහැ. ඔහු යොමුවෙලා හිටියේ ඔහු ඉදිරියේ තිබුන පුස්කොල පොත් කිහිපයකට.දැනටමත් ඔවුන් නාඩි
අහන්නේ ගැහැනියද
පිරිමියාද ඔහු හෝ ඇයගේ උපන්දිනය මොකක්ද කියන එක
දන්නවා. ඊට පස්සේ තමාගේ නම මවගේ නම හා පියාගේ නම කියන අවස්ථාව . මේක පොඩි filter එකක් වගේ හරි නම් හරි කියන්න කියලා කියාගෙන යනවා ( භාෂාව දෙමළ ? ) අතරමැද අපේ මුහුණු බලන ස්වභාවයක් නැහැ. අපේ නෝනා නිතරම භාවිතා කරන නම කියවුනහම අම්මත් තාත්තගෙත් නම් කියන්න පටන්ගත්තා. එහෙම නම් තුනක්ම හරි යන්න මේ trial and
error අවස්ථා 10 ක් විතර ගියා. (Name Dropping?) අපේ නෝනා කිව්වේ හරි නම් හරි කියලා විතරයි. අපේ භෞතිකවාදී දුවත් සාක්කියට හිටියා. ඔහොම 10වෙනි පත් ඉරුව හරියටම කිව්වම filter කරන episode එක ඉවරයි. ඉන් පස්සේ අර දෙන්න අර තෝරගත්ත පත් ඉරුවත් අරගෙන කාමරයෙන් එළියට
ගිහින් තවත් පුස්කොල පොතකුත් අරගෙන ආපි.මතක තියාගන්න අපි තවම නො කතා නො සිනා. මෙතනට එනකන් ඒ අය
මේක පටිගත කරන්නේ නැහැ. අපිට පටිගතකරගන්න බාධාවක්
නැහැ.
ඉන් පස්සේ තමයි හරි අනාවැකි පටන්ගන්නේ ඒ ටික පටිගත කරලා අපිට දෙනවා. පරණ බලපු අය
කිව්වේ CD
එකක් කියලා. වර්තමානයේ නම් pendrive එකකටත් එහෙම නැත්නම් whatsapp මාර්ගයෙනුත් ගෙන්න පුළුවන්. (තවම අපි දුරකථන අංකයක් දුන්නේ නැහැ ඒක
අවසානයට කරන දෙයක් )
නාඩි වල පරිච්චේද තියනවා එයින් පළමුවන පරිච්චේදය හැමෝටම කියනවා. ඉතුරු ඒවායින් කීපයක් අපි තෝරා ගන්න ඕනේ.
මෙතන ඉදන් අපි කිසිදෙයක්
කතා කරන්න ඕනේ
නැහැ. ඔවුන් කියාගෙන යනවා. කේන්දරය කොටු රාශි ලග්න ටික ඔවුන් කියාගෙන යනවා. අපි ළඟ තියන
වනම් කේන්දරය හරිද කියලා cross check කරගන්න පුළුවන්.
පලවෙනි පරිච්චේදයේදී අපේ නෝනට හරි ගියපු ඒවා කිව්වොත්
තමන්ගේ නම, මව පියාගේ නම්, ස්වාමියාගේ නම, සහෝදරියන් හෝ සහෝදරයින් කීදෙනෙක් සිටිනවාද යන්න ,දරුවන් ගණන, ජීවත්වන්නේ ලංකාවෙන් පිටත බව, උගත් බව, උපාධියක්ද ඩිප්ලෝමාවක්ද යන්න ,
දැනට රැකියාව කරන බව හෝ නොකරන බව, දරුවන්ගේ අධ්‍යාපනය ,කොටින්ම කිව්වොත් රැකියාව පාර්ට් ටයිම් කියලත් කියපි. ඇගේ
අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් වගේම මගේ අධ්‍යාපනය සුදුසුකම් හා රැකියාවත් කිරිගහට කිව්වා කියලා කියන්න පුළුවන්. කේන්දරයත් හරියටම රාශි කොටු පිහිටවලා කිව්වා.
අපේ බිරින්දෑ තෝරාගත් තවත් පරිච්චේදයක් තමයි පෙර ආත්මය එකනම් අපිව හිනා ගැස්සුවා. උන්දැගේ පෙරාත්මය ගෙවිලා තියෙන්න ලංකාවේ පුත්තලම පැත්තේ කියලා තමයි කියවුනේ. එයා හිතාගෙන හිටියේ එයා ඉන්දියාවේ රූමත් කුළ කාන්තාවක් කියල කියයි කියලා.
ඔන්න ඔය විදිහට නාඩි
වාක්‍යම් අපිව ටිකක්
විතර පුදුමයට පත්කරා. ඒක
හින්දම අපේ භෞතිකවාදී දුවත් මේක අහන්ඩ කැමැත්තක් ආවා.
අපේ පවුලේත් හිත්මිතුරන්ගේත් නාඩි පිලිබඳ අත්දැකීම් තවත් 15 පමණ තියනවා. ( මගේ නාඩියත් මේ මෑතකදී ඇහුව)
ඔය අත්දැකීමුත් , මේ ගැන නිහඬවම හොයලා බලපු දේවලුත් ටිකක් විමර්ශනාත්මකව තව ලිපියකින් කථා කරමු. එතකන් නාඩි හොයාගෙන යන්න කලබලවෙන්න එපා.දැනටමත් නාඩි අහලා තියනවනම් අදහස් බෙදා ගන්නවා නම් සතුටුයි.
නාඩි ගැන අහල තියනවා. පෞද්ගලික අත්දැකීම් නැහැ. මට මතක, මානසිකව වැටුනාම, ජීවිතේ තීරණාත්මක මංසන්දියක වැට උඩ ඉන්න කොට, ඔය සාත්තර, කේන්දර පස්සෙ ගිය බව විතරයි. බාගදා හරිත් ඇති, ඒත් සමස්තයක් වශයෙන් ප්‍රයෝජනයක් නෑ කියල හිතෙනවා.
ReplyDeleteපෝස්ට් එක නම් එක හුස්මට කියෙව්වා. ලියල තියන විදිහ මරු. හෙහ්,හෙහ් නෝනගෙ STOP, PAUSE, ENOUGH බටන්.🤣😋😁
ඇත්ත, අපි බොහෝදුරට මේවා පස්සේ යන්නේ කරදරයක් වුනහම. එතනට ඇවිල්ලා හිටපු අයගේ මුහුණුවල තිබ්බ ආතතිය දැක්කනම් සාස්තර කියන වැඩේ මටත් කරන්න පුළුවන් කියන හැගීම ආවා. ඒවුනත් ඕවා ගැන කුතුහලයෙන් හොයන පිරිසකුත් ඉන්නවා.නෝනලාට නිතරම මතක් කරන්න ඕනේ අපේ ලිමිට් එක. එහෙම නැතිනම් ඕවාට නිකම්ම සල්ලි පූජා කරනවා.
Deleteඅර කෝල්ඩ් රීඩින් චාට් එක නියමයි. ලිපිය දිග වුනත්, මට නං අල්ලලා ගියා. ඕක අහලා කැමති දෙයක් විස්වාස කලත් කමක් නෑ, දිගටම ඕව පස්සෙ ගිහින් මුදල් නැති කර ගන්නෙ නැත්නම්.
ReplyDeleteඑක පාරක් ඩුබායි වලදී, එහෙ රස්සාවක් කරන පාට් ටයිම් ඉන්දියන් පූසාරියෙක්, තව ඉන්දියන් පවුලක් හරහා හමුවුනා. මට අපලයි කිව්වා. දහස්වර ජීවම් කරපු මුදු දෙකක් ගත්තා. එකක පොඩි දියමන්තියක්. ඒක ගන්න කලින්, කඩෙන් ණයට අරගෙන , කොට්ටෙ යට තියලා නිදාගෙන බලන්න කිව්වා, නපුරු හීන පේනවද කියලත්.
මතක විදිහට, මුදු දැම්මට දේසෙ-බාසෙ වෙනස් කලාම මුලදී ලෙසටම කෙලවුනා. දැන් මුදු දෙකම පෙට්ටියක තියනවා.
ඒක තමයි, ඕනෑම දෙයක් ඕනාවට වඩා හොඳ නැහැ. මුදු නම් මංගල මුද්දත් COVID වලින් පස්සේ ගලවලා දැම්ම, නිතරම අතහෝදන නිසා.
Deleteඑහෙන් මෙහෙන් පොඩි මොබයිල් පින්තූර දෙක තුනකුත් දැම්ම නං තමා වටින්නෙ. තෝසෙ කඩේ වුනත් කමක් නෑ, එතකොට පොඩි හුරු-පුරුදු ගතියක් එනවා. ඒ වගේම දිග ලිපි කියවන්න අකමැති අයට බෝර්ං ගතියත් නැති වෙනවා.
ReplyDeleteඅදහසට ස්තුත්යි අපේ පවුලේ ෆොටෝ memories ටිකක් අඩුයි. කොහොම වුනත් මට කියන්න ඕන වුණේ මෙතන ලඟම කන බොන තැනක් නැහැ. ඒවගේ තිබුනානම් fishing risk (ඇමක් දාන) අවදානමක් තියනවා. ඔය සමහර පේන කියන තැන වල වගේ.
Deleteහිනා වෙන්නද අඬන්නද කියල හිත ගන්න . මම අවුරුදු දහයකට දොළහකට කලින් ගිය මාර්ගයක ඔබතුමා යනව කියල පේනවා . ඔතනට ගියා මගේ යාළුවෙක් නිසා . මට කියන්න බැහැ කීව කිසි දෙයක්. මගේ යාළුව කියනවා මම බුද්ධගයා ගිය හින්ද හෝ මම ඕව විශ්වාස කරන්නේ නැහැ කියල එයාල දන්නා නිසා කියල . මම මේ ලිපි පෙළක්ම ලිව්වා . භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි -එකොළොස්වන කොටස
ReplyDeleteහිනා වෙන්නද අඬන්නද කියල හිත ගන්න බැහැ -- කියලා ලියවෙන්න ඕනේ . දැන්නම් ඕව හොයන්නේ නැහැ . ක්වන්ටම් පාටිකල් පැත්තෙන් බැලුවොත් ඒ ගොල්ලෝ අපේම වෙනත් ලෝකයක් ටැප් කරනවා කොහොමහරි . පස්සේ දවසක ලියන්නම් .
Deleteඅජිත් මහත්මයා භෞතිකවාදියෙක් වගේ. මේක ගැන මගේ experience එක තමයි දැනට ලිව්වේ. හැබැයි අදහස තව ලිපියකින් ලියන්න හිතාගෙන ඉන්නවා.අපි ටිකක් විවෘත මනසකින් බලමු. අපි හැමෝම කුතුහලයකින් යුතුයි. විශේෂයෙන් මගේ teenage ළමයි දෙන්නටත් මේ නිසා පෙරදිග ශාස්ත්‍රයන් ගැන exposure එකක් ලැබුණා. ඔවුන් තර්ක විතර්ක කරමින් මේක ගැන හෙව්වා. අන්තිමට බටහිර විද්‍යාවත් ගිහින් නවතින්නේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කියන ප්‍රාථමික මට්ටමේ තැනක නෙමෙයි කියලයි මගේ විස්වාශය.ඉන් ඔබ්බට අවබෝධතා ඥානයක් අවශ්‍යවෙයි. quantum particle ගැන ලියන ලිපිය ඉක්මනටම ලියන්න. අපිව වෙනත් මානයකට ගෙනියන හොඳ ලිපියක් වෙයි.
Deleteනිහඬපාල මහත්මයා මගේ ලිපි පෙළ බැලුවේ නැහැනේ නේද ? තියරියක් හයිපොතිසිස් එක්ක ලෙස ඉදිරිපත් කරලා පරීක්ෂණ, නිරීක්ෂණ කරල ඒක තහවුරු ක්‍රම නිගමනය ලෙස තියරිය ඉදිරිපත් කිරීම අති සාර්ථක ක්‍රමයක් අද දක්වාම . //අන්තිමට බටහිර විද්‍යාවත් ගිහින් නවතින්නේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කියන ප්‍රාථමික මට්ටමේ තැනක නෙමෙයි කියලයි මගේ විස්වාශය.ඉන් ඔබ්බට අවබෝධතා ඥානයක් අවශ්‍යවෙයි// මෙතනට වැටුන ගමන් වෙන්නේ දෙවියෝ ඉන්නවා පරීක්ෂණ නොකලට කියන තැන . ඔය මගේ ලිපි ලීවේ පර්යේෂණ කරලා . මම නියම මීඩියම් ල එක්ක කතා කළා මුදල් නොගෙන . සමහර දේවල් විශ්වාස කරන්න බැරි තරමට ඇත්ත . නමුත් මොකද්ද ඇත්ත ? මටත් පුළුවන් දත්ත ලැබුනහම යම් යම් දේවල් කියන්න .
Deleteඒ දවස් වල ඔතන දුන්නේ කැසට් . ප්‍රශං ගොඩක් අහනව . ඔයා දෙන පිළිතුර අනුව තමා තීරණය වෙන්නේ මොන නාඩි වාක්‍යය ද තෝරා ගන්නේ කියල . ඒ කියන්නේ මම මෙතන මෙහම කලේ , කරන්නේ කියන පිළිතුර අනුව මුළු ජිවිතයම වෙනස් වෙනවා . හැම සුළු සිදුවීමකින්ම ඉස්සරහ තීරණය වෙනවා , එහෙම තමා ඔවුන් හරි එක හොයන්නේ . මේක ටිකක් හරියට ක්වන්ටම් පාටිකල් එක සහසම්බන්ධි වෙලා තියෙන අනිත් පාටිකල් එක හොයනවා වගේ . එහෙම නැත්නම් එහෙම තියන විශ්වයක අපි වගේම තව කෙනෙක් ඉන්න පුළුවන් කියන අදහස මත හොයන්න පුළුවන් .
Deleteඅජිත් කියන දේ සෑහෙන ගත යුත්තක් තියනවා.පොදුවේ මම අත් විඳපු "සාත්තර" කිසිවකින් මගේ ඉදිරි ජීවිතයට රුකුලක් ලැබුනෙ නෑ. ඒ මොහොතේ, යම් "මොරාල් බූස්ට්" එකක් ලැබෙන්න ඇති. මටත් හිතෙනවා මේ අය දක්ශ "සෝෂල් ඉන්ජිනියරින්" උපක්රමවේදීන් කියලා. ඒක එහෙම නං, එතන කෙරෙන්නෙ, මිනිසුන්ගෙ දුක, වේදනාව ආදායම් මාර්ගයක් කර ගැනීම නොවෙයිද?
Deleteලිපි පෙළ බලන්න තවම වෙලාවක් නැතිවුණා. ඒකට ඊළඟ සති අන්තය වෙන් කරන්න ඕනේ. නැහැ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කියල අපි දන්නා විද්‍යාත්මක ක්‍රමය fail වෙනවා කියන්නේ දෙවියන් වහන්සේ ළඟ නවතිනවා කියන එක නෙමෙයි. වෙන ක්‍රමයක් අවශ්‍යවෙනවා යමක් විස්තර කරන්න කියලා. ( මම physics ඉගෙන ගත්තේ AL වලට විතරයි. (ඉතින් මගේ අවිධිමත් දැනුම් පද්ධතියේ තියන දුර්වලතා වලට සමාව දෙන්න. ඒ වගේම නිවැරිදි කිරීම් වලටත් ගොඩක් ඉඩ තියෙනවා ) අපි නොදන්නා දේවල් දෙවියන්ට දාලා විස්තර කරනවා . God particle කිව්වෙත් බටහිර තිබ්බ මේ සංකල්පය නිසා මිසක් ඒ අය ඇත්තටම මේක දෙවියන් ගේ අංශුවක් කියලා හිතල නෙමෙයි.
Deleteඔය Scientific method එක quantum ලෝකයේදී හරියන්නේ නැහැ කියලා තමයි මම අහල තියෙන්නේ. පරීක්ෂණය පටන් අරගෙන නිරීක්ෂණය කරපු ගමන් නිගමනය වෙනස් වෙනවා. double-slit experiment එකේදී වෙන්නේ ඒක නේද? අනිත් අතට අපි නිරීක්ෂණය කරන්නෙම limited sensors වලින්.
ඔන්න ඔතන තමයි අපේ පංචෙන්ද්‍රිය අතික්‍රමණය කරන ඥානයක් අවශ්‍ය වෙන්නේ.
මම වැරදිද මන්දා.
ඔව් බස්සා මහත්මයා කියන එකට මම එකඟයි. හැබැයි සාස්තර කියපුවහම ඒක umbrella term එකක්. අපි ඊළඟ ලිපියකින් ඕක වර්ගීකරණයකට යමු. බහුතරයක් cold reading වලින් පැහැදිලි කරන්න පුළුවනි.හැබැයි අනාගතය යම් පමණකටත් අතීතය බොහොදුරටත් කියන්න පුළුවන් (අ )විද්‍යාවක් තියනවා වගේ පේනවා.
Deleteනිහඬ පාල මහත්මයා සමාවෙන්න මම මේ දන්නා බව පෙන්වනවා නෙමේ . . ඔබතුමා ඩබල් ස්ලිට් පර්යේෂණය ගැන සෑහෙන වැරදි වැටහිමක ඉන්නේ . පර්යේෂණය තමා අංශුන් වල ස්වභාවය සොයා බැලීම . නිරීක්ෂණය තමා අංශුන් එක දිගට එකම ලක්ෂයට වැදීම . නමුත් අපි ඇහින් නොබලන අවස්ථාවක - නිරීක්ෂණය නොකරන වෙලාවක අංශුන් වෙනස් විධ්හට හැසිරෙනවා . හ්වෙඅත් වදින්නේ විසිරිලා . ඉන්පසුව කෙලින් බලන්නේ නැතිව වක්‍රව (අංශුව රවට්ටා බලන කොට ) හොයා ගන්නවා අංශුව තරංගයක් ලෙස හැසිරෙන බව . wave -particle duality හොයාගත්තේ සහ ඒක නිගමනයක් වුනේ එහෙම . නිගමනයක් වෙනස් වුනේ නැහැ . අපි ස්වභාවයී , පරමාණුවේ තව එක රහසක් පර්යේෂණ මගින් නිරාකරණය කර ගත්ත . සයන්ටිෆික් ක්‍රමය ක්වන්ටම් ලෝකයේ හරි යන්නේ නැහැ කියන මතයත් සාවද්‍ය එකක් .
Deleteසාමාන්‍ය අපි කියනවා ක්ලැසිකල් භෞතික විද්‍යාව කියා . එහි නිඉයමයන් ක්වන්ටම් අංශුන්ට බලපාන්නේ නැහැ . ඒ සඳහා වෙනත් නියමයන් සහ සමීකරණ තිබෙනවා
Deleteමේකේ කවන්ටම් සහසම්බන්ධය ගැන ලියල , පරික්ස්හනත් දාල තියනවා . https://kolambagamaya.blogspot.com/2017/11/blog-post.html
Deleteමෙන්න මේ ලිපියේ අපි හැමෝටම ප්‍රති පදාර්ථයක් ඇති නිසා , වෙනත් සමාන්තර විශ්වයක අපි වගේ තව කෙනෙක් සිටිය හැකි බවට තර්ක කරනවා මම . එහෙම ඉන්නවනම් එයාට කනෙක්ෂන් එකක් හද ගන්න පුලුවන්නම් අපේ අතීතය හා අනාගතය ගැන කිව්ව හැකි https://kolambagamaya.blogspot.com/2019/02/blog-post_25.html.
Deleteඅජිත් මහත්මයාගේ දැනුවත් කිරීමට ස්තුතියි. ලිපි ටික ඉක්මනින් බලන්න ඕන. අලුත් ලිපියක් ලියනවනම් තවත් හොඳයි. අපි හැමෝටම දැනුවත් වෙන්න පුළුවන්.
Deleteඩබල් ස්ලිට් පර්යේෂණය ගැන මාත් අහල දැකල තියෙනවා . මම දැක්කා අපි නිරීෂණය කරන්න යොදා ගන්න ආලෝකය හෙවත් ෆොටෝන් නිසා ඔය wave -particle duality එක වෙන්න පුළුවන් කියල කතාවක් ..
Deleteනාඩි බලවගන්නට යන හිතක් නැත
ReplyDeleteතවම නාඩි ගැහෙනා බව නං දැනෙත
ලියා තියෙන දේ නං මරු! කියයි හිත
ඊළඟ කොටස කවදද- ඉවසිලි නොමැත
නාඩි නොබලා කියවා බලා
Deleteඇවිත් නිමලුත් කවියක් ලියා
දුන්න අදහස වටිනා නිසා
ලියවෙයි ලිපිය හෙට හෝ අනිද්දා
ලියැවුණු පසුව 'දෙක' හෙට හෝ අනිද්දට
Deleteඑන්නෙමි ඉක්මනින් එය කියවල යන්ට
අසා තිබුණු මුත් 'නාඩිය' යන්තමට
ඔබෙනි දැනගත්තෙ විස්තර යස රඟට!
.අපේ අප්පච්චි හිටපු පොලිස් නිලධාරියෙක්. එයා ගැන අහපු නාඩි සාස්තරයක ඇත්ත විස්තර කිව්වාලු.මට නම් පෞද්ගලික අත්දැකීමක් නැහැ. ඒ ගැන ලොකු දැනුමක් නැහැ ඒ නිසා
ReplyDeleteනාඩි පිලිබඳ අහපු වගේම අත්දැකපු කතාත් බොහොමයි. ටිකක් විස්මය දනවනවා. මේකේ යාන්ත්‍රනය පැහැදිලි කරගන්න එක තමයි අමාරු.
Deleteමමත් කවද හරි අහන්න යන්න හිතපු තැනක් .. තවම ගිහින් නැහැ අපේ නංගිලා සැරයක් ගිහින් තිබුනා .. එයාලට ඒ වෙද්දී මගේ තිබ්බ කකුලේ අමාරුවක් ගැන කියල තිබ්බා .. ඒ කතාව ඇත්තක් ..
ReplyDelete